Monday, December 19, 2011

එදා වැලන්ටයින් දිනයයි!


//මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.//

වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර සිටම දැනෙන්නට පටන්ගෙන තිබිණි. ඒ හාත්පස වූ කඩ සාප්පු රක්ත වර්ණයෙන් හැඩ ගැන්වීමට පටන්ගෙන තිබූ නිසා නොවේ. මාගේ සමහර මිතුරන් මා කැටුව, ඔවුන්ගේ පෙම්වතියන්ට දීමට තෑඟි සෙවීමට කකුල් කඩිත්තුව හැදෙන තුරු ඔවුන් සමඟ කඩ සාප්පු ගානේ ඇවිදීමට වූ නිසාවෙනි. තාමත් ඉගෙනීමේ යෙදන මා මිතුරන් රුපියල් දාහ දෙදාහා පමණක් නොව සමහරුන් රුපියක් පන්දහස පවා ඉක්මවූ තෑගි මිලදී ගැනීම මට අරුමයක් නොවන්නේ දැන් වසර කිහිපයක සිටම ඔවුන් සමඟ වසරකට දෙවතාවක්වත් මේ අයුරුන්ම සාප්පු ගානේ රස්තියාදු ගැසීමට සිදුවන බැවිනි.


ප්‍රමෝදමත් ගතියෙන් දිස්වූ බොහෝ තරුණ තරුණියෝ නෙත ගැටුනු නිසාදෝ, මෙදින වෙනදාට වඩා බොහොම ප්‍රසන්න දිනයක් යැයි මට සිතේ. දෑත් පටලන් සිනාමුසු මුහුණින් ගමන් කරන පෙම්වතුන් වෙනදාට වඩා වැඩි දැයි මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි. බස් රථයේ පවා තුරුල් වී ගමන් කරන පෙම්වතුන් කීප දෙනෙකුම මගේ නෙත ගැටුනි. පෙම්වතුන්ගේ දිනය වූ නිසාවෙන් ඔවුන්ට මගේ අවධානයට යොමු වන්නේදැයි මම නොදනිමි.

උදෑසනටත් වසා සවස් කාලයේ පෙම්වතුන් ඇස ගැටෙන්නේ යැයි මට සිතේ. ඔවුන්ගේ අත්වල තෑගි බෝගය. හැමගේ මුහුණු සිනාවෙන් ආලෝකමත් වී ඇත. බාග වෙලාවට වැලන්ටයින් දිනය නිසාවෙන් ඔවුන්ගේ මුහුණු වල අමුතු සතුටක් මට දිස්වනවාදැයි සැක සිතුනි.


බස් රථයේ එතරම් සෙනඟ නැත. තැනින් තැන හිස් ආසන තිබූ බසය දෙහිවල හන්දියේ නැවතිනි. එතැනින් බසයට ගොඩවූයේ පාසල් යන වයසේයැයි සිතිය හැකි තරුණ යුවලකි. ඔවුන්ගේ අතේ මලු දෙකකි. ඒවායේ ඇත්තේ තෑගියැයි මම අනුමාන කළෙමි. එක ළඟ හිස් ආසන දෙකක් නොවූ බසයේ ඔවුන් හිටගෙන සිටින්නට විය. 


"ඔයා ඔතනින් ඉඳගන්න"
පෙම්වතා පෙම්වතිය පැවසීය.



"නෑ කමක් නෑ"
ඒ පෙම්වතියගේ පිළිතුරයි.

"එන්න නංගි මෙතනින් වාඩි වෙන්න"
ඔවුන් අසලම ආසනයේ හිඳගෙන සිටි අක්කා කෙනෙක් ඔවුන්ට එම ආසනය පිරිනමා ඈ වෙන තැනකින් හිඳ ගත්තාය.



ආදරවන්තයින්ගේ දිනේ දවසේ මිනිස්සුන්ගේ හිත ආදරණීය වෙලා. මේ මිනිස්සුන්ගේ හිත් හැම දවසකම ආදරවන්තයින්ගේ දවස වගේ වෙනවානම් කොච්චර හොඳදැයි මට සිතුනි. බසයේ ජනේලය අසල අසුන්ගෙන සිටි මා හට පාරේ දිස් වන්නේත් සතුටින් ගමන් කරන පෙම්වතුන්මය. අද දවසේ ලෝකෙම ලස්සන වෙලා වගෙයි.....

"බස් වල යනවානම් සල්ලි ගන්නවා මේවායේ පිනට එක්කං යන්න බෑනේ!"
කොන්දොස්තර මහතාගේ ගෙරවුම් හඩින් මගේ සිතුවිලි දැහැන බිඳී ගියේය.

"මං සල්ලි දුන්නා"
ආසන තිබියදීත් ඩ්‍රයිවර් අසල හිටගෙන සිටින, තරමක් වැරහැලි වූ ඇඳුමකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් තරහින් පවසයි.

"කොහෙද සල්ලි දුන්නේ? සල්ලි දුන්නානම් මට මතකනේ. රුපියල් නමයක් දෙන්න නැත්තං බස් එකෙන් බහින්න"



"ඒ මොකටද මං බහින්නේ. මං සල්ලි දුන්නානේ"


කොන්දොස්තර බණිමින් බස් ර‍ථය පිටුපසට පැමිණියේය.


"ඔය ගෑණු ඔහොම්මමයි"
කොන්දොස්තර පිටුපස ආසනයක වූ අයෙක් සමඟ මොන මොනවාද දොඩවමින් ඇයට බණිනු ඇසෙයි. කාන්තාවට ගානක්වත් නැති සැටියකි. ඇය හිස් බසයේ හිටගෙන ගමන් කරයි.


රුපියල් නමයක්!
එක්කෝ මේ ගෑණි ඇත්ත කියනවානම්, අර කොන්දාගේ අමතක වීම නිසා රුපියල් නමයකට මේ අහිංසක ගෑණිට කොන්දා නිකරුනේ දොස් කිව්වා. බාග වෙලාවට මේ ගෑණිට සල්ලි දුන්නා වගේ මතකේ තිබ්බාට ඇත්තටම සල්ලි දීලා නැද්ද දන්නෙත් නෑ. හැබැයි මේ ගෑණි බොරු කියනවානම් සමහර විට රුපියල් නමයක් අතේ නැතුව ඇති බස් එකේ යන්න. නැත්තම් බොරු කියලා බැණුම් අහලා හරි රුපියල් නමය ඉතුරු කරගන්න එක ඒ ගෑණිට වටිනවා ඇති.



ඔය කොහොම උනත් රුපියක් නමයයිනේ! අදවගේ ආදරණීය දවසකත් මේ මිනිස්සු රුපියල් නමයකට රණ්ඩු කරගන්න හැටි....
එක්කෝ ඒ මිනිස්සුන්ට රුපියල් නමය ඒ තරමටම වටිනවා ඇති.




[පින්තූරෙ - http://api.ning.com/files/OJv4SY0Y6H4fcLCLCx*9LXIPptJiShh-1T-fhUxoc384f-NBjGNsdIAx7SjcJZJyF2*mPZxtjOQjYr8LEfqqN8E38*Yur--M/file.jpg]

21 comments:

  1. මේ අවුරුද්දේ වත් බල බල ඉන්නේ නැතුව අරං දියං යකෝ තෑග්ගක්.... :D

    ReplyDelete
  2. කොන්දොස්තරත් ටිකට් දෙන්න නැතුව ඇති.නැත්නම් ටිකට් එක ඉල්ලුවානම් හරිනෙ.

    ReplyDelete
  3. රුපියල් නමයට රුපියක් දහයෙ කොලයක් දුන්නොත් කවදාවත් ඉතුරු සල්ලි රුපියල දෙන්නෙ නෑ. ඒ රුපියලෙන් ඇති වැඩකට නෙමෙයි. ඒත් අපෙන් රුපියලක් අඩු උනොත් තියෙන ගෑස්.

    ReplyDelete
  4. ඒකතමයි. කොන්දා ටිකක් දෙන්න එපැයි

    ReplyDelete
  5. අනේ පව් කොහොම උනත් පූස්ටත් 'ආදරණීය හැඟීම්' පහල වෙලා වාගේ....:D

    ReplyDelete
  6. පූස මේක තනිකමට ලියපු එකක්.

    ReplyDelete
  7. පූස් වැලන්ටයින් කියන්නේ බං පෙම්වතුන්ගේ දිනයනේ බං... එදාට ආදරණිය වෙන්නේ ගොඩක්ම තරුන වයසේ ඉන්න පෙම්වතුන් විතරයි... වයස පැනලා ගොරහැඩි වෙච්චි අයට වැලන්ටයින් පේන්නේ විහිළුවක් විදියට... ඒ ඒ අයගේ හැටි...

    අඩුම ගානේ කොන්දා දන්නේ වත් නැතුව ඈති එදා වැලන්ටයින් කියලා...

    ReplyDelete
  8. කොන්දගෙ වැලන්ටයින් ඌට බූට් එක දීලද කව්ද දන්නෙ?

    ReplyDelete
  9. මම ඔයාට උපදෙසක් දෙන්නම්.නමුත් ඔයා මේක කොච්චරකට පිලිගනිද දන්නේ නෑ.ඔයාගේ අදහස නියමයි.ඒක වටිනවා.නමුත් ඔයා ඒක ලියපු විදිහ ටිකක් බලන්නකො.ඔයිට වඩා කියවන කෙනාට එක හුස්මට කියවන්න කියන බාසාවට ටිකක් බර දීලා ලියන්න.ඔය ලියපු විදිහ නරක නෑ.නමුත් ඒක කියවන්නාට අපහසුයි......

    මිනිස්සු දියුනු වෙන්නේ වෑටි වෑටි,ඒක නිසා මේක උපදෙසක් ලෙස පිලිගන්නවානම් අපි හුගක් සතුටු වෙනවා.

    දිගටම ලියන්න...........

    ReplyDelete
  10. ඉස්කෝල වල ප්‍රිෆෙක්ට්ස්ලා පනිද්දි අපේ උන් හොඳ හොඳ තැන්වල ඔය දෙන්න ගෙනාපු මුදු මාල කරාබු හංග ගන්නවා! පස්සේ හවසට කිසිම හිරිකිතයක් නැතුව ඕවා ගෙනිහින් දෙනවා ලස්සනට! උන් ඒවා දාන් ක්ලාස් එනව දැක්කම අපිට අනිත් පැත්තෙනුත් හිනා යනවා!

    ReplyDelete
  11. අාදරේ, පෙම්වතුන්, වැලන්ටයින............ සියල්ල ගොංපාට්!

    ReplyDelete
  12. @thani aliya,
    oya kiyana ekata 100%k ekagai.mokada aadaraye pivithuru bava godak aya vataha gena nethi nisa..

    @pusa,
    mokada puso me? oyata denmama valantineda?

    ReplyDelete
  13. හෆ්ෆෝ!!!! වැලන්ටයින්...:( සත්තකින්ම මටනම් අතීතය මතක් වෙලා දුක හිතෙනවා. අනේ වැලන්ටයින් දවසක් ඕනෙ නෑ..:/

    ReplyDelete
  14. අප්පෝ බං ඔය වැලන්ටයින් දවසට ඉතින් කෙල්ලට දෙන්න මොනවා හරි උලවුවක් ගන්නත් එපෑය . නැත්තං ඉතින් මූන උල් කරගෙන ඉඳීවි ඊලඟ වැලන් ටයින් දිනේ එනතුරාවටම .

    මම නම් කරන්න හිතාගෙන ඉන්නේ කෙල්ල දෙන ගිෆ්ට් එක වෙන යාලුවෙක්ට විකුනලා එදා හවසම වෙන ගිෆ්ට් එකක් අරං කෙල්ලට ගිහින් දෙන්නයි ..

    මම නම් කැමතින නැති දවසක් බං ඕක

    මම වැඩිය කැමති ලෝක වල් අලි විරෝධී දිනයට

    ReplyDelete
  15. වැලන්ටයින් දිනේ පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට වැඩියෙන්ම ආදරය සහ පෙම් කරන්නෙ මුදලාලිලා තමයි !

    ReplyDelete
  16. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  17. නිසුපා : බ්ස් කාරයෝ කීයෙන් කී දෙනාද අක්කේ තාමත් බස් වල ටිකට් දෙන්නේ? ටිකට් දෙනවා හැබැයි ටිකට් දෙන වෙලාවල් තියෙනවා....

    ----------------------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : ඕකනම් හැමදාම ඔහොමනේ අක්කේ!

    ----------------------------------------------------------------------------------------------------------------------

    වර්ණා : අනේද කියන්නේ!

    ----------------------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : හෙහෙහ් එහෙමද? එහෙනම් අක්කාගේ බ්ලොග් එක කියවන හන්දා වෙන්න ඇති! :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : එහෙම අදහසකුත් එනවද මේක කියෙව්වාම? :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ඒක හැබෑව!

    ----------------------------------------------------------------------------------------------------------------------

    Observer : ඔබා මාමාට බූට් ලැබුණ කාලේ හැසිරුණ හැටි හිතාගන්න පුළුවන්! :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    ANA : ඇත්ත ඔබේ අදහස මං පිළිගන්නවා..... මම තාමත් එක එක විදිහට ලියලා බලනවා වැඩිපුර කියවන අයට ආසා හිතෙන්නේ මොන විදිහට ලියන ඒවද කියලා. මගේ බ්ලොග් එකේ පරණ ලිපි බැලුවොත් ඔබට වැටහෙයි. මම එක එක විදිහට ලිපි ලියලා තියෙන බව.(පරණ කිව්වේ මෑත කාලීන ඒවා)

    මේ ලිපියට තියෙන කමෙන්ට්ස් ගාන බැලුවාමත් තේරෙනවා මේක තරමක් අසාර්ථකයි කියන එක. ඒ වගේම මම ලිපියෙන් අදහස් කරන්න හැදුව දේ කමෙන්ට් කරපු කාටවත් වැටහිලත් නෑ.

    ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි! ඒ වගේම තව ඉස්සරහටත් ඔබ ඔය විදිහටම මගේ වැරදි තැන් පෙන්වලා දේවි කියලා බලාපොරොත්තු වෙනවා :)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Sabith : අපොයි! :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    තනි අලියා : එහෙම කියන්නත් එපා ඉතිං.... පෙම්වතියක් ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ! ;)

    ----------------------------------------------------------------------------------------------------------------------

    Ano 1 : ඔව් ඔව් දැම්මම යාළුවෝ තෑගි තෝරනවා! :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    හිතුවක්කාරි : හෙහ් හෙහ් ඔහොම කියන්නේ දැන්නේ... :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : උඹ තමයි දවසකටවත් මිනිහා! මගේ යාළුවෙක් හිටියා ඉස්සර ඉකෝලේ යන කාලේ. මිනිහා කෙල්ලෝ දෙන්නෙක් එක්ක යාළු වෙලා හිටියා. මිනිහා කරනේ ලැබන තෑගි දෙක මාරු කරලා ආපහු කෙල්ලෝ දෙන්නට දෙන එක.
    එතකොට උඹ වල් අලි විරෝධී දිනයට පාටි දානවත් ඇති නේ? :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Weni : පෙම්වතුන්ටයි පෙම්වතියන්ටයි දෙගොල්ලන්ටම ඬේ කාලෙට මුදලාලිලා හරී ආදරෙයි :D

    ----------------------------------------------------------------------------------------------------------------------

    Ano 2 : අම්මෝ! මම පොඩි සර්ච් එකක් දාලා බැලුවා. ඒ කතාවේ Episode 94ක් තියෙනවා.... එච්චර ගොඩක් බලන්නනම් හිමීට වෙලාවක් තියෙනකොට පටන් ගන්න වෙනවා. ඒත් ඒ කතාවෙයි මගේ මේ කතාවෙයි සම්බන්ධේ මොකක්ද බලන්න කතාවේ සාරාංශය කියවන්න බැලුවා විකිපීඩියා එකේ.... අප්පේ ඒකත් හෙන දිගයි... හිමීට කියවල බලන්නම් :)

    ReplyDelete
  18. සෝරෝ : සමාවෙයන් මචං. උඹේ කමෙන්ට් එක ස්පෑම් ගොඩට ගිහින් මම අදයි දැක්කේ!
    තෑගිනම් ලෑස්තියි දෙන්න කෙනෙක් තමයි නැත්තේ :D :P

    ReplyDelete
  19. කලකදී වැලන්ටයින් බොහොම ආදරයෙන් සමරපු අයම බන්දට පස්සේ ඒ වැලන්ටයින් දවසට මහ අපුල විදියට රණ්ඩු කරගන්නවා මම දැකලා තියෙනවා.., සමහර විට කසාද බැන්දම ගෑණි/මිනිහා පිට නොයයි කියලා කියන අන්ධ විශ්වාසේ නිසා වෙන්න පුලුවන්..! මොකක් උනත් ආදරේ කියන දේ ආමිස පූජාවෙන වගේම ප්‍රතිපත්ති පූජාවෙනුත් පුදන්න ඕනේ දෙයක්.., එය යාවත්කාලීන වෙන්නේ අප තුල එකිනෙකා වෙනුවෙන් තියෙන පරිත්‍යාගයේ බලමහිමයෙන්මයි.

    ReplyDelete
  20. හම්බ කරන එකාටයි මචෝ සල්ලි වල අගේ තේරෙන්නේ..
    සමහරවිට අර කොන්ද ගේ පුතත් පන් හයදක ප්‍රසන්ට් එකක් ගිහින් දෙන්න ඇති...

    ReplyDelete
  21. එක ගිහින් දුන්නේ අර නෙන්දගේ දුවට වෙන්නත් බැරි නැ

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...