Thursday, August 18, 2011

ලෝකයේ දියුණුවෙන් මිනිසාට සිදුවන්නේ යහපතක්මද?


ජීවය මිහිපිට ආරම්භ වුණු දවසේ ඉඳන් අද වෙනකොට මිනිසා කියන සත්වයා කොච්චරනම් දියුණු වෙලාද? ඒත් හදිස්සිය්න් වගේ මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිසාගේ මේ දියුණුව නිසා ඇත්තටම මිනිසාට යහපතක් වෙනවාමද කියන එක. 

අපි හිතලා බලමු වාහන කියන දේ හොයාගන්න කලින් මිනිස්සු බොහෝවිට ගමන් කරන්න ඇත්තේ පයින්මයි. ඉතිං ඒකාලේ මිනිස්සුන්ට අධික තරබාරුකම නිසා ඇතිවෙන ලෙඩරෝග බොහෝම අඩු වෙන්න ඇති. ඒත් මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න නිපදවපු වාහන නිසා මොකද වෙලාතියන්නේ? මිනිස්සු ඔක්කොම කම්මැලි වෙලා. එක බස් හෝල්ට් එකක ඉඳන් මීටර් ගානක් එහායින් තියන තව හෝල්ට් එකකට යන්නෙත් බස් එකේ. සල්ලි තියන උදවිය තමන්ගෙම වාහන වලින් යනවා. මේ ළඟකදි මම දැක්කා එක අංකල් කෙනෙක් කාර් එකේ වාඩිවෙලා හිටියා. එයා කොච්චර මහතද කියනවනම් සුක්කානම බඩේ වදිනවා.

බොහෝම ඉස්සර ඉස්කෝල නැති කාලේ ළමයි ගෙදර ඉන්නකොට එයාලගේ අම්මාගෙන් තාත්තාගෙන් සමාජය ගැන රටේ ලෝකේ ගැන ගොවිතැන ගැන ආදිය දැනගන්න ඇති. තව එයාලගේම අත්දැකීම් වලින් යම් යම් දේවල් ඉගෙන ගන්න ඇති. ඒත් අද අධ්‍යාපන ක්‍රමය සෑහෙන්න දියුණුවෙලා. කාලෙන් කාලෙට විෂය නිර්දේශ වෙනස් වෙනවා. මේ ළඟදි මට කැම්පස් ගිහින් අවසන් වුණු කෙනෙක්, උසස්පෙළ විෂය නිර්දේශය දැකලා කියනවා ඇහුනා එයාලට කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ උගන්නපු දේවල් මේ නව නිර්දශයේ තියනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැනුම දියුණු වෙනවා. ඒත් මේ නිසා ඉගෙනීම සංකීරණ වෙලා. තරඟකාරීත්වය වැඩි වෙලා. උසස්පෙළ කරන ළමයින්ගෙන් කීයෙන් කී දෙනයිද අතිරේක වැඩ කටයුතුවල යෙදෙන්නේ? උසස්පෙළ කරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "අනේ ඕවට කෝ වෙලාවක්" කියලා. ගොඩක් වෙලාවට ගෙවල් වලින් උනත් කැමැත්තක් නෑ තමන්ගේ ළමයා උසස් පෙළ කරන ගමන් අමතර දෙයක යෙදෙනවාට.  අධ්‍යාපනය මහා තරඟයක් වෙලා. මේ නිසා අපේ ජීවිත සංකීර්ණ වෙලා.

මුදල් කියලා දෙයක් නොතිබුණු කාලේ මිනුස්සු කෑවේ බිව්වේ නැති වෙන්න බෑ. ඒ කාලේත් මිනිස්සු කාලා ඇඳලා ජීවත්වෙන්න ඇති. හැබැයි කාලයත් එක්ක දියුණු වෙලා අද මුදල් කියලා දෙයක් තියනවා. ඉතිං අපි හැමෝම මේ උත්සාහ කරන්නේ වැඩි වැඩියෙන් මුදල් කියන දේ එකතු කරන්නයි. කිසි කෙනෙක්ට කියන්න බෑ මම නම් මේ රස්සාව කරන්නේ මුදල් හොයන්න නෙමෙයි කියලා. මුදල් නැතුව අද කිසිම කෙනෙක්ට කාලා ඇඳලා ජීවත් වෙන්න බෑ. සමහරු හොරකම් කරන්නෙත් සමහරු මිනී මරන්නත් මුදල් නිසාමයි. කොහොම හරි කරලා වැඩියෙන් උපයාගන්න දඟලන අද කාලේ මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා.

අද මේ තියන පහසු කම්, මිල මුදල්, යාන වාහන කිසිම දෙයක් නැති කාලෙත් මිනිස්සු ජීවත්වෙලා අන්තිමේ මැරිලා ගියා. අද කාලේ මිනිස්සු පහසු කම්, මිල මුදල්, යාන වාහන සහ තව නොයෙකුත් දේවල් ලබාගන්න මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා අන්තිමට මැරිලා යනවා. අන්තිමට කොහොමත් අපි මැරිලා යන එකමයි වෙන්නේ. ඒත් එහෙමවුනත් අද ලෝකේ යන අතටම අපිටත් යන්න වෙනවා. අපායට වුනත් දිව්‍යලෝකෙට වුනත් හැමෝම යන පස්සේ අපිටත් යන්න වෙනවා......
මිනිස්සු දියුණු වෙලා ජීවිත සංකීර්ණ වෙලා............

ප.ලි : ගණන් ගන්න එපා මේ දවස්වල ඔයවගේ විකාර මට නිතරම හිතෙනවා.


[පින්තූරෙ-http://www.supercoloring.com/wp-content/main/2009_07/So-tired-after-shopping-coloring-page.jpg]

26 comments:

  1. අවුරුදු සියයකට ඉස්සෙල්ලා කාන්තා පාර්ශවයේ පරම ආයුශ තිස් පහයී. ලමයෙක් නොමැරුනු ගෙයක් නැහැ. වකුගඩු අමාරු, හෘදාබාද නැහැ, යකා ගහලා නැත්තම්, කලුකුමාරයා ගහලා තමා මලේ.

    ReplyDelete
  2. නියම පෝස්ට් එක මිත්‍රයා.අද කාලෙ අයට ගොඩක් වටිනවා.ඔයා කියන එකනම් ඇත්ත තමා.ඒත් ඉතින් අපිට ලොකේ වෙනස් කරන්න අමාරුයිනේ නේද.ගොඩක් ස්තුතියි මේ වගේ පෝස්ට් එකක් දැම්මට.දිගටම ලියන්න බොක්කෙන්ම සුභ පතනවා....ජය..! :)

    ReplyDelete
  3. අම්මෝ පූසොත් දන්න දේවල් හැබෑට. ඔහොම යන්

    ReplyDelete
  4. විකාර නෙමේ ඇත්ත කතාව.
    අද තියෙන ගොඩක් ලෙඩ රෝග ඒකාලේ තිබ්බේ නෑ කියලා අපේ ආච්චි අම්මා කියනවා ඇහිලා තියෙනවා. මිනිසු සරලව ජීවත් වෙනකොට ගොඩක් ප්‍රශ්න අඩුයි. ඒ වගේම තමා මිනිස්සු දියුණු වෙන්න වෙන්න පරිසරයත් එක්ක තියෙන බැඳීම ගොඩක්ම අඩුවෙලා ගිහින්.

    ReplyDelete
  5. හැබැයි ඉතින් අද ලෝකේ දියුනු වෙලා නොතිබුනා නම්, අපට පූසාගේ මේ කතා අහන්ටවත්, අපි එකිනෙකා අඳුනගන්ටවත් වෙන්නේ නෑ. ඒත් අපි ඉඳලා මැරිලා යයි නම් තමා. ඒත් මට හිතෙන හැටියට රට, රටවල ඉන්න ඔයගොල්ලන් වාගේ යාලුවෝ මූන ගැහීමත් ජීවිතේ එක්තරා විදියක වෙනසක්..... :)

    මැදි පිලිවෙතේ හිටියා නම් හැමදේටම හරි නේද?

    ReplyDelete
  6. එහෙම පිටින්ම විනාශයක්..

    ReplyDelete
  7. ඉස්සරට වැඩිය දැන් පිලිකා උනත් කොච්චර වැඩිද. අපි කන බොන දේවල් තමා.

    ReplyDelete
  8. දෙපැත්තක් තියේ නේ පූසෝ..... :)දියුනු උන නිසා වැරදි වැඩි...
    ඒත් දියුනු උනේ නැති නම් බොට බොල්ගක් කොරන්න වෙන්නේ නෑ නේ..කෑල්ලට මැසේජ් එකක් ගහන්න වෙන්නේ නෑ නේ

    ReplyDelete
  9. Check this video

    http://www.youtube.com/watch?v=66pTPWg_wUw&t=300

    ReplyDelete
  10. මූට දෙයියන්ගෙ හාල් කැවී ඇත.. 8-}

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්.... මේකෙ ඇත්තක් තියෙනවා.. විකාරයක් නෙවෙයි...!! හැබැඅයි හැම දෙයකම දෙපැත්තක් තියනවනෙ... ඉතින් දියුණු නොවී තිබිලත් බෑ...

    ReplyDelete
  12. ඒ පූසෝ.. නැගිටපං නැගිටපං.. හැබැයි.. හීනෙන් වුනත් ඇත්ත තමා කියලා තියෙන්නේ.. :D :D

    ReplyDelete
  13. මචන් මිනිස්සු දියුණු වෙන්නෙ බෞතිකව විතරයි, ආද්‍යාත්මික දිරුණුව එන්න එන්නම පිරිහෙන්න අරගෙන.මෙ ඇතිවෙලා තියනව කියන දියුණුව එකපාරටම නැතිවෙලා ගිය දවසට මිනිස්සු අතරමං වෙනව අනිවාර්යයයි

    ReplyDelete
  14. ඔය මල විකාර හිතෙන එක නැවතුණ වෙලාවක ඔය රකිත දීල තියෙන වීඩියෝවට අදාල චිත්‍රපටි යුගල හොයාගෙන බලමු. තව.. වොලී එහෙම බලල ඇතිනේ...

    ඕක ඔහොම තමයි. ලෝකය කැරකෙන නිසා මිනිස්සුන්ටත් නිතරම ඉදිරියක් තියෙනවා. ඒකට සූදානම් වෙන්න ඒ දැනුම අද දවසෙ ලබා ගන්න වෙනවා. අපේ අම්මල තාත්තල උසස්පෙලට ඉගෙනගත්තුව තමයි අපි 9 පන්තියෙදි කලේ...

    ReplyDelete
  15. ඉතින් ඔහොම මිනිස්සු ඉන්නකොට ඉන්නකොට සමහර ය වෙනස් විදියට හිතනවා ..වෙනසක් කරනවා ..ඕක තමයි දියුණුව කියන්නේ . හැබැයි අපි සමහර දේවලින් ආපස්සටත් යනවා . එකනේ නගරේ එපාවෙලා ඉඳහිට ගමට දුවන්නේ . ඒත් ටෙලිෆෝන් ...ඉන්ටර්නෙට් නැති වෙනකොට ආයේ ගම දාල දුවනවා . මිනිස් සතාගේ හැටි එහෙමයි. ඉස්සර පුසෝ හිටියේ කැලේ. පස්සේ ගෙවල් වල ඇති කරන්න පටන් ගත්ත . දැන් පුසෝ බ්ලොග් ලියනවා .

    ReplyDelete
  16. කන්දක් නැග්ගොත් පල්ගමක් අහුවෙනවා.... ඔහොම යං තාම මේ කන්ද අදින්නේ.... පල්ලම අහුවුනදාට බලමු හොද හොද ඒවා

    ReplyDelete
  17. පූසා මචං බලුරාල කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ.. ඔය ඉස්සර මේ අපිට දැන් පෙන්නන තරම් නිදහස් නිවහල් ලෝකයක් නෙමෙයි. අද නැති සංකීර්ණතා ගොඩක් ඒ කාලෙ තිබුනා. කොටින්ම කියනවනං අද මේ අපි පණ යන්න දාගෙන බනින පොලිසිය වුනත් දියුණුවෙ ප්‍රතිඵලයක්.

    උඹ ඔය හිතුවිල්ලෙන් හේතු සහගතව ඉක්මනට නිදහස් වෙයි කියල හිතනව. ඕකෙ හිර වුන එවුන් ලමයා රෝයල් යවන්න එපා වගේ බයිල දෙසනවා බ්ලොග් වලත් බලන්න පුලුවන්.

    ReplyDelete
  18. මමනම් හණ මිටිය කර ගහං ඉන්නවාට වඩා දියුනු වෙන්න කැමතියි බං .. මොනවා කරන්නද ..

    ඇත්තෙන්ම කීවොත් ඒකාලේ මිනිහා හිටියේ පන බයේ ! ලෙඩක් දුකක් හැදුන ගමං ඌට බඩු ! අනිප්පහුවදා වලකජ්ජ ! ඒත් අද කාලේ මචං දොස්තරලා අතේ දුරින් නිසා බය වෙන්න දෙයක් නෑ ..තාක්සනේ මචං තාක්සනේ !

    ReplyDelete
  19. පූසාව හොයා ගන්න තියෙන අමාරුවක්. (වන් සීරෝ සීරෝ හරහා මම ආවේ. )
    ඔයාගේ ලොකුම ලොකු කතාව මම වගේ ගෙම්බෙකුට හොඳටම තේරෙන්නේ නෑ. ඒ උනාට ඉතින් මටත් වෙලාවකට හිතෙනවා මේ මගුල් ඔක්කොම තිබුනේ නැත්නම් අපේ ජීවිත මෙයිට වඩා නිදහස් වෙයි කියලා.
    අඩු ගානේ වෙනස් වීමකට ට්‍රයි කරන්නවත් නිදහසක් අපිට දැන් නෑ.
    මොනවා කරන්නද යන්නන් වාලේ පස්සෙන් යන්න වෙලා අපිට....

    ReplyDelete
  20. @හිස් අහස
    I have to agree with you. Recently I was reading about tooth decay. Apparently before antibiotics were invented tooth decay related infections were a major course of death. Thanks god I did not live those days.

    But I see problem with development

    We used science to develop things which improve our lives. Then we develop things to improve things we developed first place. And we develop things which improve things that improve things that improve out lives. Once I thought about how do I contribute to improve lives of humans.

    I am a programmer! We programmers write code which help businesses run better. Most of those businesses make machines that will be used in other factories to make other machines.And those machines are used to make more stuff..... then I gave up thinking.

    ReplyDelete
  21. කිසිම විකාරයක් නැහැ.ඇත්ත ඕක තමයි.. දියුණුවත් එක්ක මනුස්සකම පස්ස සීට් එකට ගිහින්. රේස් එකේ ඉන්න අපිට දෙපැත්තේ තියෙන හැමදේම පෙනෙන්නේ නැහැ.. මිරිඟුව දිහා බලන් දුවනවා..

    ReplyDelete
  22. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි :)
    එක එක්කෙනාට වෙන වෙනම මෙන්ට් කරන්න විදිහක් නෑ මොකද එක එක අය ලියලා තියන්නේ තම තමන්ගේ අදහස් නිසා. කොහොම වුනත් අන්තිමේ මට තේරුණා මට හිතිලා තියන්නේ මහා විකාර දෙයක් කියන එක. ඇත්තටම ලෝකේ දියුණු වෙන්න ඕනේ. දෙයක් දියුණු නොවුනොත් ඒවයේ පැවැත්ම අඩුයි. බලාගෙන ගියාම ලෝකේ දියුණුව නිසා අපිට කොච්චරනම් යහපත් දේවල් ලැබිලා තියනවද.....

    ReplyDelete
  23. කතාවනම් ඇත්ත. අද කාලේ ඉතින් ඔක්කොම ක්ෂණික මට්ටමට ඇවිත් ඒ වෙද්දි ඔය යන්තර සූත්තර උපකරණ නැතුවත් බැහැ. ඒත් දියුණු වෙන්න දියුණු වෙන්න ඇති වන ගැටළු ප්‍රමාණයත් දියුණු වෙනවා. වගේ එකක් තමා ඕන් හිතුනේ. :D

    ඔය උ/පෙ කතාවනම් අනේ මංදා. මං විභාගේ ලියන අවුරුද්ද වෙනකම් බෑංචූන් ගැහුවා,කොනසැට් වල හිටියා, එකී මෙකී සියල්ල කලා. හැබැයි මාත් එක්කම ඔව්වා කර කර ඉඳලා ඔය සියල්ල අත්ඇරලා උ/පෙ කල අයට සමානව හෝ ඊට වැඩියෙන් මට ප්‍රථිපල තිබුනා. මොකද මනස සැහැල්ලුවට අර දේවල් ගොඩක් උදව් උනා. වැඩි බරක් ගත්තමත් මහ කරදරේ..........:-? :-?

    ReplyDelete
  24. අනේ මන්දා පූස්, මේක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්.
    henryblogwalker aka Dude

    ReplyDelete
  25. මාත් ඕක ගැනම මෙන්න මේ විදියට ලිව්වා " http://asanka-mind.blogspot.com/2011/08/blog-post_11.html " කතාව හරියටම හරි. ලෝකේ දියුණුවෙලා කියලා වෙලා තියෙන්නේ වෙනස් වීමක් විතරයි නේ මචෝ

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...