Tuesday, July 26, 2011

අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)


තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි.  "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.

ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර පංතියේ ළමුන්ට මා නියමිත කර තිබූයේ තමාගේ අනාගතයේ තමන් පිළිබඳව කතාවකට සූදානම්වී පැමිණෙන ලෙසයි. ඒ අනූව එදින ළමෝ එකිනෙකා තමාගේ කතාවන් පැවැත්වූහ. අප කුඩා කල අපෙන් කිසිවෙකු අපේ අනාගත බලපොරොත්තුව විමසුවොත් අප සැම දෙනාටම පාහේ කීමට තිබූයේ කාරණා කිහිපයක් පමණි. එකල දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රටට වැඩදායි පුරවැසියෙක් යන අවස්ථා තුන හැරුනුකොට වෙනත් දෙයක් පැවසු ළමයෙක් නැති තරම්ය. නමුත් අද මේ දරුවනට ඇති අනාගත බලාපොරොත්තු බොහෝමය. අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ආකිටෙක්ට් කෙනෙක්වෙන්න කියයි තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි. ඒ අතරේ ඊළඟ කතාව කිරීමට තිබුයේ අයිර්ලියා දැරියටයි.

පංතියේ ඉදිරියට පැමිණි ඈ කතාව ආරම්භ කළාය.

"සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි"
"මගේ අනාගත බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න"

මට මාගේ දෙසවන් ඇදහිය නොහැකි විය.
"මොකක්ද අයිර්ලියා කිව්වේ?"
මම ඇගෙන් නැවත් විමසීමි.

"සර් මම කිව්වේ මගේ අනාගත් බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කියලා"

"මොනවා!" මම මවිත වීමි
කුඩා දැරිවියව ගුරු මේසය අසලට කැඳවා ගත් මා ඇගෙන් ටෙලි නාට්‍ය පිළිබඳව දැනගත් අයුරු විමසන්නට විය.

"දුව ටෙලි නාට්ටි බලලා තියනවද?"
"ඔව් සර් මම ගෙදරදි බලනවා"
"ගෙදර ටෙලි නාට්ටි පෙන්නන චැනල් අහුවෙනවද?"
"සාලේ ටීවී එකේ නෑ සර් ඒත් අම්මලාගේ කාමරේ ටීවී එකේ තියනවා. අම්මලා එනකොට හවස් වෙනවනේ සර්, ඉතිං අම්මලා එනකම් මම නාට්ටි බලනවා"

මට කාරණය වැටහුනි. වහාම ඇගේ පියාට ඇමතූ මම හැකිනම් එදිනම හෝ පසු දින පාසලට පැමිණෙන මෙන් දැන්වූයෙමි. නමුත් මාතර පිහිටි තම සේවා ස්ථානයේ සිට කොළඹ පිහිටි පාසලට විනාඩි 20කටත් නොඅඩු කාලයකදී පැමිණීමට ඔහුට අධිවේගී මාර්ගය නිසා හැකි විය.

මම ඔහුට සිදුවූ දෑ පැවසුවෙමි. අවසානයේ මෙසේ විමසීමි
"දැන් බලන්න වෙලා තියන දේ දෙමව්පියෝ විදිහට ඔයාල මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ නේද? පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට නාට්ටි පෙන්නන චැනල් ටික සල්ලි දීලා ගන්න තරම් ඔයාලා මෝඩද?" මම තරහෙන් පැවසුවෙමි.

"මට වැරැද්ද තේරෙනවා සර්. මම දැන්ම ගිහින් ඒ චැනල් ටික අයින් කරනවා" එසේ පවසන විට පියාගේ වත රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවටද, දුකටද, තරහටදැයි මම නොදත්තෙමි.

"චැනල් ටික අයින් කරලා විතරක් හරියන්නේ නෑ. මේ දරුවට සමාජයේ හොඳ නරක කියලා දෙන්න"
ඔහුට අවවාද රාශියක් දී පිටත් කළ මා ඒ දැරිවියටත් ඇගේ බලාපොරොත්තුවේ ඇති නරක පැත්ත පිළිබඳව හැකිතාක් දුරට තේරුම් කර දීමට උත්සාහ ගතිමි. නමුත් ඒ පුංචි දැරිවියට ඒ දේවල් වැටහුනාද යන්න සැක සහිතය.

මේ පුවත් පත් දැන්වීම එසේ පසුගිය සතියේ සිදු වූ ඒ සිදුවීම මට නැවත සිහිපත් කිරීමට සමත් විය. මම නැවත දැන්වීම කියවාගෙන ගියෙමි. පොල්ගෙඩි අකුරින් මෙසේ සඳහන් වී තිබිණි.
'අලුත් මෙගා ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයට සහ සෙසු චරිත වලට නිළියන් වුවමනාකර තිබේ' 
තවත් බොහෝ තොරතුරු වලින් පසුව ඉතා කුඩා අකුරුන් මෙසේ සදහන් වී තිබිණි 
'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'


ප.ලි: පසුගිය දින වල පුවත් පත්වල දුටු පුවත් අනූව ඒ සිදුවීම් තවත් දිගින් දිගටම සිදුවීගෙන ගියහොත් මේ මා සඳහන් කළ කතාව සත්‍යයක් වනු දැකීමට අපට 2041 වන තෙක් බලා සිටිය යුතු නොවනු ඇත.


[පින්තූරෙ-http://1.bp.blogspot.com/-4ijI7Eyz0mA/TZu9jwSwQnI/AAAAAAAAABs/s_jXTOu-QXY/s1600/imagesCASCL53C.jpg]

40 comments:

  1. ටෙලි නාට්‍ය නිළියක් වීම අමතර ආදායම් මාර්ග රැසක් ලබා ගැනීමකි.

    ReplyDelete
  2. අද කාලේ පොඩි ලමයි ආදර්ශ ගන්නේ ටීවි වල ඉන්න කාඩ්බෝඩ් චරිත වලින්.අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි

    ReplyDelete
  3. සමහරවිට ඔය කාලෙ වෙනකොට ඔය කියන 'අමතර සුදුසුකම' නීතිගත වෙලා තියෙන්නත් බැරි නෑ. :)

    ReplyDelete
  4. මේකප් එහෙම දාලා නිතරම ලස්සන ලස්සන ඇදුම් එහෙම ඇදලා ඉන්නව දැක්කම.. චුට්ටට ආස හිතෙන්න ඇති.

    ReplyDelete
  5. අම්මෝ ඉස්සර අපේ ඉස්කෝලේ ඉන්න කෙල්ලොත් කිව්වා කවදහරි ටෙලි නාට්ටි නිලියක් වෙනවා කියලා.
    දැන් ඉන්න නිලියෝ දැක්කම එහෙම වෙන්නේ නැති එක ගොඩක්ම හොදයි. :)

    ReplyDelete
  6. හික් හික්!! අර කිව්වත් වගේ ඒ කාලෙ වෙද්දි ඔය ඔක්කොම නීතිගත වෙලා තියෙයි බං. සිරාවට ලියලා තියෙනවා

    ReplyDelete
  7. පූස් උඹ දන්නේ නැති වුනාට අමතර සුදුසුකම දැනටම බොහෝම පිලිගත් සුදුසුකමක් වෙලා ඉවරයි. එව්වා වුනේ අපි ස්කෝලේ යන කාලෙදී... පත්තර එහෙම කියවලා ඇතිනේ නේද...? වෙනසකට තියෙන්නේ සාමාන්‍ය නාට්‍ය වලට ඉල්ලද්දී ඒ සුදුසුකම ප්‍රසිද්ධියේ නොකියන එක විතරයි.

    ReplyDelete
  8. මේකෙන් තේරෙන්නේ වෘතීමය වශයෙන් නිලියක් වීම වැරදිබවද? දක්ෂ නිලියක, හෝ නලුවකු වීමට සිහින මැවිය නොහැකි බවද? සමාජයේ අනිකුත් රැකියාවන් මෙන් නලු-නිලිකම රැකියාවක් නොවෙනබවද?

    අවසාන ප්‍රශ්නය ඔය තත්වය ඇතිවී තියෙන්නේ කවුරුන් හෝ නලුවකු හෝ නිලියක් වීමට සිහින මවන නිසා පමනකින්ද?

    ප්‍රශ්න ඔක්කෝටම උත්තර නම් ඕනේ...:)

    ReplyDelete
  9. පිණිබිඳු... : ඔව් ඔව් අක්කේ මේ දවස්වල කට්ටියට මාර සරුයිලු :D

    ----------------------------------------------------------------------------------------------------------

    පිස්සු පූසා : ඒකනම් ඇත්ත ඒත මම මේ කිව්වේ ඒ කාරණේ ගැන නෙමෙයි ;)

    ----------------------------------------------------------------------------------------------------------

    වැප් : හික් හික් නෙමෙයි තව ටික කාලෙකින් ඔහොම තමයි :))

    ----------------------------------------------------------------------------------------------------------

    නදී : මොනවා කරන්නද අක්කේ මෙහෙම ගියොත් ඔහොම තමයි ;)

    ----------------------------------------------------------------------------------------------------------

    සුමින්ද : ඔව් ඔව් ඒ ගැන හිතලා තමයි මම ඒ සුදුසුකම පත්තේරේ තියන විදිහට ලිව්වේ. බය නැතුව පත්තරේ දාන්න පුළුවන් නීතිගත කළාමනේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : හි හී ඔව් ඔව් :))

    ----------------------------------------------------------------------------------------------------------

    මාරයාගේ හෝරාව : ;)

    ----------------------------------------------------------------------------------------------------------

    blog gadol : මේ විදිහට ගියොත් ආයේ කතා දෙකක් නෑ ඒ වෙන කොට නීතිගත වෙනවා. නීති ගත නොකළොත් ඒ වෙනකොට අපේ රටේ නිළියෝ ටික සේරම පොලීසියෙන් අල්ලං ගිහිං තියෙයි :D

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : මොකෝ බං මම නොදන්නේ :))

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : නෑ නෑ අක්කේ මේක මේ අපේ රටේ මේ දවස් වල සිද්ද වෙන සිදුවීම් දාමයක් නිසා ලිව්වේ. ඒ දේවල් දිගටම සිද්ධවේගෙන ගියොත් අනාගතේ මෙහෙම වෙයි කියලා හිතලයි ලිව්වේ. මෙන්න මේ තුන බලන්නකෝ එතකොට අක්කට කාරණේ පැහැදිලි වෙයි :)
    1)http://goo.gl/5zuO5
    2)http://goo.gl/9txmF
    3)http://goo.gl/s5dtw

    ReplyDelete
  10. අනේ මන්දා?රඟපෑම හොඳ වෘත්තියක් විදියට කරගෙන යන්න පුළුවන් කාලයක් තිබ්බා...හැබැයි දැන් නම් ඒකාලේ ඉවරයි වගේ....

    ReplyDelete
  11. අනේ අපොයි මෙහෙමත් කලක් #:-S

    ReplyDelete
  12. හනේ හෆොයි තමයි.................. :-? x(

    මාරයියා මොකෑ දත් තිස් දෙකම එළියට දාගෙන? :-B

    ReplyDelete
  13. මේ සුදු පූ අපිට ඕනැකරන මූණ නෙමේනේ මෙයා දාන්නේ. ඒ මොකෑ?

    ReplyDelete
  14. දැන්‍ මේ වැඩ වලින් වෙන්නෙ ප්‍රතිභාපූර්ණ නිළියො ටෙලි නාට්‍ය වල රඟපෑමට නොපැමිණීමයි. එහෙම වුණොත් ඒ ක්ෂ්‍රේත්‍රය සම්පූර්ණයෙන්ම ගණිකාවන් අතට පත්වෙයි.

    ReplyDelete
  15. රස්සාව හරියට කරගෙන යන අයත් ඇති..එත් සමහරක් ගේ කුණු ඇගේ ගැවෙන හන්දා හොද අයත් පල්ලම් බහි...අනේ මන්දා..

    ReplyDelete
  16. පොඩි කුමාරිහාමි නගන ප්‍රශ්න වලට ලේකඛයා පිළිතුරු දිය යුතුබව මමද සිතමි.
    ගණිකා කටයුතු වල යෙදෙන ගැහැණුන් හෝ ගණිකාවන් සොයා යන පිරිමින් කුමන වෘත්තිකයන් අතර වුවද සිටිය හැකිය. එසේ වූ පලියට එම වෘත්තිය දෙස අප වපර ඇසින් බැලිය යුතුද? ඉතා දක්ෂ එමෙන්ම ජනාදරයට පාත්‍ර වූ චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, යශෝධා විමලධර්ම ආදී නිලියන් දෙසද අප ඔය කෝණයෙන්ම බැලිය යුතුද? මා දකිනා පරිදි කලයුතු වන්නේ ටෙලි නාට්‍ය කලාවට ප්‍රමිතියක් හඳුන්වාදීමයි. ප්‍රමිතියකින් තොර ටෙලි නාට්‍ය, අවර ගණයේ මෙගා වෘතාන්ත ආදිය නාලිකා හිමියන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව වහාම නවතා දැමීමට සංස්කෘතික අමාත්‍යාංශය හෝ වෙනත් වගකිවයුතු අමාත්‍යාංශයක් මැදිහත්විය යුතුය. නැතහොත් රටේ බාල පරපුර අගාධයට යනු නොවැලැක්වියහැකි වනු ඇත.

    ReplyDelete
  17. උඹ හදන්නේ ඒ අසරණ මිනිස්සුන්ගේ බඩේ පහර ගහන්න.... X(

    ReplyDelete
  18. ආරංචි වෙන හැටියට ක්ෂේත්‍රයේ නම් ඕක සාමාන්‍ය දෙයක්. සමහර විට ඒ කාලෙ වෙද්දි ඔය තත්ත්වය සාමාන්‍ය සමාජයටත් අතිශය සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.

    මට මේකත් මතක් වුණා...

    http://www.youtube.com/watch?v=sTH6bCXbxQo

    ReplyDelete
  19. වැරැද්දක නැහැනේ...සෘජු සහ වක්‍ර ආදායම් මාර්ග කිහිපයක්ම තියෙනවනේ.. ;)

    ReplyDelete
  20. හප්පේ පූසා ගෑණූ ලමයි ගැන සෑහෙන්න කලකිරිල වගේ!!! :-?

    ReplyDelete
  21. නිලියක් කිව්වාම කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනව දැන් ..කුජීතයි

    ReplyDelete
  22. මධුරංග : දැන්නම් එයාලා එහෙම හිතන්නේ නැතිවෙන්න පුළුවන්.

    ----------------------------------------------------------------------------------------------------------

    හූනා .. : :(

    ----------------------------------------------------------------------------------------------------------

    මකුළුවා : නෑ නෑ තාමත් ඒ කාලේ තියනවා හැබැයි මෙහෙම ගියොත් අනාගතේ මොනවා වෙයිද කියන්න බෑ

    ----------------------------------------------------------------------------------------------------------

    Soda ගුනේ : :(

    ----------------------------------------------------------------------------------------------------------

    හිම කුමාරි : ඒක නේන්නම් මාත් කියන්නේ :(

    ----------------------------------------------------------------------------------------------------------

    හා පැටික්කි (MS) : මේවා ඇහෙනකොට අනේ අපොයි! කියලා තමයි කියවෙන්නේ :(
    මයා දාන්න හදපු මූණ විතරක් වැඩ කරන්නේ නෑ. වැඩේ කියන්නේ අද හැමෝම වගේ ඒ මූණමනේ දාන්න ගිහින් තියෙන්නේ....

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : ඒකනම් හැබෑව අනාගතේ මොනවා වෙයිද මන්දා :(

    ----------------------------------------------------------------------------------------------------------

    නිම්ශා : ඇත්ත. මේකෙන් වෙන්නේ ඒ ටික දෙනාත් ක්ෂේත්‍රයෙන් අයින් වෙන එක වෙන්න පුළුවන් :(

    ----------------------------------------------------------------------------------------------------------

    Anonymous : ඔබ කතාව වැරදියෙට තේරුම් අරගෙන වගේ. මේ කතාවෙන් වර්ථමානයේ හැම නිළියක් දිහාම වපර ඇහින් බලලා නෑ. මේක ලිව්වේ අර පොලීසියට අහුවුනු කීප දෙනා නිසා මෙන්ම ඒ වගේ අය දිගින් දිගටම ක්ෂේත්‍රය තුල මතුවෙන්න ගත්තොත් අනාගතේ නළු නිළියන් දිහා මේ විදිහට බලන්න ඉඩ තියනවා කියන එක පෙන්නන්නයි. ඔබ කියන නිසා මම පොඩි කුමාරිහාමිට දෙන පිළිතුරු ටික මෙතන ලියන්නම්.
    මේකෙන් තේරෙන්නේ වෘතීමය වශයෙන් නිලියක් වීම වැරදියි කියන එකවත් දක්ෂ නිලියක, හෝ නලුවකු වීමට සිහින මැවිය නොහැකි බවවත් සමාජයේ අනිකුත් රැකියාවන් මෙන් නලු-නිලිකම රැකියාවක් නොවෙන බවවත් නෙමෙයි. මේය "දිගින් දිගටම නිළියන් ගණිකාවන් ලෙස වර්තමානයේ හසුවූවොත්" යැයි සිතා කළ අනාගතය ගැන උපකල්පනය කිරීමක් පමණයි.
    මේ කතාවේ මා උපකල්පනය කරන තත්වය ඇතිවෙන්නෙත් දිගින් දිගටම නිළියන් ගණිකා වෘත්තියේ යෙදී හසුවීම නිසායි.

    ----------------------------------------------------------------------------------------------------------

    සෝරෝ : උඹ අසරණ මිනිස්සු කිව්වේ? නිළි කම විතරක් කරන අයටද? නැත්තම් ඒත් එක්ක අර පාර්ට් ටයිම් ජොබ් එක කරන අයටද? :D

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : ඒකනම් ඇත්ත...

    ----------------------------------------------------------------------------------------------------------

    ChammA : :)) ඔව් ඔව්
    ..ChAnDiKa.. : ඕං ඉතිං :D මේක කරන්න බෑනේ.... මම මොනා ලිව්වත් මේකා ඇවිත් කියනවා මම කෙල්ලෝ ගැන කලකිරිලලු.... කෙල්ලෝ ගැන නෙමෙයි බං මේ නිළියෝ ගැන ලිව්වේ. අර මම පොඩ්ඩි අක්කට දීලා තියන ලින්ක් ටික බලපන්කෝ. ඒවා දැකලා තමයි අනාගතේ මෙහෙම වෙයිදෝ කියලා හිතුනේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    රත්ගමයා : අපොයි! දැන්මම එහෙමද? :(

    ReplyDelete
  23. මෙගා තරුවක් වුණාම සල්ලියි ජනප්‍රියත්වයයි සේරම එකපාර ලැබෙනවා නෙව . ඉතින් හැමෝම එතනට දුවනවා ඇති (හැමෝමත් නෙවේ )

    මම නම් මෙගා බලපු කායක් මතක නෑ .. අඩුම ගානේ මම ඒකාංගිකවත් බලන්නේ නෑ

    ReplyDelete
  24. මාද පොඩි කුමාරිහාමී සමඟ එකඟ වෙමි...
    දිගටම කියවාගෙන යත්දි මගේ සිතට නැගුණේද ඇය නගා ඇති ප්‍රශ්න ටිකමය...

    "තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි."

    රැප් ගායකයෙක්, හිප්හොප් ඩාන්සර් කෙනෙක්, නිරූපණ ශිල්පියෙක්, ශිල්පිණියක් වෙන්නට පොඩි උන් දකින සිහිනය ඉවසන ඔබ ටෙලි නාට්‍යනිළියක් විමට දැරිය දකින සිහිනය අසා ෆයර් වෙන්නේ මන්දැයි මම පුදුම වූයෙමි...

    මේක අද ඊයේ ඉඳන් සිද්ධවෙන දෙයක් නෙවෙයිනෙ... එකම දේ මේ මෑතක ඉඳන් ජනමාධ්‍ය මේ ගැන ලොකු ප්‍රචාරයක් දුන්න එක.... හැමෝම එක මිම්මෙන් මනින්න එපා මලේ...
    "එක මකුණයි කන්නේ... ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ ???"

    ReplyDelete
  25. දැන් කාලෙ නිළියක් වෙන්න නම් අර පොඩියට දාල තියන සුදුසුකම තියෙන්නම ඕනෙ. ( නිළිය වෙන්න කලින් හරි වුනාට පස්සෙ හරි )

    ReplyDelete
  26. හිස් අහස : ඔව් බං හැමෝමත් නෙමෙයි...

    ----------------------------------------------------------------------------------------------------------

    sansarasidu : පොඩි කිමාරිහාමි අක්කගේ ප්‍රශ්න වලට උත්තර මම ඇනෝ කමෙන්ට් එක දාපු කෙනාට දීලා ඇති. තව දෙයක් කියන්නම්,
    මේක ලිව්වේ මේ දවස් වල නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා ඉඳලා අහු වුනා කියන ප්‍රවෘත්ති කිපයක්ම අහන්න ලැබුනු නිසා. මේ කතාවෙන් මම කියන්න උත්සාහ කලේ ඒ විදිහට නිළියන් දිගින් දිගටම අහු වෙන්න ගත්තිත් අනාගතේ නිළියන් කියන කට්ටිය දිහා මිනිස්සු මේ විදිහට බලයි කියන එක. මම හැම කෙනෙක්වම එක මිම්මෙන් මනින්න උත්සාහ කලේ නෑ. මේකේ තියෙන්නේ අනාගෙතේ ගැන. කොහොමත් වර්ථමානේ මේ තත්වය දිගින් දිගටම වුනොත් අපේ ප්‍රතිභා පූර්ණ ප්‍රවීන නිළීයන් ක්ෂේත්‍රය හැර යන එක වලක්වන්න බැරි වෙයි. ජනමාධ්‍යය කොහොමත් කරන්නේ තමන්ගේ ආයතනය ප්‍රසිද්ධ කරගන්න පුළුවන් විදිගේ ප්‍රවෘත්ති වැඩියෙන් ප්‍රසිද්ධ කරන එක. මේ කාරණේදේ ජනමාධ්‍යයට දොස් කියන එකනම් පම්පූර්ණයෙන් වැරදියි.

    ----------------------------------------------------------------------------------------------------------

    ආගන්තුකයා : ඒ සුදුසුකම තියා අයව නාට්ටි වලට නිකම්ම ගන්නවනේ :D

    ReplyDelete
  27. @ පුසා,

    ඔබේ නිර්මාණය ගැන ගැටළුවක් නැහැ මල්ලි... මා ඒ ගැන මගේ අදහස දැක්වුවා... ඔබ ඔබේ අදහස දක්වා තියෙනවා...

    No hard feelings. K ?

    ReplyDelete
  28. sansarasidu : නිර්මාණයක් කළාම ඒ හැන අදහස්, විවේ‍චන, ප්‍රශංසා, තර්ක.... වගේ දේවක් වැඩි වැඩියෙන් ලැබෙනවා කියන්නේ ඒක සාර්ථක නිර්මාණයක් කියන එක. ඒ වගේම නිර්මාණයක් දිහා එක එක අයට එක එක විදිහට පේන්න පුළුවන් වගේම ඒ දිහා බලන අයට තම තමන්ගේ අදහස දක්වන්නත් පුළුවන්.
    කවදාවත් මගේ බ්ලොග් එකේ අදහස් දක්වන අයත් එක්ක මම තරහා වෙන්නේ නෑ :)
    මම වුනත් වෙනින් බ්ලොග් එකක මගේ මතයට විරුද්ධ මතයක් කවුරු හරි ලියලා තියනවා දැක්කොත් මගේ මතය දක්වලා තර්ක කරන්න මම පසුබට වෙන්නේ නෑ. එහෙම නිදහසක් බ්ලොග් එකක නැත්තම් වැඩක් නෑනේ :)
    ඇනෝ කමෙන්ට් දාන්න පුළුවන් කරලා තියෙන්නේ බැනලා යන්න ඕනේ අයට බැනලා යන්න ඕනෙනම් ඒකත් කරන්න නිදහස තියෙන්න ඕන නිසයි ;) හැබැයි කුණුහරුපෙන් බැන්නොත්නම් මකනවා :))
    අපි දැන් හොඳ යාළුවොනේ :)

    ReplyDelete
  29. මෙතන ඉල්ලුම තියෙනවා සැපයුම තියෙනවා, මාකට් ප්ලේස් එක ඉබේම ඇතිවෙනවා.

    එකම අවුල අපේ නීතියෙන් මේ වෙළඳපොල තහනම් කරලා තිබීමයි. ඒකෙන් කළුකඩයක් ඇතිවෙලා බඩු මිල අනවශ්‍ය පරිදි ඉහල යනවා.

    වෙළඳ පොල නීතී ගත කරලා නිවරදිව කරන්න ඉඩ දුන්නොත් කඩවසම් නළුවන්ටත් ඉල්ලුමක් තියේවී කාන්තා පක්‍ෂයෙන්.

    ReplyDelete
  30. හිහ් .. හිහ් ... නියම සුදුසුකම නිලියකට .......
    අනේ අපේ නිලි කමට ගිය කල .......

    ReplyDelete
  31. කතාවෙ මුලදි මාව කරවලා අතෑරියා වගේ උනා... එත් පස්සෙ තෙරුනා අනාගතේ කතාවක් කියලා... ලස්සන ගැලපීමක්,..

    ReplyDelete
  32. අනාගත සිරිලංකාව ගැන දුක හිතෙනව මොනවා කරන්නද අපිට වෙන්නේ මේවා බලාගෙන ඉන්න තමයි.ලොක්කෝත් මේ තත්වය ඇතිවෙන්න උදව් කරනකොට අපි සොක්කො මොනවා කරන්නද..

    ඔය අමතර සුදුසුකම ඉල්ලලා තියෙන්නේ ‍රැකියාවට නෙමේ ලොක්කන්ට වැඩක් ගන්න.තව කලක් යනකොට ඔය සුදුසුකම හැම ‍රැකියාවකටම ඕනි වෙයිද කියන්නත් බැරි නෑ..

    අදයි මුලින්ම මේ පැත්තේ ආවේ..හැමදාම එන්න වටින තැනක් වගේ...
    වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් එන්න..

    ReplyDelete
  33. 'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'

    අමතර සුදුසුකමක් නෙවේ ඕක අනිවාර්යය සුදුසුකමක් වෙනවා මෙහෙම ගියොත්.. :)) :))

    ReplyDelete
  34. කතන්දර Kathandara : එහෙම වුනානම් කතන්දර අයියා අද කළුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා නේද? :))

    ----------------------------------------------------------------------------------------------------------

    පන්සල් හංදිය : අනේද කියන්නේ!

    ----------------------------------------------------------------------------------------------------------

    තාරා : ස්තූතියි තාරා :)

    ----------------------------------------------------------------------------------------------------------

    ♣ආසියා♠ (♥AseS♦) : බොහෝම ස්තූතියි මේ පැත්තට ඇවිත් ස්අද්දයක් දාලා ගියාට. මාත් එන්නම්කෝ ඒ පැත්තේ :)

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : සිරාවට බං! :D

    ReplyDelete
  35. ඇත්ත තමයි පූසෝ.පොඩි ළමයි ගොඩක් වෙලාවට රූපවාහිනිය හරහා තමන්ගේ ජීවිතයට යහපත හා අයහපත කියන දෙකම ලගා කරගන්නවා.ගොඩක් වෙලාවට යහපත් දේවල් වලට වැඩිය අයහපත් දේවල් තමයි.දෙමව්පියන්ගේ වගකීම ඒ අයව හරි මාර්ගයේ යන්න කියලා දෙන එක......

    ඒත් බන් ටෙලිනාට්‍ය නිලියක් වෙන්න කැමතියි කියන එකේ වැ‍රැද්දක් මම දකින්නේ නෑ.ඒක වැරදි දෙයක් බවට හරවගෙන තියෙන්නේ අපේ සමාජය...........

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...