Monday, November 29, 2010

ගැහැණියට ගරු කරපන්.........


ගැහැණියට
ගරු කරපන්
පාරේ තොටේ යන එනකොට
කරදරයක් වෙලා තිබුනොත්
උදව් කරපන්
අහක බලන් යන්න එපා
අනවශ්‍ය විහිළු තහලු
කරන්න එපා
කිසි කෙනෙක් ඉස්සරහා
අවමානයට ලක්කරන්න එපා
කිසිම දවසක 
අතක් උස්සන්න එපා
ඒක පිරිමි කමට නින්දාවක්
මොනම දෙයක් නිසාවත්
අපහසුතාවයකට පත්වෙන විදිහට
හැසිරෙන්න එපා

මොකද ඒ ගැහැණිය
උඹේ පෙම්වතිය නොවුනට
වෙන කාගේ හරි පෙම්වතියක්
උඹේ නංගී නොවුනට
වෙන කාගේ හරි නංගියෙක්
උඹේ අක්කා නොවුනට 
වෙන කාගේ හරි අක්කා කෙනෙක්
උඹේ අම්මා නොවුනට
වෙන කාගේ හරි අම්මා කෙනෙක්
වෙන්න පුළුවන් නිසා....

17 comments:

  1. හ්ම්ම්
    ඔයා හරි...

    ReplyDelete
  2. ඔව් ඔව් ඇත්ත කතාව

    ReplyDelete
  3. මගෙ හිතෙ තිබුනු අදහසක්. එක එ විදියටම ලියලා. මෙවා මිනිස්සුන්ට තියරි විතරයි ප්‍රක්ටිකල් නැහැ.

    රවා

    ReplyDelete
  4. සිරාවටම ..නියමයි වටිනා ඔවදනක් ..ජය ඔබට

    ReplyDelete
  5. සරල වුණත් හරිම ලස්සන අදහසක්.....හරිම ලස්සනයි...

    ReplyDelete
  6. අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි ;;) අනේ සමාවෙන්න ඕනේ අදහස් පල කරන්න පරක්කු උනාට :( කොහේද ඉතින් සතියේ දවස් වලට පාන්දරින් ලිපිය පල කරල ගියාම ආයේ හවසට තමයි ඇවිත් බලන්න වෙන්නේ :-/

    ReplyDelete
  7. කථාව ඇත්ත. ඒ උනාට ඒකෙත් දෙපැත්තක් තියෙන බව මතක් කරන්න කැමතියි.

    ReplyDelete
  8. @තොප්පියා: අදහස් 2ක්ම දාල බොහෝම ස්තූතියි :D
    @චම්ලි: ස්තූතියි මචං :)
    @රවා: ඒකනම් ඇත්ත තමයි :(
    @ඉලංදාරියා: ස්තූතියි :)
    @ඇනෝ: ස්තූතියි :) අනේ ඊළඟ දවසේ නමක් ලියල යන්න හොඳේ ;)

    ReplyDelete
  9. ආ.... පූසා ඉන්නෙ ‍මෙහෙද?
    මෙච්චරකල් නොදැන උන්නෙ. හ්ම්. දැන් ඉතිං අපිටත් ඇවිත් යන්ඩ බැරියැ.

    ReplyDelete
  10. @Hishan Melanga:ඔයා හරියටම මොකක් ගැනද කියන්නේ කියලා හිතා ගන්න අමාරුයි :-/ පුලුවන්නම් ටිකක් පැහැදිලි කරන්න. මමත් පිළිගන්නවා මේ මම කියපු කතාවේ තව ගොඩාක් පැති තියනවා කියලා. මොකද අද සමාජයේ ගරු කිරීමකට නුසුදුසු තත්වයේ ගැහැණු උදවියත් නැතුවාම නෙවේ. ඒ වගේම වෙනත් දේවල් බලාපොරොත්තුවෙන් ගැහැණුන්ට උදව් කරන පිරිමිත් නැතුවාම නෙවේ. මේක ලියනකොට මට ඒවා මතක් උනා. ඒත් මම මේක ලිව්වේ ඒ සුළුතරය අතහැරලා :)

    ReplyDelete
  11. @charmi: :D හි හී පූසා ඉන්නේ වීදුරු ගෙදර ;)
    මාව කලින් කොහේදි හරි දැක්කද??
    කමක් නෑ දැන් ඉන්න තැන දන්නවනේ :)

    ReplyDelete
  12. තව කෑල්ලක් එන්න ඕන.
    "උඹේ දුව නොවුණට
    කාගෙ හරි දුවෙක් "
    කියන එක. මොකද අනිත් මොකක් නැතත් හැම කාන්තාවක්ම කාගේ හරි දුවෙක් නිසා.

    ReplyDelete
  13. ඔව්මයි මට ඒක මඟහැරිලා :|

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...