මුලින්ම කියන්නම් බක්මහ උළෙලෙ මට පෙනුන හැටියටනම් බොහොම සාර්ථකයි. හැබැයි මම හිතන විදිහට අර අපි ගැන හඳුන්වාදීම කරන්න තිබ්බේ තරඟ පටන්ගන්න කලිනුයි. ඒ කොහොම වුනත් තරඟ පැවැත්වෙන අතරෙදි වුනත් මම නම් බොහෝ දෙනෙක්ව දැන හඳුනා ගත්තා. හැබැයි දැන් දැන් සමහර බ්ලොග් වල සහ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් කතාවෙනවා දැක්කා එයාලා තනිවෙලා වගේ හිටියා කවුරුවත් එයාලා එක්ක කතා කලේ නෑ කියලා. ඉතින් මට හිතුනා මාවම උදාහරණෙකට අරගෙන ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න.
මම මුලින්ම බ්ලොග් කරුවන්ගේ සුහද හමුවකට සහභාගීවුනේ මීට මාස කීපයකට කළින් තිබුණු SBU සුහද හමුවට. එදා මම එතැනට යනකොට මම කිසිම බ්ලොග් කරුවෙක්ව/කාරියක්ව හමුවෙලා තිබුණේ නෑ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් මගේ මූණූපොතේ හිටියෙත් නෑ. මම එතදී තමයි ඒ හැම කෙනෙක්මව හඳුනා ගත්තේ. ඒ වගේම මම එදා එතනට යනකොට එතන හිටපු අයගෙන් මගේ බ්ලොග් එක කියවලා තිබුණු අය හිටියේ බොහොම ටික දෙනයි. ඒ කිව්වේ දෙන්නෙන් නැත්තම් තුන් දෙනෙක්.
මම එතැනදී කවුරුහරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් හිටියේ නෑ. මම පුළු පුළුවන් විදිහට හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. මට මුලින්ම බ්ලොග් එකක් ලියන්න හිතුනේ මුචලින්දගේ ටොපිය කියවපු වෙලාවේ. ඉතින් මම එදා ගිහින් මුචාට ඒක කියලා එයත් එක්ක කතා කළා. ඒ වගේම මාරයා අයියත් එක්කත් මම ගිහින් කතා කළා. ඔන්න එදා වත් අක්කනම් මම කතා කරන්න කලින් ඇවිත් මාත් එක්ක කතා කළා. ඒ විදිහට එදා මම බ්ලොග් කරුවන් බොහෝ දෙනක්ව දැන හඳුනා ගත්තා.
එතකොට පසුගියදා තිබුණු බකමහ උළෙලට මම යනකොට එතන මම කලින් හඳුන ගත්තු අය හිටියේ කීප දෙනක් විතරයි. කොටින්ම කිව්වොත් එතන හිටපු සංවිධායක මණ්ඩලේ එක්කෙනක් එක්කවත් මම ඊට කලින් හමු වෙලා තිබ්බේ නෑ. හැබැයි මම ගිහින් හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. හැමෝටම වගේ තම තමන් ප්‍රිය කරන බ්ලොග් කරුවන් ඉන්නවා. මම නම් මම ප්‍රිය කරන බ්ලොග් කරුවන් එක්ක කොහොමහරි උත්සාහ කරලා වචනයක් දෙකක් හරි කතාකළා. බොහෝම සුළු වෙලාවකට ආව දුකා අයියාව හැමතිස්සෙම කට්ටිය වටකරගෙන හිටියේ. ඒත් මම කොහොමහරි ගිහින් වචනයක් දෙකක් කතා කළා.
ඉතින් මට කියන්න වුවමනා වුනේ මේකයි. හිතන්න මම මේ හමුවීම් දෙකේදීම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඔහේ කවුරු හරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් වාඩිවෙලා හිටියනම්, සමහරවිට කවුරුත් මාත් එක්ක කතා කරන එකක් නෑ. ඒ වගේම මම ගිහින් අරයත් එක්ක කතා කරලා බයිට් වෙයිද කියලා බයේ හිටියනම් ඒත් මාව කවුරුවත් දැන හඳුනා ගන්න එකක් නෑ. මම නම් කිසිම වෙලාවක එහෙම හිතුවේ නෑ. ඇත්තටම මේ අවුරුදු උත්ස්වේදී තමයි මට මුලින්ම කෙහෙල්කොටුවේ චූටි මහත්තයාව හමු වුනේ. ඉතින් මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක අයිති කාරයා නිසා මම ගිහින් කතා කළා. මම බොහෝ කාලයක් ඉඳන් කමෙට් කරන කෙනෙක් වුනත් චූටි මහත්තයා අයියට මාව මතක නෑ. ඒ වගේ දේවල් සාමාන්‍යයයි. මොකද බොහෝ දෙනෙක් කමෙන්ට් කරන බ්ලොග් එකක අයිති කාරයා කොහොමද ඒ හැම කෙනෙක්වම මතක තියාගන්නේ. හැබැයි දැන් නම් චූටි මහත්තයා අයියට මාව මතක ඇති. ඒත් මම එයා එක්ක කතා නොකර හිටියනම් එයා මාව තාමත් දන්නේ නෑ.
ඔය තනි වෙලා හිටියයි කියන හැමෝටම මම කියන්නේ මේකයි. ඊළඟ සැරේදිවත් අපි හමුවුනාම කවුරුවත් තමන් ළඟට ඇවිත් කතා කරනකම් නොඉඳ පුළු පුළුවන් විදිහට හැමෝම එක්කම වචනයක් දෙකක්වත් කතා කරමු. මොකටද ලැජ්ජවෙන්නේ. අපි අපිනේ. තමන් ප්‍රසිද්ධ නැතත්, තමන් ආස බ්ලොග් කරුවොත් එක්ක කොහොමහරි කතා කරමු. ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ වටේ හැමතිස්සෙම කට්ටිය වට වෙලා හිටිය නිසා කතාකරන්න බැරිවුනා කියන්නේ නිදහසට කාරණයක් නෙමෙයි. ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.
මටත් ඔය ප්‍රශ්ණය සෑහෙන්න බල පැවා පුසෝ හැබැයි එකට කාටවත් වැරුද්දක් කියන්න බැ
ReplyDeleteඒක හරි මචං... එහෙම තමා වෙන්න ඕනේ...
ReplyDeleteපුසා උඔ තනිඋනාද බං!
ReplyDeleteපූසට මමත් කථා කලා අයියෝ........
ReplyDeleteකවුද මේ පූසා .... මූ ගේට්ටුව යටින් අවාද තාප්පෙන් පැන්නද? ..මට හොරා කොහොමද මූ ඇතුලට ගියේ :D
ReplyDeleteමේ ඒක නෙමේ...ඔයා කවුද?
ReplyDeleteඔයා එදා ආවද?
මේ බ්ලොග් එක ඔයාගෙද
ඔයා එදා අර හවස තනියම බාර් එකක් අස්සෙන් මතු උනේ මොකද අපි කට්ටිය ගෙදර යනකොට?
ෆේස්බුක් වල බ්ලොග් වල හෙන සමාජශීලී චරිත මවං ඉන්න උන් හැබෑවටම මිනිහෙක් එක්ක කතා කරන්නෙ නැති පට්ට ලැජ්ජාශීලී උන් කියලා මං ඇස් දෙකටම දැක්කා.
Deletee kathawa sahathika eththa, mokada blog eke ayawa fb eken add karagena chat karanakotama eka hodata therenawa, eththatama edum nethi minissu
Deleteහොඳ පූසා................... කට්ටිය එක්ක කථා කලා විතරක් නෙමෙයි සයිබරයේ සිහින කුමාරයා ඉසව්වටත් පෙනී හිටියානේ නේද? :)
ReplyDeleteඇත්තටම පූසා කියන්නේ කවුද..?
ReplyDeleteආඩම්බරයි මූ වගේ බිලාලයෙක් ලියන බ්ලොග් එකක් කියවන්න ලැබීම ගැන
ReplyDeleteපූසාගේ කතාව හරි. බලෙන්හරි කතා කරන්න ගියේ නැත්නම් කාවවත් අදුනගන්න ලැබෙන්නේ නෑ.
ReplyDeleteගුණේ අයියා: ඇත්තටම මට මේ තත්වය බලපෑවේ නෑ. එහෙම වුනයි කියන අය ගැන හිතලයි මම මේක ලිව්වේ :)
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
prasanna86k: ඈ බං උඹ ඇතුල් වෙනවා විතරයි දැක්කේ. ඊට පස්සේ කොහෙද උඹ පීන පීන හිටියේ :))
----------------------------------------------------------------------------------------------------------
බුද්ධි: අනේ නෑ අයියේ. මේක කිව්වේ ඔය තනි වුනයි කියන අයට :)
----------------------------------------------------------------------------------------------------------
ගීත් (සහෘදයා): නැතුව නැතුව :)
----------------------------------------------------------------------------------------------------------
වැප්: මේං බලපල්ලකෝ මූ කියන බොරුව :)) මූට හොරෙන් ආරාධිත අමුත්තෙක්ටවත් ටිකට් එකක් නොගෙන ඇතුලට යන්න පුළුවන් වුනේ නෑ. එහෙම එකේ මම කොහොම යන්නද? =))
----------------------------------------------------------------------------------------------------------
රත්ගමයා: අප්පේ ඔන්න මම නම් කියන්නේ නෑ අර උඹලා පරංගියා කෝට්ටේ ගියා වගේ ගිහින් කහ ඉරක් හොයන් පාර පැනපු කතාව =))
----------------------------------------------------------------------------------------------------------
RanDil: හිටියා නෙමෙයි අක්කේ මාව බලෙන්ම හිටෙව්වා :D
----------------------------------------------------------------------------------------------------------
මාරයාගේ හෝරාව: හොඳ ප්‍රශ්නයක්! "පූසා කියන්නේ කවුද?" :))
----------------------------------------------------------------------------------------------------------
හිස් අහස: උඹත් එදා ආවනම්............
----------------------------------------------------------------------------------------------------------
මධුරංග: ඒකනේ බං :)
හි හි... උඹ කවුරුද මචන් කියල ඇහුවනම් ඕන කෙනෙක් තමන්ව අඳුන්වල දෙනවනෙ නේද... :D
ReplyDeleteමේ කෝ බං රවා අයියා? :)) :)) :))
ReplyDeleteඇයි බල්ලෝ මම තොට කතා කලේ. අහ් බල්ලෝ නෙමෙයි පූසෝ..
ReplyDeleteඋඹ කියන එක ඇත්ත. මෙහෙමනේ මචං ඕක හෙන බොරු හේතුවක්! මිනිස්සු අඳුනගන්න ඕන පස්ස ඉඹලා නෙමෙයි, කතා කරලා!
ඔන්න මමත් දන්නේ නැති උනාට පූසත් එක්ක කතා කලා :D
ReplyDeleteපූසගේ කතාව නම් හලියටම හලි.
ReplyDeleteඅපි හැමෝම අනේ මාව අදුනගනීද දන්නේ නැ කියලම හිතුවොත් ඉතින් තනි තනිව තමයි ඉන්න වෙන්නේ.එතකොට මේ වගේ සුහද හමුවීම් ,උත්සව වල තේරුමක් නැති වෙනවා.නොදන්න අයට හමුවෙන්න ,එකතුවෙන්න, හදුනගන්න තමයි මේ වගේ ඒවා සංවිදානය වෙන්නේ කියන එක තේරුම් ගන්නව නම් හලි. :)
නිරහංකාරකම ගැන ආඩම්බරයි. ගණන් ගන්න එපා මිත්‍රයා.
ReplyDeletehare : ඒක නේන්නම් බං..........
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
චතුවා (ළමයා): හා හා ;)
----------------------------------------------------------------------------------------------------------
මුචලින්ද: සිරාවට බං
----------------------------------------------------------------------------------------------------------
DarKneT | ඉෂාර: ඒක තමයි වෙන්න ඕනේ බං :)
----------------------------------------------------------------------------------------------------------
පබලු: ඒක නේන්නම් අක්කේ :)
----------------------------------------------------------------------------------------------------------
රොබින්: :)
:|
ReplyDeleteතමන්ට උවමනාවකුත් තියෙන්න ඕනි නේද? මොකද කොහොමත් මිනිස්සු තමන් අඳුරන අයත් එක්ක කතා කරන්න කැමතියි මොකද ඒක ලේසි නිසා.. මම නම් පූසා එක්ක සෙට් වෙලා කතා කරා මම හිතන්නේ...
ReplyDeleteඅයියෝ! මට එන්න බැරි වුණා නොවැ!!!
ReplyDeleteඅනිවා..... ඊලග පාර මාත් එනවා.... :)
ReplyDelete