Tuesday, November 23, 2010

මුදල් ඇති එකා ළඟ පහ හය හත අටය...


ඉවසන  දනා  රුපු  යුදයට  ජය   කොඩිය
මෙය  කිව්   එකාගේ  කට  කෑවත්   මදිය
ඉක්මන් වුනු එකා ළඟ පහ හය හත අටය
එකෙකුදු නැතුව මම තාමත් කොට උඩය

මම අහලා තියන විදිහට මේක ඉස්සර සරසවි කුරුටු ගීයක්. අද ඔය තත්වය ටිකක් වෙනස් වෙලා කියලයි මටනම් හිතෙන්නේ. අද මුදල් පස්සේ දුවන ලෝකේ හැම දෙයක්ම මුදලට යට වෙලා. හැම දේම කිව්වට ඉතින් හැම දේම නෙවෙයි. කොහොම හරි ඉතින් ඔන්න මට හිතුනා අර ඉස්සෙල්ලා තිබ්බ කවිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. 

මේ තියෙන්නේ මගේ අලුත් කවිය

ආලය මිලට කිසි දිනකදි ගත නොහැකිය
මෙය  කිව්  එකාගේ  කට  කෑවත්   මදිය
මුදල් ඇති එකා ළඟ පහ  හය  හත  අටය
එකෙකුදු නැතුව මම තාමත් කොට උඩය

දැන් අහන්න එපා කව්ද ආදරේ සල්ලි වලට ගන්න බෑ කිව්වේ කියලා :P මට ඇහිලා තියනවා ගොඩක් අය කියනවා ;)

මම මේ කියලා තියෙන්නේ අද දවසේ බොහෝ දුරට වෙන දේ. මම තාමත් විශ්වාස කරනවා ඔය මුදලට තියා කිසිම දේකට යට වෙන්නේ නැති සත්‍ය ප්‍රේමය(True Love) කියන එක ලෝකේ තාමත් වැඩිය නැතත් ලාවට හරි තියනවා කියලා.(මට කවදාවත් හම්බවෙලා නැතත් මම විශ්වාස කරනවා) කොහොම වුනත් අද පාරේ තොටේ ඇවිදගෙන යනකොට එහෙම සමහර වෙලාවට ඔය ආදරේ මුදලට ගත්තු උදවිය ඔයාලටත් දකින්න ලැබිලා ඇති.


සමහර අයටනම් මෙහෙමත් හිතෙන්න බැරි නෑ

ආදර     ලෝකය     බොහෝම     සුන්දරය
මෙය   කිව් එකාගේ   කට   කෑවත්     මදිය
තනිකඩ කාලේ මම නම් ෆුල් ජොලියෙන්ය
එකෙකුත් වැඩිය මම නම් දැන් කොට උඩය

ඔයාලටත් මේ කවිය තවත් වෙනස් විදිහට ලියන්න හිතෙනවා නම් හැමෝට පේන්නත් එක්ක ලියන්නකෝ පහලින්.

2 comments:

  1. ආලය මිලට කිසි දිනකදි ගත නොහැකිය
    මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
    මුදල් ඇති එකාට ආලය මරුම මරුය
    ආලය හොදයි කියපු එකාව එල්ලුවත් මදිය


    Sunday, January 16, 2011
    ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්)


    දැන් වෙලාව රෑ 11.52යි මේ වගේ ලිපියක් ලියනවා තියා හිතකවත් තිබ්බේ නෑ. මේක ලියන්නේ දුක මිශ්‍රිත තරහකින්.
    දැන් පැයකට විතර කලින් මගේ ඉන්න හොඳම යාළුවෝ හතර පස් දෙනාගෙන් එකෙක් මට ෆේස් බුකියේ චැට් කළා.

    මචං පූසා
    උඹ ඉන්නවද?
    පුළුවන්නම් ස්කයිප් එක දාපන්කෝ


    මෙහෙම කිවුව පුසා කවුද දන්නවද>>>>>


    හී........ හී...
    තරහ නැනේ නේද?????????????

    ReplyDelete
  2. පිස්සුද බං අර මොකටැයි උඹත් එක්ක තරහා වෙන්නේ :))

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...