Monday, February 7, 2011

කව්ද යකෝ කෝල් කරන්නේ?


මට ප්‍රථම වරට ජංගම දුරකතනයක් ලැබෙන්නේ 2005 වසරේදීය. එකල මම උපේක්ෂාට ට්‍රයි කරන අවදිය වූ බැවින් ඒ ජංගමයෙන් ගත් ප්‍රයෝජන බොහෝය.එකල මාගේ ජංගමය ඉතාමත් කාර්යබහුලය. එය විනාඩි කිහිපයකට සැරයක් හඩනගයි. ඒ උපේක්ෂාගෙන ලැබෙන රින් කටු නිසාවෙනි. එමෙන ඇයත් සමඟ කතා කළ අවස්ථාද බොහෝ විය. ක්‍රමයෙන් රින් කටු වැඩි වන්නට වූ කළ මම ජංගමය නිෂ්ශබ්ධ කර එය දෙදරන පරිදි තැබූවෙමි. නමුත් ඒ ක්‍රමය එතරම්ම සාර්ථක නොවූයේ ජංගමය මේසයක් උඩ ඇති අවස්ථාවන්හීදී දෙදරන්නට ගත් කළ එයින් මහා ශබ්ධයක් නිකුත් වීම නිසායි. ඒ දින වල මාගේ ජංගමය නිතර නිතර නද දීම අපේ නිවැසියන්ගේ සැකයට හේතු වෙමින් තිබිණි. ඒ නිසා මම ජංගමයේ දෙදරීමද නවතා දමා සැරෙන් සැරේට ජංගමය දෙස බලන්නට පුරුදු වුනෙමි.එකල මම නිවසේ සිටින විටදී පවා ජංගමය සාක්කුවේ දමාගෙන සිටියෙමි. ඒ දිනවල මට මහා වේගයෙන් මැසේජ ටයිප් කිරීමේ හැකියාවක්ද තිබිණි. තවකෙක් සමඟ කතාවක් කරන ගමන් මම ජංගමය දෙස නොබලාම මැසේජ ටයිප් කළෙමි. නමුත් ඒ වේගයෙන්ම ජංගමයේ ශේෂයද බැස ගියේය. ඒ එකලය.

මෙකල තත්වය හාත්පසින්ම වෙනස්ය. නමට ජංගමයක් තිබුණත් එයට ලැබෙන ඇමතුමක් නැත. රුපියල් සියයේ කාඩයක් දැමූ විට මාසයක් දෙකක් පමණ භාවිතා කළ හැකිය. මේ ළඟකදී මැසේජයක් ටයිප් කිරීමට ගොස් මට මා ගැනම දුක සිතිණි. ඒ "ඉස්සර කොච්චර ස්පීඩ් එකකින් මැසේජ් ටයිප් කරපු එකෙක්ද මේ" යන්න සිහි වීමෙනි. එදා මට මා පළමු වරට මැසේජයක් ටයිප් කරපු දිනය සිහි විය. අද මම ඒ පළමු දිනයට වඩා පොඩ්ඩක් හොඳය. දැන් මම ජංගමය නිෂ්ශබ්ධ කරන්නේ ගුරුවරුන්ගේ දේශන වලදී පමණි. නමුත් එයද බොහෝ විට අමතක වී යන නමුත් ඇමතුම් නොලැබෙන බැවින් හානියක් නැත. 
ඉතාමත් කලාතුරකින් ඇමතුමක් ලැබෙන අවස්ථාද ඇත. ඒ දුරකතන සංවාද බොහෝමයක් මෙසේය.

මම: හලෝ

එහා පැත්තේ එකා: හලෝ..... චූටි බාප්පා ඉන්නවාද?

මම: කව්ද?

එහා පැත්තේ එකා: චූටි බාප්පා.....සුනිල්

මම: එහෙම කෙනෙක් නෑනේ

එහා පැත්තේ එකා:ඔය බදුල්ලෙන් නෙමෙයිද?

මම: නෑ

එහා පැත්තේ එකා: අහ් නොම්මරේ වැරදිලා

මම: :@

දැන් මිතුරන් හැම දෙනාම පාහේ මූණුපොතේ සිටියි. ඉතින් පණිවිඩ බොහෝවිට හුවමාරු වෙන්නේද මූණුපොත හරහාමය. ඒ නිසා උන්ගෙන් ඇමතුමක් ලැබුණොත් ලැබෙන්නේ කුමක් හෝ හදිසියකදී පමණි. ඒ බව දන්නා මා හැකි ඉක්මනින් ඇමතුමට පිළිතුරු දීමට සෑම විටම උත්සාහ කරයි. ළඟදී සිට මට එක කෙල්ලෙක්ගෙන් ඇමතුම් නිතරම පැමිණෙයි.

දැන් මට ඉස්සර වාගේ නිවසේ සිටින විට ජංගමය ළඟ තබාගෙන සිටීමේ පුරුද්දක් නැත. 
දිනක් මම වැසිකිලියේ සිටින විටදී ජංගමය නාද විය. ඒ ඇමතුම මිතුරෙකුගේ හදිසි ඇමතුමක් විය හැකියැයි සිතූ මා කරමින් සිටි වැඩයද භාගෙට නවත්වා ජංගමයට පිළිතුරු දීමට ගියෙමි. නොදන්නා අංකයකි.

මම: හලෝ
එහා පැත්තෙන් කිසි සද්දයක් නැත
මම:හලෝ
පසුබිම් සංගීතයක් ඇසෙන්නට විය. ඉන්පසු ඉතා මිහිරි කටහඩකින් කෙල්ලෙක්.

මේ නවතම මොබිටල් එම් ටියුන්...............

මට එවෙලේනම් යකා ඇවිස්සිණි. මොබිටල් එකේ @#$%%^%# යැයි සිතිණි :@ මේ කරදරය තාමත් නිමක් නැතිය. මම කුමක් හෝ වැදගත් වැඩක නිරතවී සිටින අවස්ථා වලදීම මේ කෙල්ල මට වද දෙයි. ඒකිගේ ටියුන් එක මට වැඩක් නැතිය. එක්කෝ ඒක මැසේජයකින් එව්වානම් කරදරයක් නැත. මොබිටෙල් එකේ උන්ටත් පිස්සුද මන්දා. ජංගමයක් ගත් දා සිටම භාවිතා කරන අංකය
මාරු කිරීමට ඇති අකමැත්ත නිසා සියල්ල ඉවසාගෙන සිටිමි :(

62 comments:

  1. අපෝ මචෝ ඔය මගුල නම් මතක් කරන්න එපා බං. මහම මහ වදයක්... මමත් දවසක් බස්එකේ මිරිකිලා තෙරපිලා බස්කේ යද්දී කෝල් එකක්... ගත්තා ඉතිං .. උන්ගේ අම්මට... වැඩක් නෑ කියලා...

    මට අවපන් මල්ලී උඹේ නොම්මරේ මම කෝල් කරන්නම්...
    prasanna86knew@gmail.com කෙලින්ම සබ්ජෙක්ට් එකටම නොම්මරේ දාපං මේල් එකේ

    ReplyDelete
  2. ලංකාවේ අපිට නම් ඩයැලොග් ම තමා.... :)]

    ReplyDelete
  3. මටත් එවපන්කො උඹේ නොම්මරේ. මමත් කතා කරන්නම්. පව් පොඩි එකා.
    ‍අනෙක පූසෙක් එක්ක මම කතා කරලත් නෑ මෙච්චර කාලෙකට...

    ReplyDelete
  4. අපෝ මොබිටෙල් එම් ටියුන් නම් මතක් කරන්න එපා. හැමදාම රැවටිලා හෙලෝ කියනවා.

    ReplyDelete
  5. මටත් ඒ කාලෙ ඔය සන්තෑසියම තමා... සමහර දවස්වල රුපියල් 100 කෑලි දාල ඉවරයක් නෑ.
    දැන් කෙල්ලො නැති හින්දද කොහෙද පෝන් එකෙන් කිසි කරදරයක් නෑ.
    එකම කරදරයකට තියෙන්නෙ අර 2030 කියන මඟුලෙන් එන LOVE S.M.S විතරයි.

    ReplyDelete
  6. මට නම් තාම ඔය කෙල්ල එකපාරකට වඩා කතා කලේ නෑ බං.. අපේ අම්මා එක්කනම් හරි ෆිට්.. අම්මට දැන් දෙතුන් පාරක්ම කතා කරා.. අම්මත් ඉතින් කෙල්ලට කෙලින්ම බණින්න යන්නේ නෑ. පව් කියලා.. කොල් එක කට් කරලා මගෙත් එක්ක බණිනවා.. හික් හික්.. :))

    ReplyDelete
  7. ආයෙත් අහලා ...... දු.ක. ට වැඩ තියෙන්නෙ කෙල්ලො නිසා තමයි.... :D ,,, ඉවර උන දාට දු.ක. ලඟ තියන් ඉන්න එකත් මහා දුකක් බන්ස් ..... :-/

    ReplyDelete
  8. අනේ දෙය්යන්ගෙ පිහිටෙන් අපිට ඔය කරදර ඇත්තේම නැත. ඒ හේතු දෙකක් නිසාය

    එක. මං බැඳලා ය
    දෙක. මං ඩයලොග් යැ.

    ReplyDelete
  9. ඔය මොබිටෙල් සින් එක මටත් නා නේ බොලේ...මම හෙන සතුටින් ආන්සර් කොරේ..ඇයි ඉය්හින් මුජු ජීවිත කාලෙටම මට කෝල් ඇවිල්ල ඇත්තේ 4ක් විතර වෙන්න ඇති...කවුද මට කතා කොරන්නේ කියලා බැලුවා...ඉකේයියා....මොබිල්ටෙල් එකේ නැන්දා කෙනෙක්.... ඉතින් %*(&*#@ :))

    ReplyDelete
  10. අම්මපාඅ.. මටත් උනානෙ ඕකම..... අර කෙල්ලගේ වැඩක් නෑ ඉතින් කියලා.....

    ReplyDelete
  11. මොබිටෙල් එම් ටියුන් කරදරේ නම් සමනලීටත් මහම මහ වදයක් උනා.... බැරිම තැන සමනලී ඒ නොම්බරේ සේව් කරලා රින්ග් ටෝන් එකකුත් assign කලා. දැන් රින්ග් වෙද්දිම දන්නවා ඒ මොබිටෙල් එකේ අක්කා කියලා. ඉතින් ෆෝන් එක දිහාවත් බලන්නේ නෑ... වෙන මොනා කරන්නද??

    ReplyDelete
  12. අපිට අදාල නැත.

    ReplyDelete
  13. @සෝරෝ: ඒ වුනාට අපි ළඟ තියෙන්නේ වැදගත් නොම්මරයක් හරිය :p

    ReplyDelete
  14. @kumaraya2030න් ලව් SMS? ඒ මොකක්ද බං මට එහෙම එකක් එන්නේ නෑනේ :-/

    ReplyDelete
  15. @චතුවා (ළමයා):උඹේ වෙලාව හොඳයි ඕකිට අහු වුනොත් ආයේ ගැලවෙනවා බොරු :))

    ReplyDelete
  16. @෴සිතුවිලි෴: ඒ වුනාට බං කෙල්ලව සෙට් වෙන්නත් කලින් ඉඳන් තිබ්බ දු.ක අයින් කරන්න පුළුවනැ කෙල්ල නැතිවුනා කියලා ;)

    ReplyDelete
  17. @nawammawatha: අනේ වාසනාවන් අයියණ්ඩි! :)
    අපි වගේ උන්ටනම් මේ කරදර තව කොච්චර කාලයක් විඳින්ට සිද්ධ වෙයිද දන්නෙ නෑ :(

    ReplyDelete
  18. @රත්ගමයා: ඒ ලස්සන කටහඩ තියන අක්කණ්ඩිට තෝ නැන්දා කියන්ට එපා හරිය.. මට තරහා යනවා x( මට තරහා ගියාම මම හරි වසයි හොඳේ b-(

    ReplyDelete
  19. @අභීත: හිර කොරන් ඉන්ට එපා අයියේ කියලා දාන්ට :D

    ReplyDelete
  20. @punchisamanalee: හොඳ වෙලාවට කිව්වේ. මම හිතන් උන්නේ එක එක සැරේක එක එක නොම්මර වලින් එන්නේ කියලා. හිටුකො ඕකී ආයේ කතා කරන්නැතෑ. එතකොට අල්ල ගන්නවා :))

    ReplyDelete
  21. @dineshචික් ඒක කිව්ව කැත විතරක් :| උඹලාටත් වුන දවසකට තේරෙයි :D

    ReplyDelete
  22. අනේමන්ද මමනං 2007 ෆෝන් එකක් ගන්නකං මාර නිදහසේ හිටිය. දැං සමහර වෙලාවට ඒක වදයක් තමයි. හැබැයි මම මට කවුරුවත් සම්බන්ධකරගන්න ඒන නැති වෙලාවට ‍ෆෝන් එක සයිලන්ස් කරල පැත්තක දාල මගේ වැඩක් කරනව. ඒ වෙලාවට කතා කලොත් සොරි තමයි...

    ReplyDelete
  23. ඔය කුනු හරප මොබිටෙල් කාරයෝ මටත් ඔයවගේම වැඩක් කරා ඒක කියන්න බෑ නෝන්ඩි ! මචං පූසා මෙන්න මගේ නම්බර් එක උඹ ඉන්ඩ බැරි වෙලාවට මට කෝල් කරලා මොනවා හරි වල්පල් කියපං මචං ..119..මේකට කතා කරලා හිස් අහස ඉන්නවද කියලා අහන්න . සමහර විට තරුව ඔබන්න කියයි ..

    ජය වේවා !!

    ReplyDelete
  24. @hare :-): හුටා ඒ වෙලාවට කවුරුහරි හදිස්සියකට කතා කළොත්? :-/
    හැබැයි නිදහසේ ඉන්න පුළුවන් නේද?

    ReplyDelete
  25. @හිස් අහස: ඈ බං ඒකට කතාකරලා තරුව ඔබන්නෙ මක්කටැයි? :-/ උඹ ඉන්නේ දිව්‍යලෝකෙද? =))

    ReplyDelete
  26. මොබිටෙල් එකට කිව්වම ඔය මගුලෙන් එකෙන් අපේ නම්බර් අයින් කරනව බං. මං අයින් කරවගත්ත :D

    ReplyDelete
  27. @Malinthe Samarakoon: අහ් එහෙමත් පුළුවන්ද? එහෙනම් ඒක හෙටම කොරන්න ඕනේ :) (බොහොම ස්තූතියි දැනුවත් කළාට )
    ආ දැන් ඕකන සල්ලි නොගෙන කතා කරන්න පුළුවන් දෙපාරයි නේද? :(

    ReplyDelete
  28. matath dawasak mis call ekak tibba mama hituwe kellak kiyala hopes godak tiyagena ring kara balapuwama mobitel ane ane :D

    ReplyDelete
  29. “උපහාරය“ , අපහරණව කිරීමෙන් පසුව “දෙබසට“ මාරු වූයෙමි. කරදරයක් නැත. අරය මෙයා ගැන එන කෝල්ස් ඇත්තෙම නැත. සතියකට එක කෝල් එකක් වුගේය. සමහර සති වලට එය ද නැත. ජංගමයක් තිබේද කියලාවත් මතක නැත. අගේය . උණ බැස ගොසිනි ...

    ReplyDelete
  30. @මෝල්ඩර් ෆයිල්ස්: echchara hopes thiyaaganna ubata sahenna kellangen miss calls enawa athi neda? :))

    ReplyDelete
  31. ඔය ඇම් ටියුන් සිද්දියනම් මල වදයක් තමා බන්. ඔය රෙද්දෙ නම්බරයෙන් මටත් කොල් එකක් ආව. හිතුවෙ ඉස්සර කොල කෑලි වල නොම්මර ලියල දීමෙ ප්‍රතිපලයක් කියල. අම්ම ලග හිටපු නිසා ඉස්සුවෙත් නැ. පස්සෙ යහනට ගොහින් හරි බැරි ගැකිල ගත්ත කෝල් එක.. ග‍්රර‍්රර‍්රර්

    අනිනිමෙ රුපියල් 5කුත් කැපුන... :-L

    ReplyDelete
  32. @සුළඟිල්ල | pinkie: කතාව මම ලිව්වට මොකෝ මේක නිසා මට වැඩිය දරුණු සිදුවීම් වලට මුහුණ දුන්න අය ඉන්නවනේ :))

    ReplyDelete
  33. ඇත්ත ඔය මොබිටෙල් එකේ කෙල්ල මටත් මාර වදයක් දෙන්නෙ. ඊට අමතරව ඕකෙ තව එකියක් ඉන්නව. හදිසියෙ කාට හරි කතා කළොත් ඒකි මැදට පැනල කෑ ගහනව ඔබ ඇමතූ අංකය මේ මොහොතේ සමස්බන්ධ කළ නොහැක කියල. ඒ මදිවට එයාගෙ වැඩ පෙන්නන්න ආයෙ ඒකම දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයිත් කියනව.

    ReplyDelete
  34. හලෝ කියන්න එපා, ඥාව් කියන්න, එතකොට හරිනේ!

    ReplyDelete
  35. @ කතන්දර
    ඥාව් ‍නොව ඤාව් ‍ලෙස නිවරදි විය යුතු ‍නො‍වේද ? එත‍කොට ඤාවු

    ReplyDelete
  36. @සොඳුරු සිත: හැබැයි අක්කේ මමත් අහලා තියෙන්නේ "ඥාව්" කියලා

    ReplyDelete
  37. පූසෙක්ම කියනව නම් ‘‘ඥාව් “ හරි කියල ... පිළිගන්නම වෙනව ...

    එකඟයි...

    ReplyDelete
  38. අප්පා මටත් එපා කරපුම චොර වැඩක් තමා ඔය ඇම් ටියුන්.....පිස්සු හැදෙනවා......

    ReplyDelete
  39. බුවාහ්හහ් හා.. ෆට්ට සීන් එක.. =)) =))
    ඒ කාලේ මතකයි මම එකෙක්ට කෝල් කරලා ඒ යකා ෆෝන් එක උස්සපු ගමන් "I love u raja FM" කිව්වෙ නැතැයි.. මට නිකන් පිස්සු වගේ.. පස්සෙයි කේස් එක දන්නේ රජ එෆ් එම් එකෙන් මොකද්ද සීන් එකක් කියලා.. :))

    ReplyDelete
  40. හැමෝගෙම හිතසුව පිණිස ඒ අංක ටික කියන්නම්
    0713993993
    0713544544
    0713864861
    0713826421
    save කර ගන්න
    ඔන්න ඔය numbers ටික ත්ම වද දෙන්නෙ
    පරිස්සම් වෙන්න ඔන්න

    ReplyDelete
  41. @Ansh Lucky Sri Jay: මිනිහෙක්ට කරදරක් වෙනකොට හිනාවෙන අපූරුව :(

    ;)

    ReplyDelete
  42. ayye....
    apitanam ennema ringcut witharai.........calls na.....
    awath ammagen.....hari thaththagen call 1k thama.........

    ReplyDelete
  43. @Anonymous: kawda appe me podi babaa :D
    bayawenna epaa oyath likuwenakota call eyi ona tharam :)) mata nam thaamath call enne hari aduwen ;)

    ReplyDelete
  44. baba neme........Babi................
    blog eka under constructions.ekai Annonymous comments danne.........
    Api thama pody thama.........ok..!!

    ReplyDelete
  45. @Anonymous: aa ithin babi oyage blog eka haduwama apitath kiyannakoo :)

    ReplyDelete
  46. Ma bageta handapu 1 post 1k dapu blog 1k thiyenawa.........kawruthma comnt karalanam na............... :(

    ReplyDelete
  47. @Anonymous: 1 post ekak thibila hariyanne na. dhigatama liyanna. blog ekak thiyanawanam anonymous cmnts daanna epaa. account eken log welaa cmnt karanna. ko denna balanna oyage blog ekek link eka.

    ReplyDelete
  48. menna meeka ayya.. comment 1k dalama yannako :)
    http://bit.ly/97zL03

    ReplyDelete
  49. අම්ම පල්ලා මචන් මටත් මල පැනලා ඉන්නේ ඔය මගුලත් එක්ක. මම දවසක් කතා කරලා හොඳවගෙන් දෙකක් කිවා ඔකේ එකෙකුට. එකා කියනවා එක අයින් කරන්න බැලු සිස්ටම් එකෙන් වෙන වැඩක්ලු එක. පස්සේ සිම් එක විසිකරලා dialog එකක් ගත්තා. බිල ගෙවන එක මතක් කරන්න sms එකක් එනවා එච්චරයි කිසිම කරදරයක් නැ. දැන් etisalat ලගේ අලුත් මඟුලක් තියෙනවා voice male box එකක් දාල. රින්ග් ඉවර වෙලා කනේ තියාගෙන හිටියොත් රු 2 ට අරිනවා. පුලුවන්නම් කවුරු හරි හොයලා දෙන්න phone no black ලිස්ට් කරන සොෆ්ට්වරේ එකක java virsion එකක්.

    ReplyDelete
  50. සහතික ඇත්ත කතාව පූසෝ..
    මටත් එකසිය ගාණට තද වෙන වැඩක් තමා ඔය කෙල්ලගේ කෝල් එක..:)

    ReplyDelete
  51. hatharawaram dewi pihiten matanam thama ekak wath awilla naa. habay welawakata hithenawa eken wath call pojjak enawanam kiyala.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...