Monday, June 13, 2011

ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ.......

පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට එනවා. මේකත් ඒ වගේ වෙලාවක එළියට ආව කතාවක්.

ඔන්න ට්‍රිප් එකක් ගිය වෙලාවක අපි ගියා අපි දන්න අඳුරන කෙනෙක් අලුතින් ගත්තයි කිව්ව පොල්වත්තක් බලන්න කියලා කුරුණෑගල පැත්තේ. ඒ වත්තේ අපිට කොළඹදී ලේසියට හොයාගන්න බැරි බොහොම ගුණදායක කොළ වර්ග පිරිලා තිබුණා. ඔන්න ඉතින් ගැහැණු උදවිය ඔක්කොමලා කැඳ හදන්න කියලා එක එක ජාතියේ කොළ එකතු කරනවා.

එක ඇන්ටි කෙනෙක් වැල්පෙනෙල මිටියක් අරගෙන ආවා වෑන් එකට දාන්න කියලා. මේ වෙලාවේ පිරිමි කට්ටිය ලාවට අරගෙන හිටියේ. අර ඇන්ටි වැල්පෙනෙල මිටිය අරන් එනව දැකපු එක අංකල් කෙනෙක් එතන එහාපැත්තේ හිටපු ඇන්ටිගේ මහත්තයට මෙහෙම කියලා හිනා වෙනවා.

ආ මෙන්න මෙයා උඹට වැල් පෙනෙල හදලා දෙන්න යන්නේ.

එතකොට ඇන්ටි කිව්වා
ආ ඉතිං නරක දෙයක්යැ. වැල්පෙනෙල කොච්චර ගුණද

ආයේ අර අංකල් කියලනවා
ඔව් ඔව් ඕවා මාර ගුණයි ඒක නිසා ඕවා මහත්තයට හදලා දෙනකොට පරිස්සමෙන්

ඇන්ටි: ඉතිං ගුණනම් මොකටද පරිස්සමෙන් කියන්නේ?

අංකල්: ඕව කොච්චර ගුණද කියලා ඔයාල දන්නේ නෑ. පරණ කතාවක් තියනවා වැල්පෙනෙල ගැන ඔයාලා දන්නේ නෑනේ.


ඔන්න කට්ටියගේ දැඩි ඉල්ලීම මත අංකල් මෙහෙම කතාව කිව්වා.

දවසක් එක ගොවියෙක්ට තිබුණලු පතෝල මැස්සක්. ඉතිං පතෝලවැල් මැස්ස උඩින් යනකොට බිම තියන ඉඩත් ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා හිතපු ගොවියා වැල්පෙනෙල ඇට ටිකක් පතෝල මැස්ස යටින් ඉස්සලු. පස්සේ වැල්පෙනෙල ටිකත් හොඳට හැදිලා තියනකොට පතෝල කරල් හැදෙන්න පටන් ගත්තලු. වැල්පෙනල වල ගුණේ කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් පහලට වැටෙන පතෝල කරල් උඩ අතට යන්න ගත්තලු.


ඉතිං ඔය කතාවෙයි, "මහත්තයට වැල් පෙනෙල හදලා දෙනකොට පරිස්සමෙන්" කිව්ව කතාවෙයි සම්බන්ධය පිරිමි කට්ටියටනම් ඉක්මනට මීටර් වුනාට ගැහැණු කට්ටියට ඒක මීටර් වෙන්න ටිකක් වෙලා ගියා.

ප.ලි :කතාව කලින් අහලා තියනවනම් ඔන්න කරන්න දෙයක් නෑ.

44 comments:

  1. මටනම් නොතේරේ

    ReplyDelete
    Replies
    1. වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක් ... පතෝල කෙලින් උනා වගේ පිරිමින්ගේත් පහලට වැටිලා තියෙන ඒවා වල පෙනෙල වලින් කෙලින් කරන්න පුළුවන් .. තේරුනාද දැන් ?

      Delete
  2. ඔය කථාව ඇත්තද කියල බලන්න අපේ ගෙදර කරිවිල මැස්ස යට
    හිටවන්ට ඕන වැල්පෙනෙල වැලක්.

    ReplyDelete
  3. වැල් පෙනෙල කැඳ බීල හීනටි හාලෙ බතුත් කෑවනම් පූසටත් ගුණයි. හික් හික්..

    ReplyDelete
  4. අඩේ අපේ ගෙදර බණ්ඩක්කා කරල් උඩ අතට එන හේතුව මම් හොයා ගත්තා. බණ්ඩක්කා ගහ යට වැල් පෙනෙල වැලක් තියෙනවා.

    ReplyDelete
  5. වැල් පෙනෙල ගිතෙලින් මලවා කා
    එක අඹු නොතකන එකා දහක් අඹුවන් පතයි ඒකා

    ඔන්න උහොමයි පැරැන්නෝ කිව්වයි කියන්නේ...
    (පූසා මොකද මේකට මේ 5න් 3ක්ම ගෑනු ළමයි කමෙන්ට් කරලා තියෙන්නේ..දන්නේ නැහැ කියලා බොරුව දානවද කොහේද..හික් හික්...)

    ReplyDelete
  6. මචං මට නිකං කොයිල් වගේ, දැන්නන් කොස්සෙන් ගැහුවත් පත්තු වෙන්නැති ටියුබ් ලයිට් එකක් වෙලා, ඉක්මනට තේරුම් කොලානන් :-? :-? :-? :-? :-? :-?

    ReplyDelete
    Replies
    1. වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක් ... පතෝල කෙලින් උනා වගේ පිරිමින්ගේත් පහලට වැටිලා තියෙන ඒවා වල පෙනෙල වලින් කෙලින් කරන්න පුළුවන් .. තේරුනාද දැන් ?

      Delete
  7. වැල් පෙනෙල දන්නේ නැතුව ඉතින් කතාව තේරුම් ගත්තත් වැඩක් නෑ.

    ReplyDelete
  8. පතෝල කරල් උඩ අතට ගියා. එතකොට වැල් පෙනෙල කොයි පැත්තටද ගියේ???

    ReplyDelete
  9. පතොල කරල් කීවම මෑතක පුවත් පතක තිබ්බා ඈමති බිරියකගෙ
    පතෝල මැස්සක් ගැන කියල තිබ්බා. එකෙ පතෝල කොච්චර
    දිගද කියනවනම් බිම ගෑවෙනෙවලු ඉතින් වලකුත් හාරන්න උනාලු මදි පාඩුවට. මැස්සට උඩින් පෙනෙල වැලක් ගියද දන්නෙ නෑ.

    ReplyDelete
  10. දැන් මේ ඉන්න නෝනලත් තමන්ගේ මහත්තුරුන්ට වැල් පෙනෙල හදල දෙන්න පටන්ගත්තොත් මාර වැඩේ වෙන්නේ.හිකීස්....

    ReplyDelete
  11. වැල් පෙනෙල සාකා
    ගිතෙලින් මලවලා කා
    අඹුව නොතකන එකා
    අඹුන් සියයක් උවද සලකා

    ReplyDelete
  12. :-S තෝ හැදිලා ඉවරයි බන් X_X

    ReplyDelete
  13. වැල් පෙනෙල ...
    අලු කෙසෙල් ...
    පතෝල

    එළවළු ලාබයි ද?

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. පූසෝ
    ලිපිය හොදයි. මාර මල්ලි කිව්ව හරි.

    සොදුරු සිත අදුරු වෙයි දිගටම අලු කෙසෙල් මහත්තයට කැව්වොත් නම්,
    බලාගෙන. ඔන්න එහෙම නම් වැල් පෙනෙලමයි පිහිට.

    ReplyDelete
  16. නොතේරෙයි ........... #-o
    පූසා පොඩි උන්ට නරක එව්ව කියල දෙනෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ =)) =))

    ReplyDelete
  17. එක එක පලාතට එක එක ප්‍රථිකර්ම තමා....! ලංකාවට වැල්පෙනෙල.... හිරකාරයන්ට අළු කෙහෙල්....!

    මෙහේ අරාබි හන්දියේ නම් වැල්පෙනෙල වෙනුවට පාවිච්චි කරන්නෙ මී පැණි වල රැයක් තිස්සේ ගිල්ලාපු රට ඉඳි....!

    පූසන්ට නම් ඉතින් කුප්පමේනියා තමයි....! හික් හික් හික්...

    ReplyDelete
  18. යකෝ පෝස්ට් එකට වඩා ආතල්නෙ කමෙන්ට් ටික! මොනව වුණත් වැල් පෙණෙල පැලයක් දෙකක් හිටෝගන්න එකනං හොඳයි වගේ...

    ReplyDelete
  19. නදී: ඕන්න දැන් කට්ටිය කමෙන්ට්ස් ගොඩාක් දාලා තියෙන්නේ. දැන්නම් නොතේරෙන්න විදිහක් නෑ ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Gimhani : ඕං ඕං ඉතිං! කමෙන්ට්ස් දෙකෙන්ම තේරුම් යන විදිහට කතාවේ සාරය නෙමෙයි හිතට අරං තියෙන්නේ :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    ``` Outsider```: නැතුව නැතුව නරකක් වෙනවැයි ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    මධුරංග: වැල් පෙනෙල වැල නොතිබ්බත් බණ්ඩක්කනම් උඩ අතට තමයි යන්නේ මචෝ :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : හිනාවෙලා මතකේ තියාගන්න අක්කේ මේවා. ඉස්සර අපේ කට්ටිය කියපු කතානේ :)

    ReplyDelete
  20. මම මෙන්න මේ කාරණය තේරුම් ගත්තා !

    කසාද බඳින්න කලින් වැල් පෙනෙල ආහාරයට ගැනීම අනතුරු දායකයි !

    ReplyDelete
  21. මාරයා : අන්න බලන්න ඉතිං පැරැණ්නෝ ඕවා නිකමට කිව්වේ නෑනේ නැද්ද අයියේ :D
    ඔය දන්නේ නෑ කියන කට්ටිය තමයි අයියේ අපිටත් වඩා දන්නේ ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    මලියා: කොස්සෙක් ගහලා හරියන්නේ නෑ කමෙන්ට්ස් කියවපන් එතකොට පත්තුවෙයි :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    Poddi: වැල් පෙනෙල කියන්නේ බෙහෙතට හිටන් ගන්න බොහොම ගුණ දායක වැලක් අක්කේ. ඒක නොදන්නවා වුනාට ඒකේ ගුණේ කොහොමද කියලා දැන්නම් අක්කට තේරුම් යනවා ඇති කමෙන්ට්ස් කියෙව්වාම. :D
    වැල ගෙයේ බිම දිගේ අක්කේ :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    රන්දික කුලතුංග: ආ මොනවා වෙන්නද? මේවා හොඳ ගුණ දායක දේවල් නොවැ ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    Ano1: හිනා වෙන්නනම් නම් ගම් නැතු වුනාට කමක් නෑ. හැබැයි ඔන්න අහහස් දක්වනකොට නම් නමක් ගමක් ලියලා යන්න හොඳේ :)

    ReplyDelete
  22. harshana1985 : ඔන්න ඔහොමයි ඉස්සර මිනිස්සු කිව්වෙ නේද? :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    සුදු හංසි: ඔන්න ඉතිං ඕකනේ අක්කේ කරන්න බැරි. රටට ලෝකෙට වැඩක් වෙන ලිපියක් ලිව්වාම ඇයි අපිට බණින්නේ? :-S

    -----------------------------------------------------------------------------------------------------------------------

    Luckey: මේ කමෙන්ට්ස් දැක්කාම හිනා යන්නැතුවයැ :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    සොඳුරු සිත: අප්පොච්චියේ අක්කේ අළු කෙසෙල් නම් හොඳ නෑ. ඔය පල්ලෙහාඉන් වෙද මහත්තයියත් කියලා තියෙන්නේ :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    Ano2: ඇත්තමයි ඒ කමෙන් එක ඇත්ත එකවුන්ට් එකකින් ලොග් වෙලා දැම්මනම් මම ඒක කවදාවත් මකන්නේ නෑ :))

    ReplyDelete
  23. වෙද ගෙදර මහ වෙදනා: බොහොම ස්තූතියි වෙද මහත්තයියේ මේ පැත්තට ගොඩ වුනාට :)

    -----------------------------------------------------------------------------------------------------------------------

    ටිං Tin: අනේ අනේ උඹට ලිපිය ඇත්තටම තේරිලා නෑ. ඒකනේ ඔය කියලා තියෙන්නේ මේකේ නරක දේවල් තියනවා කියලා :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    දුමී: ආ ඔය අහුවෙන්නේ අරාබියේ ඉඳන් දුමී අයියා කරන දේවල්! :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    hare :-) : ආයෙත් අහලා මරු කමෙන්ට්ස් ටිඅක් නේද? :))
    නැතුව නැතුව ඕවා දැම්මම වවගෙන තියාගන්න එක හොඳයි :-bd

    -----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස: අඩේ ඇත්තමයි හොඳට හිතන්න ඕන කාරණයක්! =))

    -----------------------------------------------------------------------------------------------------------------------

    දිලීප : ආයෙත් අහලා කතාව මීටර් වුන ගමන් ගෑණු කට්ටිය රතු වෙලා ගියා :O)

    ReplyDelete
  24. මමත් බීල බලන්න ඕන..

    ReplyDelete
  25. නයා ගිලපි වයග්‍රා.....

    ReplyDelete
  26. ape mahaththaya pole giyama hamadama alukesel gannawa.kanneth na ahaka yanawata mamama kanawa.dawasak mama ahuwa mokada me alu keselma ganne kanneth na kiyala.kisi deyak kiyanne na.dawasak mama ahamben paththarayaka dakka alukesel kawama ganunge lingika ashawa aduwenawa kiyala.ita passe mama alukehel kanne na.dakkath mala panninawa.onna ape kena mawa issarahata sudanam karana hati.eka athakin kalpana karala baluwama ekath naraka na.

    ReplyDelete
  27. :D :D :D
    අලුකෙසෙල් නම් එහෙමයි කියලා දන්නවා. වැල් පෙනෙල ස්ටෝරිය අදයි ඇහුවේ.

    ReplyDelete
  28. පොඩ්ඩි, කරල උඩ යන්නෙ වැල කොහෙ ගියාමද කියල තේරෙන්න බඳිනකම්ම ඉන්න වෙයි වගේ!

    ReplyDelete
  29. මම හරි ආසයි වැල්පෙනෙල ටොන් එකක් කාලා record එකක් තියන්න !!!!!!!! :D :P

    ReplyDelete
  30. මම නම් මේ පෝස්ට් එක කියෙව්වෙම නෑ... :D

    ReplyDelete
  31. සුළඟිල්ල | pinkie: :D

    -----------------------------------------------------------------------------------------------------------------------

    රවින් : බොන්න බොන්න ඕවා බොහොම ගුණදායකයි!

    -----------------------------------------------------------------------------------------------------------------------

    Observer : =))

    -----------------------------------------------------------------------------------------------------------------------

    Ano3: අප්පේ ඕවනම් ඇනෝ ඇතුව ඇත්ත නමින් ඇවිත් කියන්න ඇහැකි කතායැ :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    රොබින්: කමක් නෑ කමක් නෑ දැන් දන්නවනේ ;)

    -----------------------------------------------------------------------------------------------------------------------

    ඉන්දික උපශාන්ත: :-?

    -----------------------------------------------------------------------------------------------------------------------

    ********ලොකු: පරිස්සමෙන්! :))

    -----------------------------------------------------------------------------------------------------------------------

    Phoenix (ගිනි කුරුල්ලා): ඒ මොකද ඒ?

    ReplyDelete
  32. සමාවෙන්න කතාවට අදාළ නැති දෙයක් අහනවට. මේ බ්ලොග් එක අයිතිකාරයා ඔයාද? http://everything-everydayy.blogspot.com/2011/06/blog-post_5533.html

    ReplyDelete
  33. වැල් පෙනල කැඳ දන්සැලක් දුන්නනම් කියල හිතුනා හික් හික්

    ReplyDelete
  34. StArry aNgeL : බොහොම ස්තූතියි පෙන්නුවාට. ඒ බ්ලොග් එක මගේ නෙමෙයි. ඒත් මොනවා කරන්නද අනුන්ගේ ලිපි කොපි කරලා තමන්ගේ බ්ලොග් වල දාගෙන ප්‍රසිද්ධ වෙන්න හදපු අය ඉස්සර ඉඳන්ම හිටියා. එයාලගේ පැවැත්ම බොහොම කෙටි කාලීනයි.

    -----------------------------------------------------------------------------------------------------------------------

    පිස්සා පලාමල්ල : අන්න පිං අතේ වැඩ! :D

    ReplyDelete
  35. කලින් අහලා තිබුණු කතාවක්. ඒ මතකය අළුත් වුණා. ස්නායු ආබාධ වලටත් හොඳයි. ඒ විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයේ ප්‍රශ්ණ හින්දා බබාලා නැති අයටත් හොඳයි කියලා මං අහලා තියනවා...

    ReplyDelete
  36. Chathura Wijekoon|චතුර විජේකෝන් : ඇත්ත ඇත්ත කට්ටිය ඒක කියවලා විහිළුවට කියලා හිතුවට මේවා බොහොම ගුණ දායක ඖෂධ :)

    ReplyDelete
  37. හඃ හඃ හා . . ඕක අපි කලින් ඉඳන් අහපු කතාවක් . . . අර ටියුබ් බල්බ් වෙච්චි ඇන්ටිලා බාත් රූම් එකේ නාන අය වෙන්න අති . . ලිඳ ලඟ සංගමේක සාමාජිකාවෝ වෙලා හිටියනම් කතාව කියන්න කලින් මීටර් . . හික්ස්

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...