මට බ්ලොග් එකක් තිබ්බ බව අමතක වෙලා තිබ්බා නෙමෙයි. මතක් වෙන වාරයක් වාරයක් පාසා උවමනාවෙන්ම ඒක අමතක කරලා දැම්මා. ඕනෙනං හේතු දෙන්න පුළුවන්. බොරු හේතු. "දැන් මාර බිසී ලියන්න වෙලාවක් නෑ" වගේ හේතු. මිනිස්සු බිසී වෙන්නෙ නෑ. එක වැඩකට වඩා තව වැඩකට තියෙන උනන්දුව වැඩි උනාම මිනිස්සු කියනවා දැන් මම මේ වැඩේ නිසා බිසී අරක කරන්න දැන් වෙලාවක් නෑ කියලා, එහෙම නැතිනම් කරමින් හිටපු දේ තව දුරටත් කරගෙන යන්න කම්මැලි හිතුනාම මිනිස්සු කියනවා දැන් බිසී ඒක කරන්න වෙලාවක් නෑ කියලා. ඇත්ත කතාව උනන්දුව අඩු වීමයි.
දවසක් ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්නකොට යාළුවෙක් ශෙයාර් කරලා තිබ්බ, සංඛ දිනෙත් කියන මේ සිංදුව මට අල්ලලා ගියා.
ඒ වචන වල ලොකු තේරුමක් තියෙනවා. අනික ඒ සිංදුවේ තාලේ, සිංදුවේ විස්තර කරන සිද්ධියටත් ගැලපෙනවයි කියලා මට හිතෙනවා. ඔය සිංදුව අල්ලා යන්න හේතු වුණ අනික් ප්‍රධානම හේතුව ඔය සිංදුව අහන දවස් වල මමත් ප්‍රේමයේ සංක්‍රාන්ති සමයක හිටපු එක, ඒ කිව්වේ සිංදුවේ කියනවා වගේ නිසල විසල හුදෙකලාවක ගිලී වෙලී ශුණ්‍යතාවයෙන් හිටපු එක වෙන්න ඇති. ඒකත් හරි අපූරු අත්දැකීමක්. විඳලා බලන්න වටින තරමෙ අත්දැකීමක්! හැබැයි එල්ලිලා මැරෙන්න තරම් දෙයක් නෙමේ.
අන්තර්ජාලය කියන එක මේ තරම් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් වෙන්න ඇති මිනිස්සුන්ට සැබෑ ලෝකේ විඳින්න බැරි සමහර දේවල් වර්චුවලි(අතත්‍යාකාරයෙන්) විඳින්න ලැබෙන එක. ඔය අතරේ ඩිජිටල් සෝෂල් මීඩියා එක්ක මිනිස්සු හරි අපූරු දේවල් කරන්න පටන් ගත්තා. හරියට තමන් නොවන තමන් කෙනෙක් ඇතිකිරීම වගේ වැඩ. ඒ කිව්වේ තමන්ගේ හැබෑ ජීවිතේ අදහස්, හැඟීම් වලට සම්පූර්ණයෙන් වෙනස් වුණු චරිතයක් සෝෂල් මීඩියා සයිට් එකක( උදා:- ෆේස්බුක්) හැදීම වගේ වැඩ. තවත් සමහරු ඔය සයිට් වලින් ආදරේ හොයන්න පටන් ගත්තා. ඒ වැඩේ දැන් බොහොම සාමාන්‍යය දෙයක් වෙලා. සමහරුන්ට හරියනවා. සමහරුන්ට වරදිනවා. හැබැයි මට දැනෙන දෙයක් තමයි බහුතරයකගේ සැබෑ ජීවිතයයි අන්තර්ජාල ජීවිතයයි වෙනස්. ඔය වෙනස මම හොඳින්ම දැක්කේ මීට අවුරුදු කීපෙකට උඩදී.
"මම ඔයාට ආදරෙයි" කියලා චැට් එකක ටයිප් කරනවට වඩා කෙල්ලෙක්ගේ
ඇස් දෙක දිහා බලාගෙන ඒක කියන එක මටනම් ටිකක් අමාරු වැඩක්. එතකොට මට ඒ වචන
වල ලොකු බරපතල ගතියක් දැනෙනවා (සමහර විට මට විතරක් ද දන්නෑ). වර්චුවල් ලෝකේ
ආදර වන්තයෝ සැබෑ ලෝකේ පළවෙනි වතාවටම මුණ ගැහුණ ගමන්, චැට් වලින් කියපු
දේවල් ස්කයිප් වලින් දැකපු දේවල් සේරම එකපාරටම බොරු වෙලා ගියපු අවස්ථා මම
දැකලා තියෙනවා. හැබැයි එහෙම නොවුණු අවස්ථාත් දැකලා තියෙනවා.
ඔය අතරේ මට ඇහුණා තවත් සිංදුවක්. අජිත් කුමාරසිරි කියන මේ සිංදුව. මගේ හිතට වැදුනු තව සිංදුවක්. ආදරේ කරන්න හිතෙන සිංදුවක්.
ගොඩ දෙනෙක් මේ සිංදුවට කැමති වෙන එකක් නෑ. අජිත්ගේ ගොරහැඩි කටහඩට කැමති වෙන එකක් නෑ. කැමැත්ත අකමැත්ත සාපේක්ෂයි. හැබැයි මම හිතනවා බහුතරයක් ගෑණු කැමතියි ගොරහැඩි පිරිමි ගතිය පේන පිරිමින්ට.
ආදරේ කළා. විවිධාකර හේතු නිසා වෙන් වුණා. විරහව වින්දා. එල්ලිලා මැරුණේ නැති අය ඉතිරි උනා. ආයේ ආදරේ කළා. කලින් ආදරේ කරපු මනුස්සයා නෙමෙයි ආයේ අලුතින් ආදරයක් ඇති වෙනකොට ඉන්නේ. කලින් කෙනාට වඩා අත්දැකීම් බහුල ආදරවන්තයෙක්, ආදරවන්තියක්.
මම කිසිම ආගමක් ගැන උනන්දුවක් නෑ කියලා එයා දන්නවා. එයා මට කියන්නේ ඔයාට ආගමක් නැති උනාට කමක් නෑ ඔයා ඉන්න විදිහේ වැරැද්දක් නෑ කියලා. මම බොන බව එයා දන්නවා. මට අද වෙනකම් එපා කියලා නෑ. අඩු කරන්න කියලවත් නෑ. කිසිම දෙයක් කියලා නෑ.
"ඔයා ගංජා බීලා තියෙනවද?" එයා ළඟදී දවසක බස් එකේ යන ගමන් මගෙන් අහුවා
"ඔව්"
"කී පාරක් ද?"
"ගණං කර කර නෙමෙයි බිව්වේ...."
මම කිසිම ආගමක් ගැන උනන්දුවක් නෑ කියලා එයා දන්නවා. එයා මට කියන්නේ ඔයාට ආගමක් නැති උනාට කමක් නෑ ඔයා ඉන්න විදිහේ වැරැද්දක් නෑ කියලා. මම බොන බව එයා දන්නවා. මට අද වෙනකම් එපා කියලා නෑ. අඩු කරන්න කියලවත් නෑ. කිසිම දෙයක් කියලා නෑ.
"ඔයා ගංජා බීලා තියෙනවද?" එයා ළඟදී දවසක බස් එකේ යන ගමන් මගෙන් අහුවා
"ඔව්"
"කී පාරක් ද?"
"ගණං කර කර නෙමෙයි බිව්වේ...."
එයා ජනෙල්ලෙන් එලිය බලාගෙන හිටියා විනාඩියක් විතර. ආයේ සාමාන්‍යය විදිහට හිනා වෙවී කතා කළා. එයා මේ ඉන්න විදිහට මම කැමතියි. එත් කොච්චර කාලයක් ඔහොම ඉදියිද? දිගටම ඉදියිද? නැද්ද?
ඔය අතරේ බූන්දියේ දැක්ක, රෝහණ පොතුලියැද්ද කවියා ලියලා තිබුණු මේ කවියට මගේ හිත ඇදිලා ගියා. මේ කවිය අනාගතේ ගැන මාව බය කළා.
"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර
රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්
කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට
උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
*******************
බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං
මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං
මම මේ කවිය මගේ ෆේස්බුක් පිටුවේ ශෙයාර් කළා. කවුරුවත් දැක්කද දන්නෙත් නෑ. මම මේක ශෙයාර් කළේ මෙන්න මෙහෙම පද දෙකක් එක්ක.
"කිරි කිරි සද්දෙන් අයිස් කැට අස්සෙන් තිබුණාට හාද කම්
හෙටානිද්දා දවසක අපිටත් මෙහෙම වෙයිද බං??!"
(කවිය උපුටා ගත්තේ මෙතනින් - http://www.boondi.lk/article.php?ArtID=4016)
living the moment සංකල්පය ගැන මාත් කීප දොහක් ලියලා තියෙනවා. ඒ මං තදින් විශ්වාස කරන නිසා.. අපිටත් සුවර් නැති හෙටකට ඇයි අතේ තියෙන 'අද' නාස්ති කරගන්නේ!
ReplyDeleteliving the moment එකෙන් අපි හිටියට අපිට ඉන්ඩ දෙන්නෙ නෑ බන් වටේ ඉන්න උන්.
Deleteමුන් මොන මගුලක් පස්සෙ දුවනවද මන්ද බන්.
දරුවටවත් ඒක උගන්නන්න හිතන් ඉන්නේ.
තවත් එක පූසෙක්
ReplyDeleteනෑ නෑ . . .
නිකම්ම පූසෙක් නෙමේ
පරිනත පූසෙක්
දෙවනි සිංදුවනම් මම දැනුයි ඉස්සෙලම ඇහුවේ..
ReplyDeleteඔය සිංදු දෙක අහලා නෑ.
ReplyDeleteකවිය ගැන කියනවා නම් කවියා හෙව්වේ යාළුවාවද නැත්නම් අහිමි වූ තමන්වද?www.amuthusithuwili.wordpress.com
ReplyDeleteපූස් ගිහින් තියන දුරක් ඒ පාර
ReplyDeleteසුභ පැතුම් පූසා... ගනං කරන්න බැරිතරම් හිනාවෙන දවස් වැඩිවේවා...
ReplyDeleteසිංදු දෙකම රස වින්දා පූසෝ . ඔයා ඉතින් හැමදාම වෙනස් දෙයක් අපිට දෙනවනෙ :)
ReplyDelete