Wednesday, December 1, 2010

මූණු පොතෙන් ආදරය සොයා යාම...



ඔන්න මුලින්ම කියන්නම් මේක ලියන මම(පූසා) මූණු පොතෙන් ආදරේ හොයාගෙන හොඳ පාඩමක් ඉගනගෙන ඉන්නේ.කොහොමින් කොහොම හරි මේ ලිපිය පූසා ලියන්නේ අත්දැකීම් සහිතවයි. වැඩි පුරසාරම් ඕනේ නෑ මම කෙලින්ම කතාවට බහින්නම්.මෙතනදී මම කතා කරන්නේ රටවල් දෙකක ඉන්න දෙන්නෙක් මූණු පොත හරහා ආදරය සොයා ගැනීම ගැන.

මුලින්ම කියන්නම් මූණු පොතෙන් ආදරවන්තයෙක්/වන්තියක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ ආදරය විවාහය දක්වාම ගෙනියන්නත් පුළුවන්. දැන් කට්ටිය බලනවා ඇති නේද් මූ කොහොමද එහෙම කියන්නේ කියලා. මේකයි ඒකට හේතු තියනවා. මම ඉගනගන්න ආයතනයේ අපිට උගන්නන ගුරුවරයෙක් කිව්වා එයාහේ හොඳම යාලුවෙක් පෙම්වතිය හොයාගත්තේ මූණු පොතෙන්ය දැන් ඒ දෙන්නා විවාහ වෙලා තාම බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒක ලංකාවේ කතාවක්නේ. ලංකාවේ ඔය වගේ කතා බොහෝම අල්ප වුනාට ඇමෙරිකාව වගේ රටක් ගත්තොත් මූණු පොතෙන් අඳුරගෙන ආදරේ කරලා විවාහ වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලාලු දැන්  ඒ රටේ. හැබැයි ඉතින් ඒ විවාහ වල කල්පැවැත්ම ගැන කියන්න නම් පූසා දන්නේ නෑ. එහේ මොන ජාතියේ විවාහයක් වුනත් ඒකේ කල්පැවත්ම ගැන ඉතින් මොකට කතා කරනවද නේද?? ;)

මම විශ්වාස කරන විදිහට ආදරය කියන දේ රඳා පවතින ප්‍රධාන සාධකය වෙන්නේ විශ්වාසය.විශ්වාසය නැති වුන දවසට  ආදරේ රඳා පැවතුනත් ඒක බොහොම දුර්වල එකක්.දෙන්නෙක්ගේ විශ්වාසය ඇතිවෙන්නේ අදහස් හුවමාරු කරගැනීමෙන්. ඉතින් මූණු පොත කියන්නේ අදහස් හුවමාරු කරගන්න කියාපු තැනක්. මූණට මූණ මුණගැහිලා කතා කරනවා වගේ නෙමෙයි කිසිම චකිතයක් නැතිව කතා කරන්න පුළුවන්. ඒත් තියන ප්‍රශ්නේ මේකයි. හුවමාරු වෙන අදහස් වල අන්තර්ගතය ඇත්තද බොරුද කියලා දැන ගන්නේ කොහොමද?? ලොකු ප්‍රශ්නයක් නේද? ඔන්න දෙන්නෙක් එකිනෙකාව මුණගැහිලා කතා කරනකොට කතා කරන විදිහ අනූව මූණේ හැඟිම් ප්‍රකාශ වෙන විදිහ අනූව අපිට හිතා ගන්න පුළුවන් මේ කියනවා ඇත්තේ ඇත්තමද බොරුද කියලා. ඒත් මූණු පොතේ ඒ සෙල්ලම් බෑ. ඉස්සර මගේ සම්බන්ධයට මගේ හොඳම යාලුවා කිව්වේ LDR  කියලා. ඒ කිව්වේ Light Dependent Resistor කියන එකනම් නෙමේ ඔන්න. මිනිහාගේ අර්ථ දැක්වීමට අනූව ඒකේ තේරුම Long Distance Relationship කියන එකනේ. LDR එකේ තියන ප්‍රශ්නේ මේකයි අදාල කෙනා මූණු පොත හරහා කියන දේවල් ඇත්තමද බොරුද කියලා දැන ගන්න විදිහක් නැති එකයි.

හරි කොහොමින් කොහොමහරි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා කියමුකෝ. ඒ ආදරේ රැක ගන්න දෙන්නටම කටයුතු කරන්න වෙනවා මොකද  LDR එකක් නිසා පුංචි වැරැද්දක් වුනොත් ඒක අනිත් කෙනා බොහෝම තදින් දැනෙනවා. වෙන මුකුත් නිසා නෙමෙයි ළඟින් නැති නිසා. හිතන්න වුන වැරැද්ද අනිත් කෙනා ඔයාට බොරුවක් කිව්ව එක කියලා. ඔයා ඒක කොහොම හරි දැනගත්තා කියලා. එදාට ඔයාට හිතෙනවා මෙයා මට මේ වගේ බොරුවක් කළා. මෙයා ඉන්නෙත් ගොඩාක් දුරින් මට තව කොච්චර බොරු කියලා ඇද්ද කියලා. (මටනම් ඔය මම කිව්ව දේ හිතුනේ එයා මට හතර වෙනිපාරටත් බොරුවක් කළාට පස්සේ.) 

තව දෙයක් මූණු පොත හරහා ආදරේ කරන අයගේ විශ්වාසයේ සලකුණ වෙලා තියෙන්නේ මූණු පොතේ මුර පදය. (මීට ටික කාලෙකට කලින් මම දැක්කා පෙම්වතියගේ මූණුපොතේ මුරපදය යනු? කියන මාතෘකාව යටතේ පුදුම ලස්සන කවියක් ලියලා තිබ්බා "මට හිතෙන හැටියට" බ්ලොග් එකේ මේ තියෙන්නේ ගිහින් බලන්නකෝ) ඉතින් මම අත්දැකීමෙන් දන්න දෙයක් කියන්නම්. ඔයා ආදරේ කරන කෙනා ඔයාට මුර පදේ දෙනවනම් කිසිම හොරයක් නෑ හැබැයි ඔයා ඉල්ලුවත් මුර පදේ දෙන්නේ නැත්තම් එතන මොකක් හරි අවුලක් තියනවා. අමාරුවෙන් ඉල්ලන් පාවිච්චි කරන්න නම් එපා මට පිස්සු නොහැදී බේරුනේ නූලෙන්.

අවසාන වශයෙන් මම කියන්නේ මේකයි. ඔයාලා මූණු පොත හරහා දැන හඳුනගෙන ආදරේ කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. මට එහෙම කියන්න අයිතියකුත් නෑ. මම කියන්නේ කරන දෙයක් බොහොම කල්පනාවෙන් කරන්න කියලා. මොකද ඇඟේ තුවාලයක් වෙන්වා වගේ නෙමෙයි හිතේ තුවාලයක් වුනොත්.


ප.ලි: මේ ලිපිය ජොලියට ආදරේ කරන අයට අදාල වෙන්නේ නෑ. එයාලා අනිත් කෙනා මොනව කලත් ගනන් ගන්නේ නෑනේ. 
මේ ලිපිය ලියලා ටිකක් කල්. පල කරනවද නැද්ද කියලා හිත හිතා හිටියේ. ඒ අතරේ ගොඩ කාලෙකට පස්සෙ මගේ හොඳම යාලුවෙක් එක්ක සෙට් වුනා. නෑ මම කිව්වේ හොඳම යාලුවෙක් මීට් වුනා. බලනකොට එයාටත් මට වුන සන්තෑසියමයි වෙලා තියෙන්නේ. 


Facebook Chick Love  Song- Rukshan Mark feat  Iraj Krishan Bk & Bertram

ඒ අස්සේ මේකටම ගැලපෙන සිංදුවකුත් ගොඩ කාලෙකට පස්සේ ආයේ මතක් වුනා. කොහේද මේ හාදයෝ මේ සිංදුව කළේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ දවස් වල මේ සිද්ධි ලංකාවේ වුනේ බොහෝම අඩුවෙන්. මේ සිංදුව අද වගේ කාලෙක හැදුවනම් ආයේ නෑ ප්‍රසිද්ධ වෙයි නිකන්ම. මට මතක විදිහට මේ සිංදුව ඒ දවස් වල එච්චර ප්‍රසිද්ධ වුනේ නෑ.

16 comments:

  1. //ලංකාවේ ඔය වගේ කතා බොහෝම අල්ප වුනාට ඇමෙරිකාව වගේ රටක් ගත්තොත් මූණු පොතෙන් අඳුරගෙන ආදරේ කරලා විවාහ වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලාලු දැන් ඒ රටේ.//
    පූස මේක කොහෙන්ද දැන ගත්තෙ. මම දන්න තරමින් නම් ඇමරිකාවෙ මූණු පොත බොහෝ විට භාවිත වෙන්නෙ අදුරන කස්ටිය එක්ක ටච් එකේ ඉන්න මිසක් දැකලවත් නැති බඩු සෙට් කර ගන්න නෙමෙයි.
    හැබැයි සමහර වෙලාවට මූණු පොත හරහා නාකි සුද්දො පිලිපීනය වගේ රටවල තරුණ කෙල්ලන්ව සෙට් කර ගෙන උන්ව බැද ගන්නවා. මෙයින් නාකි සුද්දට තරුණ කෙල්ලෙක් එක්ක ඉන්නත්, තරුණ කෙල්ලට ඇමරිකාවට සෙට් වෙන්නත් චාන්ස් ලැබෙන නිසා මේකනම් දෙන්නටම win-win situation එකක්.

    ReplyDelete
  2. @tharu22: මම ඔය ඔයා කිව්ව නාකි සුද්දන්ගේ කතාව වගේ තව ඇමෙරිකාවේ වෙන සිද්ධි කීපයක්ම දැක්කා අන්තර්ජාලේ තියනවා. ගොඩක්ම වෙන්නේ දැකලවත් නැති බඩු නෙමේ තමන්ගේ කොලීජියේ, විශ්ව විද්‍යාලේ නැත්තම් ඔෆීසියේ වගේ ඉන්න අය අතරේ තමයි මම කිව්ව දේවල් සිද්ධ වෙන්නේ. ඇයි අර පොදු මිතුරෝ ඉන්න්වා දැක්කාම අපි උනත් ඒ අයව ඇතුල් කරගන්නවනේ අපේ ගිණුමට :D

    ReplyDelete
  3. facebook ලවු එකක් කරනවා නම් මම හිතන්නේ අම්බානෙට පරිස්සම් වෙන්ඩ වෙනවා ! කවුද දන්නේ එහා අන්තයේ ඉන්නේ ඇත්තටම කෙල්ලෙක්මද ? කියලා. තව දෙයක් තමන්ගේ මූන නොපෙනෙන නිසා හිටගෙන බොරු කිවුව හැකි දෙපැත්තේ ඉන්න දෙන්නටම . ඉතිං බොරු ගොඩාරියක් වැඩි උනාම ..ඔය ලවු එක ඉලවු එකක් වෙනවා ..

    පූසගේ ගෙදරට මම අද තමයි ආවේ ..නියමයි මම ආයේ එන්නම්කෝ දවසක

    ජයවේවා !!

    ReplyDelete
  4. me kathawanan aththama aththaa.... kollonta witharak nemai kellontath meka adalai....

    ReplyDelete
  5. beruna kiyala hita hadaganin kollo love waladi love fail wenawa kiyana eka normal

    ReplyDelete
  6. @හිස් අහස: මූණු පොතෙන් පටන් ගත්තට ඕක කෙරීගෙන යන්නේ ස්කයිප් එකෙන් නිසා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලනම් හොයා ගන්න පුළුවන් ;) ඒත් ඉතින් ඔයා කියනවා වගේ කියන්නේ ඇත්තද බොරුද කියන එක තමයි හිතා ගන්න බැරි :-L
    හොඳයි හොඳයි ආයේ දවසක එන්නකෝ :)

    ReplyDelete
  7. @ඇනෝ:ඔව් ඔව් මේ කතාව හැම කෙනෙක්ටම අදාලයි. අනේ ආයේ අදහස් දක්වනකොට නම ලියලා යන්න හොඳේ

    ReplyDelete
  8. @sameera:හප්පේ ඔව්. මාරකයක් පැන්නා වගේ =)) මම බොහෝ දුරට සර්ව සුභවාදියෙක්(සම්පූර්ණයෙන්ම නෙමෙයි ) ;) ඉතින් මේ වගේ දේවල් ගැන මම කොහොමත් හිතන්නේ "මේ දේ වුනේ හොඳටයි කියලා" :D

    ReplyDelete
  9. මටත් මගේ පෙම්වතිය අදුරගන්න ලැබුණෙ මුහුණු පොතෙන් තමයි. අපිනම් අද ගොඩාක් ආදරෙන් ඉන්නවා. ඒත් හැමෝමව විස්වාස කරන්න බෑ. ඒනිසා පරිස්සමින්....... ;))

    ReplyDelete
  10. හැමදාම ඒ වගේ ආදරෙන් ඉන්න :X මගේ සුභ පැතුම් :)

    ReplyDelete
  11. matath okama una banzzzz hoda welawata hacking danagena hitiyeee :D
    natan mao tamath gonata adagena ekita love karanawa :'(

    dannam sira kelek hamba una igena ganna tanin :) dan satutin inawa mao

    +++++ FB ekennam kello koyagana thiya hitannawath epa +++++++++++++

    ReplyDelete
  12. මට හිතෙන හැටියට ,
    අප්පමාදෝ අමතපදං - කෙල්ලො නම් ඕන පදං =)) =))

    නිපුන

    Nice Blog Keep it up Cat ! :)]

    ReplyDelete
  13. @නිපුනdk:ඒක මරු කතාව මචං =))

    තෑන්ක්යූ වේවා :)

    ReplyDelete
  14. මගේ නම් අදහස ඔය ඕනේම චැට් එකකදි ලව් එකක් සෙට් වුනාම ලව් එක පවත්තගෙන යන්න නම් දෙන්නා ම චැට් එකෙන් එළියට බැහැලා.සාමානය ලව් එකක් විදියට කරගෙන යන්න ඕන.නැත්නම් චැට් එකෙන් විතරක් ලව් කලොත් එක ඉලව් වෙන්න තියන අවස්තාව නම් බොහෝම වැඩි.ගැණු ලමයෙක් නම් තමන්ගේ ගෙදර කට්ටිය ට කොල්ලාව අදුන්නලා දෙන එක නම් ඇගට ගුනයි.මොකද ජෝලියට කරන එකෙක් නම් කියට වත් ගෙදර මිනිස්සු එක්ක සම්බන්ධතා පවත්වන්නේ නැ.ඒ වගෙම තමයි කොල්ලෙක් නම් කෙල්ලගේ ගෙදර එක්ක කතා කරන්න ඕන එතකොට කෙල්ල ටිකක් පසු බහිනවා නම් ඕන්න හොරයක් තියනවා.මේකේ තවත් වාසියක් තියනවා.අවුරුදු ගානක් ලව් කරලා ගෙවල් වලින් බර බරේ වැටිලා වෙන් වෙනවට වඩා මුලදිම තිරනේත් දැනගන්න පුලුවන්.මේවා ප්‍රැක්ටිකල් කරලා දන්නවා අත්දුටුවයි.ප්‍රත්යක්ශයි.මගේ ආදරේ නම් අන්තර්ජාල ලව් එකක් ගොඩක් කට්ටිය බලාගෙන හිටියේ නෙට් එකේ ලව් අලවෙන හැටි දකින්න එත් එහෙම නැ.අවබෝධයෙන් , කල්පනාවෙන් ලව් කලොත් කාටවත් කාවවත් රවට්ටනත් බැ.එහෙම රවට්ටන කෙනෙක් එක්ක එකට ඉදලා වැඩකුත් නැ.

    ReplyDelete
  15. කාලීන මාතෘකාවක් ගැන හොයලා බලන එක ඇත්තටම වටිනවා පූසෝ...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...