Monday, November 7, 2011

බෞද්ධ දර්ශණයෙන් අපගමනය වූ සමහරුන්ගේ බෞද්ධ "ආගම"...

බ්ලොග් කරනය නම් හිතට සැනසුමක්මය. මේ තරමට කෝප වූ මොහොතක කිසිවෙක්ට බණින්නටත් කිසිවෙක් හා තර්ක කිරීමටත් නොහැකි මොහොතක හිතේ ඇති කෝපය හිඳෙනා තුරු අකුරු වලට ගලපා සයිබරයට මුදාහැරිය හැකිය. එවන් වූ මොහොතක මා මේ ලියන්නට සැරසෙන්නේ අපේ සමහරුන්ගේ බුද්ධාගම ගැනය.

සමහරුන්ගේ බුද්ධාගම බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ අය සිතා සිටින්නේ ලෝකයට පේන්න දාන මාන දීමෙන් නිවන් ලැබෙන බවය. ලෝකයට පෙනෙන්නට දානය දුන්නත් නොදුන්නත් දානය නැමති පුණ්‍ය කර්මයට මූලික වන්නේ සිතේ ඇති සිතුවිලිය. මේ බව අපේ බොහෝ උපාසක ඇත්තෝ නොදනිති. බොහෝ අය දාන මාන පින් කම් සිද්ධ කරන්නේ තමන්ගේ යහපත් බව රටට ලෝකටය ප්‍රදර්ශණය කිරීමටය. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ ලොකුම බිස්නස් ස්වාමීන් වහන්සේයි. එමනිසා උන්වහන්සේ පොඩි පොඩි දාන මාන ආදියට නොවඩියි. ඒ හන්දා කෙසේ හෝ උන්වහන්සේව නිවසට වඩම්මවාගෙන බණ ඇසීම, අපේ උපාසක උපාසිකාවන්ට නිවන් ලැබුවාටත් වඩා සතුටු විය හැකි කාරණයකි. එමෙන්ම නිවසට වැඩමවූ ලොකු හාමුදුරුවන්ට බැදපු තෝර පෙති ලබා දීම යනු මහා බල මහානිසංශ ලැබෙන පුණ්‍ය කර්මයක් සේ අපේ අසරණ උපාසක උපාසිකාවෝ සිතති.

බොහෝ නිවෙස් වල උපාසක උපාසිකාවන් දිනපතාම උදේ 8 සිට 9 වනතුරුම රේඩියෝවෙන් ධර්මය ස්‍රවණය කරයි. තවත් සමහර උපාසක උපාසිකාවන් රාත්‍රී 8 සිට 9 දක්වා ධර්ම දේශණයද කිසි ලෙසකින් මඟ නොහරියි. නමුත් අවාසනාවකට බොහෝ අය සිදුකරන්නේ දර්ම දේශණ වලට සවන් දීම පමණක්මය. ඔවුහු එම දේශණ වල හරය සිත්හි තබා ගැන්මට කිසිසේත් වෙහෙස නොවෙති. එම දේශණා වලට සවන් දෙන බොහෝ පින්වතුන් පින්වතියන් පවසන්නේ "අප්පේ අද බණ ටිකනම් අරූටම/අරකිටම කියනවා වගේ. මේවා ටේප් කරලා ගිහින් දෙන්න වටිනවා" යනුවෙනි. ඒ ඔවුන් ධර්ම දේශණයට සවන් දීමෙන් ලබාත් දේශණයේ හරයයි. එසේ ධර්ම දේශණ සවන්දෙන පිංවතුන්ගෙන් පැය කිහිපයකට පසුව අදාල ධර්ම දේශණයේ කියවුනු කරුණු මොනවාදැයි විමසීම නොහොබිනාය. ඒ හුදෙක් අපේ පිංවතුන්ට දේශණය අමතක වී ගොස් ඇති නිසා නොව ධර්මය ඇසූ කෙනෙක්ගෙන් එසේ විමසන්නේ අධාර්මික ඇත්තන් බැවිණි.

"බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි බුද්ධාගම කියන්නේ දර්ශණයක්" දිනක් උදෑසන ධර්ම දේශණාවකදී ස්වාමීන් වහන්සේ නමක් වදාළ සේක. අපේ පිංවත් ආච්චිලා සීයලාට ඔය කතාව විස්තර කිරීමට ගිය හොත්, කැති පොලු උස්සාන ස්වාමීන් වහන්සේ පිටුපස පන්නාගෙන ගොස් උන්වහන්සේ බුද්ධාගම නැති කිරීමට සිවුරු පොරවා පැමිණි අබෞද්ධයෙකු ලෙස හංවඩු ගසනු ඇතැයි ඇති වූ බිය නිසාමදෝ "මම ඒ සම්බන්ධව මෙතන විස්තර කරන්න යන්නේ නෑ" යනුවෙන් වදාළ උන්වහන්සේ කතාව වෙනතකට හැරවීය.

මේ ලිපියක කියවන ඔබද වැඩිහිටියෙකුට "බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශණයක්" යැයි කිසි විටෙක නොපැවසිය යුතුය. මක් නිසාද යත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය "අප්පේ මේ දැන් හැදෙන උන් කියන කතා. උඹලා වගේ උන් නිසා තමයි මේ ආගම පිරිහෙන්නේ. අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තිබ්බේ මේ ලෝකේ තියන හොඳම ආගම බුද්ධාගම කියලා. ඔය වගේ කට කැඩිච්චි කතා කියලා බුදු දහමට අපහාස කරන්න එපා. ඕවා මහා පව් කතා. ඔය කතා මීට පස්සේ කියන්න එපා. ඕවායේ විපාක මේ ආත්මෙම ඵල දෙනවා!" යන්නට වෙනස් වන්නේ ඉතාම කලාතුරකින්ය. ඒ හැරෙන්නට වැඩිහිටියන් විසින් ඔබව අධර්මිෂ්ඨ පුද්ගලයෙකු ලෙසටද හංවඩු ගැසෙනු ඇත.

ලිපිය ලියන්නට පටන්ගත්තේ කෝපයෙන් වුවද ලිපිය අවසාන වන විට කෝපය සිඳී ගොසින්ය. මාසයක් තිස්සේම අනුන්ගේ ඕප දූප සොයමින්, කෙනෙක් නැති තැන ඔවුන්ට බණිමින්, අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, අනුන්ට වල කපමින් සිට මසකට වරක් පෝයට සිල් සමාදන් වීමෙන් හෝ පන්සල් යෑමෙන් නිවන් අවබෝධ වේ යැයි සිතා සිටින බොහෝ වැඩිහිටි පිංවතුන් පිළිබඳව දැන්නම් මා සිතේ ඇති වන්නේ කණගාටුව මිශ්‍රිත අනුකම්පාවක්ය.

27 comments:

  1. ආගම එහෙම නැත්නම් රිලිජන් කියන වචනයේ තේරුම තමයිලු ... සීමාවකට කොටු කිරිම ..මේක ඇවිත් තියෙන්නේ ග්‍රීක් වචනයකින්ලු

    ඒ අනුව බලන කල සිමා වලට වැට බැඳි නැති බුද්ධාගම දර්ශනයකි

    ReplyDelete
  2. රිලිජන් කියන්නෙ ආගම කියල සුවර්ද???

    ReplyDelete
  3. සමහරු බුද්ධාගම අදහන්නෙ නිවන් යන්න වුනොත් එහෙම මාර අපරාදයක් වගේ හැඟීමකින් තමයි. බුද්ධ දර්ශණයේ තියෙන හරිම සරල දේවල්වත් තේරුම් ගන්නෙ නැහැ. ධර්ම දේශනා වලිනුත් ගන්න ඒවායින් ගහන්න හදන්නෙ අනුන්ටම තමයි.. මමත් හරියට අත් දැකලා තියෙනවා.. මුලදි කේන්තියක් ආවත් දැන් නම් හිනා වෙලා තේරුම් අරන් නිකන් ඉන්නවා..

    ReplyDelete
  4. “ලිපිය ලියන්නට පටන්ගත්තේ කෝපයෙන් වුවද ලිපිය අවසාන වන විට කෝපය සිඳී ගොසින්ය. මාසයක් තිස්සේම අනුන්ගේ ඕප දූප සොයමින්, කෙනෙක් නැති තැන ඔවුන්ට බණිමින්, අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, අනුන්ට වල කපමින් සිට මසකට වරක් පෝයට සිල් සමාදන් වීමෙන් හෝ පන්සල් යෑමෙන් නිවන් අවබෝධ වේ යැයි සිතා සිටින බොහෝ වැඩිහිටි පිංවතුන් පිළිබඳව දැන්නම් මා සිතේ ඇති වන්නේ කණගාටුව මිශ්‍රිත අනුකම්පාවක්ය.“


    තමා ගැනම විග්‍රහ කරල වගේ බොහොම හොඳයි. අඩුම තරමේ මොලේවත් පෑදිල දැන්.

    ReplyDelete
  5. ඒත් හැමදාම මෙහෙම බණ අහන අයට බුද්ධාගම අපහරණයට ඉඩ දීලා අපිත් ටිකක් හොයල බලල බුද්ධ දර්ශනය අනුගමනය කලොත් හොඳයි නේද? අපි එහෙම නොකලොත් හැමදාම මේ බණ අහන අයට තැන දීලා බුද්ධ දර්ශනය වෙනස් වේවි..

    @Weni,
    //සමහරු බුද්ධාගම අදහන්නෙ නිවන් යන්න වුනොත් එහෙම මාර අපරාදයක් වගේ හැඟීමකින් තමයි. බුද්ධ දර්ශණයේ තියෙන හරිම සරල දේවල්වත් තේරුම් ගන්නෙ නැහැ//
    100% එකඟයි..

    ReplyDelete
  6. බෞද්ධ දර්ශනය කියන්නේ ගොඩාක් ගෑඹුරු දෙයක් කියලා අපි හැමෝම දන්නවා නේ...
    බුදු දහමේ මුලික හරය, මම දන්න විදිහට , මම විශ්වාස කරන විදිහට භෞතිකත්වයෙන් තොරවු, ඇතමුන්ට අනුව භෞත යථාර්ථවාදී නොවු විමුක්තිය කරා මිනිසාව ගෙනයන මාර්ගයක්...
    ඒත් අද බුදු දහම භෞතිකවාදි මන්තරයක් බවට පත්වෙලා...
    ආගමකයි , දර්ෂණයකයි ලොකු වෙනසක් තියනවා..
    ආගම ක මුලික ලක්ෂනය තමා භක්තිය. භක්තිය කියන්නේ බය වීමට නේ.
    බුදු දහමේ ඔය කියන විදිහේ බය වෙන්න කිසිම දෙයක් නෑ.
    අපේ උපාසක උපාසිකාවො “ හමිබෝ....අපාය....ෂා..දිවිය ගෝකෙ “ කියල වෙන් කරගත්ත මානසිකත්වයකින් ඉන්න එක නිසා තමයි, බුදු දහම, එහි සාධනීය අර්ථයෙන් වෙන්වෙලා ආගමක් විදිහට හංවඩු ගැහිලා තියෙන්නේ..
    කොයි හැටි වෙතත්, රූ සහෝ කීව වගේ, බුදු දහමෙ අනාගතය වගේම නිවැරදි බුදු දහම රැක ගන්න එකත් තියෙන්නේ, තරුණ වයසෙ බෞද්ධයින්ටම තමයි...ඒක එහෙම නෙවෙයි කියන්න පුලුවන් කාටද?

    ReplyDelete
  7. “ආගම“ මිනිස්සුන්ට අබිං වගේ.ඉස්සර මට මතකයි , අපි කවුරු හරි මෙහෙම කීවොත්.
    “ එයා ආගමේ “ ඒකෙන් අදහස් වුනේ ,එයා ක්‍රිස්තියානි කෙනෙක් බව.ඒ තරමට ආගම කියන එක බුද්ධ ධර්මයෙන් බැහැර වෙලයි තිබ්බේ. ස්කොලෙ දි ඉගෙන ගත්තෙත් , බුද්ධ ධර්මය මිස බුද්ධාගම නෙමෙයි.
    දැන් නම් ඉතින් ආගම කියන තැනට මාත් ලියන්නේ බුද්ධාගම කියලයි.

    ReplyDelete
  8. ආගමකට වඩා දැන් තියෙන ආගම් වල තියෙන්නෙ සංස්කෘතියක්. ආගමක් කියන එක මිනිස්සු අධ්‍යාත්මිකව වෙනස් කරන දෙයක්. ඒත් දැන් තියෙන මේ බොහෝ ආගම් වලින් එහෙම වීම වෙනුවට වෙන්නෙ සංස්කෘතික ලක්ෂණ විතරක් ඉස්මතු වීමයි.
    කොහොමත් ආගම කියන්නෙ හදවතේ දෙයක්. බුදුන් වහන්සේව හදවතින් පිළිගැනීම කියන දේ ඇතිවෙන්න බෞද්ධ ආගමික සියල්ල සමග සම්බන්ධ විය යුතු නෑ.

    ReplyDelete
  9. මේ කතාව බස් එකෙන් කියෙව්වා. අවුට් සයිඩර් ගේ කතාවට ඉහලින්ම එකඟයි.

    ReplyDelete
  10. මාත් පිලිගන්නවා බුදු දහම දර්ශනයක් බව.හැබැයි ඕක කියන්න ගියොත් නම් ඉවරම තමයි.

    ReplyDelete
  11. බලාගෙන අයිතිකාරයෝ ඒවි!

    ReplyDelete
  12. බෞද්ධ දර්ශනය එකක්. බෞද්ධ සාහිත්‍ය තව එකක්. සමහර නාකි උපාසකම්මලා ඇද බැඳගෙන තියාගන්නෙ ඔය බෞද්ධ සාහිත්‍යයි. ඕන්න පොලොව පලාගෙන ගිණිදැල් මතුවෙලා අරකා අවීචි මහ නරකාදියට ඇදන් ගියා කියන එක ඒ අයට සාදු සාදු කියන්න තරම් සතුටක් ඒ අයට ඇති වෙන දෙයක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  13. නාකි ආච්චිලා මේවා කියවන්නේ නැහැ . තරුණ අය හිතන විදිහනේ වැදගත් .හැබැයි අද තරුණයින් වයසට ගිහින් හිතන්නේ කොහොමද කියන එකත් වැදගත්

    ReplyDelete
  14. අපේ පැත්තේ බණ අහනවට වඩා කරන්නේ රේඩියෝ එකේ සද්දෙන් බණ දාලා තම තමන්ගේ වැඩක් කර ගන්න එක. හික්ස් :)

    ReplyDelete
  15. බොදු දහම දර්ශනයක් බව මගෙත් අදහසයි
    (මාත් සෑහෙන වැඩිහිටියෙක්)

    ReplyDelete
  16. මචං පූසා... උඹ අන්තිමටම කියලා තියෙනවා වගේ අය තමා වැඩියෙන්ම ඉන්නේ...

    ReplyDelete
  17. මිනිස්සු ජීවත්වෙන්නෙ විස්වාසයන් මත, හැම දෙයක්ම ‍රැඳිල තියෙන්නෙ විස්වාසයන් මත. ඒව එකපාරටම බිඳිල ගියාම අල්ලගන්න දෙයක් නැතුව ඔහේ පාවෙලා ගිහිල්ල විනාස වෙනව. ඒක නිසා ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා යයි. එහෙම නැතුව එක ‍රැයකින් සිද්ද නොවෙච්ච දෙයක් එක ‍රැයකින් වෙනස් කරන්න බෑ. ආච්චිල සීයලගෙ මතයේ ඒ අය උන්නා දෙන්, අළුතින් හිතන්න පුළුවන් උන් වෙනස් වෙයි.

    ReplyDelete
  18. නවම් කියපු වෙනස වෙන්නෙ දාර්ශනික කාරනා ජනප්‍රිය වීම මත නෙවෙයි. ඔය සංස්කෘතික මිථ්‍යාවන් මත ආගම ඇදහීම ජනප්‍රිය වීමෙන්. එක අතකට ඔය දෙක වෙන්කරන්න පැහැදිලි රේඛාවක් ‍කියල එකකුත් නෑ. ඒ සේරම අස්සෙ ආගම් කියන ඒව අනිත් හැම දෙයක්ම වගේ වෙනස් දෙයක් බවට පත් වීගෙන යනව. ගැටළු අවම කිරීමේ විසඳුමම ගැටළුව වෙනව.

    හරි දේ වැරදි දේ තේරුම්ගන්න ආගමක් අවශ්‍යම නෑ... නමුත් ආගම් වලින් ඒක ඉගෙනගන්න උවමනා කෙනෙක් ආගම් 2ක්වත් ඉගෙනගන්න වෙනව. නැත්තං වෙන්නෙ අනෙකා මත බලය පටවන්න යෑමේ වර්තමාන අවුල. වෙනත් ආගම් ගැනත් දැනුමක් තියෙනවනම් එහෙම කරන්න යන්නෙ නෑ...

    ReplyDelete
  19. මලේ, මේ මම හිතන දේ. බුදු දහම ආගමක් නොවන්නා සේම දර්ශණයක්ද නොවේ.එය දහමකි.මන්ද යත් දර්ශණයක් යනු කෙනෙක් මනසින් ගොඩනඟන මතයකි. දහම යනු ලොවෙහි පවතින යථා ස්වභාවයයි.බුදුවරු ලොව පහළ වී කලින් කලට යටපත් වී පවතින ඒ සත්‍ය හෙවත් දහම හෙලි කරති.

    ReplyDelete
  20. බුද්ධාගම දර්ශනයක් උනේ ආරම්බෙදි.දැං ඒක ආගමක්.ඒකයි අපේ රටේ හැම තැනම පන්සල් තියෙන්නෙ.ඒකයි හාමුදුරු කෙනෙක්ට ඉඳගන්න පුටුවට සුදු රෙද්දක් දාන්නෙ.ඒකයි පන්සල් ගිහිං චෛත්‍යයටයි, බෝ ගහටයි, පිළිමවලටයි මල් තියලා වඳින්නෙ.දීර්ඝායුෂ ප්‍රාර්ථනා, අධිශ්ඨාන පූජා, බෝධි පූජා වගේ නිකං ධර්මයෙං විස්තර කරන්ඩ බැරි දේවල් කට්ටිය පිළිපදින්නෙ.බුද්ධාගම යනු කුමක්ද කියන එක(බුද්ධාගමේ හරය හෙවත් ඉගැන්වීම නෙමෙයි ) දැනගන්නනං අනිත් ආගම් ගැන යම් දැනුමක් ලබාගන්න ඕනෙ.විවෘත මනසකිං බැලුවාම (පක්ෂග්‍රාහී නොවී )තේරෙනවා අනේ වෙනසක් නෑනෙ කියලා.මේ මට හිතෙන හැටි.මගේ ආගම දර්ශනය දෙකම සරළයි.මගේ නිදහස අනෙකාගේ නාසය අසලින් අවසන් වේ.අනිකාගේ නිදහස මගේ නාසය අසළින් අවසන් වේ.එච්චරයි.තමංගෙ සීමාවෙ ඕනෙ නරි නාටකයක් නැටුවට කාටවත් මොකද??????

    ReplyDelete
  21. තරහකට කියනවා නෙමේ .. අනිත් ආගම් ගැන යම් දැනුමක් නොවේ හොඳ දැනුමක් අරගෙන බුද්ධ දර්මය ගැනත් පොඩ්ඩක් හොයල බලලම කොමෙන්ට් එකක් දැම්ම නම් තමා හොඳ
    මොකද මම දන්නා තරමට බුද්ධ ධර්මය නම් "මගේ නිදහස අනෙකාගේ නාසය අසලින් අවසන් වේ.අනිකාගේ නිදහස මගේ නාසය අසළින් අවසන් වේ" ට වඩා ගොඩක් සංකීර්ණයි. අමාරුයි
    ප්‍රන්ඥ වන්තයන්ට පමණක් ගෝචර වෙන දෙයක්. ඕනේ කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන් දෙයක්. එක කාලයකට සීමා නොවුන දෙයක්... "ස්වක්කතෝ බගවතෝ අරහතෝ" කියල අපි උදේ ඉදන් රෑ වෙනකන් කියන්නේ ඕකනේ . බුද්ධ ධර්මය ආගමක් විතරක් නම් එහෙම වෙන්න බැනේ. එහෙමනම් ඉතින් ඉපදුන ගමන්ම ලබා ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ලකී කියපු කතාව ඇත්ත. මගේ අදහසත් ධර්මයක් කියන්නේ අගමක්වත් දර්ශනයක්වත් නෙමේ කියලයි

    ReplyDelete
  22. කිටියා කියපු දේ සෑහෙන ඇත්ත...
    මම මේ ගැන කියන දෙවැනි කොමෙන්ට් එක...
    මේක ඇත්තටම හරිම සුන්දර මාතෘකාවක්...
    කොහොම උනත් අපි එකිනෙකා හැදෙන එකයි වැදගත්...
    නැතුව දාර්ශනික ප්‍රශ්න නිසා ගහමරා ගන්න එක නෙවි..
    ලිපිය නමි නියමය් පූස් අයියේ...

    ReplyDelete
  23. හැම දේකින්ම මිනිස්සු හොයන්නේ හිතේ ස්ළ්නසුම කියලා අමතක කරන්ට එපා. තේරුමක් නැති අහිංසක මිනිස්සු කොටසක් පන්සල් ගිහින් සතුටු වෙනවා නම් අපට මොකද? අපි හැදෙන එක තමා වැදගත්මදේ. අනුන් හදන්ට යන එක නෙමේ.

    කාලෙකට පස්සේ බ්ලොග් බලන්නේ. මහන්සියට මොනවා කියනවද මන්දා.:)

    ReplyDelete
  24. අර උඩ වචනේ 'සැනසුම' හොඳේ. හිතුනාටත් වඩා මට මහන්සී වගේ.:D:D:D

    ReplyDelete
  25. අපොයි ආගම.... ඒ ගැන කතා කරන්නට ආස නැත

    ReplyDelete
  26. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  27. කොහොම උනත් ධර්මය අකාලිකයි වගේ ම ඕන කෙනෙකුට විවෘතයි. තමන්ගේ නැණ පමණින් අවබෝධ කරගත යුතුයි. කොයිතරම් වීරිය කලත් අවබෝධය කියන දේ තව කාටවත් පොවන්න බෑ....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...