Thursday, November 24, 2011

වෙනස


අප ගමන් ගත්
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන

පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන

එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින

දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන

වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ

එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන






[පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg]

27 comments:

  1. එව්ව එහෙම තමයි පූසෙ! :(

    ReplyDelete
  2. හ්ම්ම් ඕව ඔහොම තමයි අනේ

    ReplyDelete
  3. වෙනස් වෙන්නේ මිනිස්සු විතරයි පූසෝ. අනේ පව්...:(

    ReplyDelete
  4. ලස්සනයි මචං... මැක්ස්...

    ReplyDelete
  5. ලස්සනයි දිගටම ලියන මචං

    ReplyDelete
  6. ලස්සන නැ පුවා.. දිගටම ලියන්න එපා..!! :P

    ReplyDelete
  7. මේකක් ගැන නේද පූෂ් කියන්නෙ මේ ?

    http://www.youtube.com/watch?v=f3sX30NubTs

    ReplyDelete
  8. හැම දේම එලෙසම
    ඒත්,
    නුඹ විතරක්
    වෙනස් වී අද...

    ReplyDelete
  9. මතකයන් අමතක කල නොහැක!

    ReplyDelete
  10. එදා දෙන්නෙක් එක්ක ගිය පාරෙම අද තනියෙන්ම යන සීන් නම් මට ඕන තරම් !!!
    කවි ටික ගින්දර යෑ.

    ReplyDelete
  11. අර මර්වින් පෙරේරා කියන මේ නගරය මා නුඹ මුණගැසුනු නගරයි..සින්දුව මතක් වුනා..

    ReplyDelete
  12. පූසා දැන් කතා ලියන එක නතරම කරලා වගේ ..

    මට එකපාරම මතක් වුණේ

    //කොලොම් තොට නැත මහලු වී // ඔන්න ඔය සින්දුව

    කවි ටික ගොඩක් ලස්සනයි සිරාවටම ගතියක් තියනවා මේ කවි කීපයේ

    ReplyDelete
  13. ස්වබාධර්මය වෙනස් නොවුනට මිනිස්සුන්ගෙ හිත් ඒ වගේ නෑ නෙ.ඉතින් ඒව වෙනස් වෙනව එක තප්පරෙට.හිතට දැනුන වචන ටිකක්

    ReplyDelete
  14. ලබා උපං හැටි තමා බං..

    ReplyDelete
  15. තනි මඟ ගමනුත් අපූරුයි පූස්. එහෙම නැත්නං කවි ලියවෙයි යැ අඬ අඬා ඉන්නව ඇරෙන්න....

    ReplyDelete
  16. ම්ම්ම්...

    ඔබ තනිව යන
    ඔය මාවතේ
    තව ටිකක් දුර
    යන්න තනිවම
    මුණගැහෙයි නුඹට
    තනිව යන තව හිතක්
    ලඟදීම..

    ලස්සන කවියක්..

    ReplyDelete
  17. ප්‍රියා කිව්වා එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති, බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැදී ඇතී කියලා... පුන්සිරි සොයිසා කිව්වා ඔබ වෙන්වුන බව මා තනිවුන බව බස් නැවතුම තව නෑ දන්නේ කියලා... අමරදේව මාස්ටර් කිව්වා මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැගවීලා කියලා... සනත් නන්දසිරි කිව්වා ඉර නෑ වෙනස් වෙලා, සඳ නෑ වෙනස් වෙලා, ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ ඇයි අද වෙනස් වෙලා කියලා... තවකීදෙනෙක් ඔහොම කියන්න ඇද්ද...

    දැන් පුසා කියනවා අප ගමන් ගත් පාර දෙපසම තිබුණු ගහ කොල තවම දළුලන කියලා... කොච්චර කිව්වත් ඉතින් ඔච්චර තමයි...

    ReplyDelete
  18. වට් ටු ඩූ නපුරුකලට පුතා..

    ReplyDelete
  19. "දෑත් පටලන්
    සිනාසෙන අර
    මහළු ජෝඩුව
    තවම යන එන"

    මේ කවි පද ටික නම් හිතට වැදුනා,. මහළු ජෝඩුව අදටත් ආදරෙන් එක ලඟ,. ඒත් අපි,... හ්ම්ම්ම්

    ReplyDelete
  20. 'මහලු ජෝඩු'
    ඕවට තමා මල පනින්නෙ...

    ReplyDelete
  21. තනි අලියා, නිසූපා, Gimhani : මේවා සාමාන්‍ය දේවල් නේද? :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : වෙනස් වෙන්නේ 'සමහර' මිනිස්සු විතරයි අක්කේ...

    ----------------------------------------------------------------------------------------------------------------------

    Il mondo di una povera pazza : අක්කාටත් මේ වගේ අත්දැකීමක් ඇති.

    ----------------------------------------------------------------------------------------------------------------------

    prasanna86k, අසරණයා : ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Bunny : හා! :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Chanaka Aruna Munasinghe : ඕක උනාට පස්සේ මේක උනේ :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Dinesh : හ්ම්ම්ම්

    ----------------------------------------------------------------------------------------------------------------------

    Sabith : "මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ"

    ----------------------------------------------------------------------------------------------------------------------

    මධුරංග : ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    රූ.... : මේකටම ටිකක් සමානයි නේද? :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : එහෙමමත් නෑ මචං. දිගට ලියන්න කම්මැලි කමක් ඇවිත්ද මන්දා...

    ----------------------------------------------------------------------------------------------------------------------

    කස්ස : අනිවා කස්සා! :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    සීතල අයියා : හැමදේටම එහෙම කියලා ගැලවෙන්නත් බෑ නේද මචං!

    ----------------------------------------------------------------------------------------------------------------------

    nawammawatha : ඇත්තටම නවම් අයියේ මටත් කියන්න ඔන උනේ ගහ කොළ සහ අනිත් හැමදේම වෙනස් වෙලා නෑ. තියෙන එකම වෙනස එයා නැති එක විතරයි. ඉතිං ඒක ඒ තරම් දේකුත් නෙමෙයි නේද කියලා. හැබැයි ලියවුනේ ඔහොම :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Red Riding Hood : ළඟදීම නැතත් කවදා හෝ....
    ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Beetle : බලාගෙන ගියාම එකම දේ එක එක විදිහට ලියලා. හෙහෙහ් කොච්චර කිව්වත් ඔච්චර තමයි බලාගෙන ගියාම... :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    චතුවා : නපුරු කලට දුක් දැඩි වෙයි ගිනි සේ :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා : ස්තූතියි :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Observer : ඔබා මාමා බලෙන්ම තොප්පිය දාගෙනනේ :D

    ReplyDelete
  22. venasa mokakda nokiya harima lassanata vachana galapala thiyenava.love it!

    warsha

    ReplyDelete
  23. ඔව් මම අද තනියම. ඔහු වෙන පාරක වෙන කෙනෙක් සමග ගමන් ගන්නවා ඇති. :((

    ReplyDelete
  24. ගහකොල නිහඬව
    අලුතින් දලුලන
    කොල මල් වෙත අපෙ
    මතක කියනු ඇත..

    වෙනදා හිනැහුණු
    මහලු යුවල අද
    නුපුරුදු දුකකින්
    මට හමුවෙනු ඇත..

    දෙදෙනෙකු ගිය මග
    මගෙ තනි පියවර
    සලකුනු දැක මල්
    පෙති ගිලිහෙනු ඇත

    එනමුදු වැලපෙන
    මගෙ හදවත ගැන
    වග නැතිවම නුඹ
    මට හිනැහෙනු ඇත...!!!!

    :((((

    ReplyDelete
  25. මට මේක හිතට වැදුනා. හරිම දුක්බරයි...:( :/

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...