මුහුණ සළුවකින් දවටා නොසිටි නිසා
සැකයක් තිබුනමුත් සිතුවෙමි සිහල කියා
විමසුවේ මිතුරියකගෙන් සැක හරිනු නියා
පැවසුවේ ඇය ඔබ මුස්ලිම්ය කියා
හිනැහෙන විට ඔබේ මුහුණ පුන්සඳ වාගේ
ඇස අහකට ගන්න බෑ මුහුණෙන් ඔබගේ
සිංහල නවකතා කියවන ඔබගේ
අත ගන්නට ඇත්නම් පෙර පිනකි මාගේ
පවසන්නේ කෙලසද ආදරෙයි කියාලා
අසාවි ඔබ ඔයාට පිස්සුදැයි කියාලා
ආදරේ හදවතේ සිරකොටම තබාලා
සඟවා සිටිනු කෙලස ඔබ දිහා බලාලා
හදවතේ ඇති ආදරේ ඔබට පැවසුවොත්
නැතිවිය හැක ඔබ මිතුරියක ලෙසවත්
සිටිමි සඟවාගෙනම ආදරේ හටගත්
යාවි දිනෙක ඔබ සැඟවී නොදැන මෙපවත්
පර්දාවෙන් සඳ වසන්නෙපා
ReplyDeleteසඳේ එලිය වැසෙනවා
මොට්ටැක්කිලියෙන් වැසුනට
රුවේ එලිය දිලෙනවා
මර්තෝන්ඩි රටා නිසා
දෑතේ හැඩ මැවෙන්වා
දෑ කුල ගොත් අමතක කර
ඈ වෙතටම ඇදෙනවා
ඇගේ හිත ලඟ නතර වෙලා
ඔබේ සිත දැන් රිදෙනවා
ඇගේ සිතත් ඔබේ සිතත්
එක්වෙන්නට පතනවා
@ස්වර්ණ කුමාර: නියමයි ;;)
ReplyDeletedude, same here, just nothing to do with the situation for me, but i wish you good luck
ReplyDelete(kraaci)
පරිස්සමෙන් පූසා....
ReplyDeleteහරි හරී තේරුනා ;)
ReplyDeleteමුස්ලිම් නම් අණතුරුදායකයි.. පූසගේ කොටස් අඩුවෙන්න ඉඩ තියෙනවා.. ;)
ReplyDelete=)) ඒකත් හැබෑව :))
ReplyDeletePusa pau
ReplyDelete