Friday, December 24, 2010

ගණිකාව............



වලත්තකම නිසාද බං ඕවා කරන්නේ

නෑ බං ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසානේ

ඉතිං ඒ වලත්තකම තමයි යකෝ

උඹට පිස්සු ඉගෙන ගත්තේ නැති ඒ ගෑණිට ඔය තරම් සල්ලි හොයන්න පුලුවන් වෙන රස්සාවක් කියපං පුලුවන්නම්

කුඩු බිස්නස්

උඹ හිතුවද කුඩු ගෙදර හදනවා කියලා ඊට වඩා ඕක ලේසිනේ බං

ලේසි... ලේසි නෙමේ උන්ට කියන්නේ *සි

කව්ද දන්නේ බං උන්ගේ ගෙවල් වල මොන මොන විදිහේ ප්‍රශ්න තියනවාද කියලා. උන් ඕක කරලා හොයන ගානෙන් කීදෙනක්ව ජීවත්කරනවද කව්ද දන්නේ

ඒ වුනාට හොඳ ගෑනියෙක්ගෙන් අහපන් නොකා නොබී මැරිලා ගියත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලයි කියන්නේ

කෑම බීම ප්‍රශ්නද බං ඊට වඩා ප්‍රශ්න තියන මිනිස්සු නැද්ද ලෝකේ

උඹ මොකද උන්ව සාධාරණීකරනය කරන්නේ

නෑ බං මම කියන්නේ මේකයි වලත්ත කමට ඕවා කරන උනුත් අති සමහර විට වෙන කරන්නම දෙයක් නැති තැන ඕවා කරන උනුත් ඇති බං

උඹට පිස්සු *සි *සිමයි

උඹ ඕන එකක් හිතා ගනින්.....

15 comments:

  1. මම ෙම් ගැන කරපු පර්යේෂණ වාර්තාවක් කියවා තියෙනව. අැත්තටම ලංකාවේ මෙම වෘතියේ යෙදෙන බොහෝ ගැහැනුන් (99%) ෙමයට සම්බන්ධ ෙවන්ෙන් ස්ව කැමැත්ෙතන් ෙනාෙව්.
    ෙබාෙහා්විටි ප්‍රතමෙයන් ෙවනත් **කු අතින් **ණය වීෙමන් පසුවයි.

    පිටරට තරුණියන් නම් ඒම ලිපිෙය් සදහන් කර තිබු පරිදි (ෙපර රුසියානු සමුහාන්ඩුවින් බිදී පැවති රට වලින් අා),මිනිස් ජාවාරම් හරහා ෙගන්වා ගනී.

    ඔව්න් ෙමම වෘත්තිෙය් ෙයෙදන්ෙන් කැමැත්ෙතන් ෙනාෙව්.

    ලැම පමණක් ෙලාවට ෙපෙනන හදවත ෙනාෙපෙන ලදුෙන්....

    ෙම් කිසි ෙදයක් තමන්ෙග් නුවණට ෙනාෙත්ෙරන ,සමහරක් පිරිමි, කාමාතුරයන්ෙග් අඩංෙත්ට්ටම් වලට ෙමාවුන් සැමදාම ලක්ෙව්.

    ReplyDelete
  2. වටින අදහසක් පූස්...ඇත්තටම ඔවුන්ට අමානුෂික වීම වරදක්..

    ReplyDelete
  3. *සි *සිමයි තමා. ඒ වුනාට ගොඩක් අය කැ‍මැත්තෙන් කරන දෙක් නෙවෙයි මං හිතන හැටියට. මේ ගැන ටිකක් මමත් ලීවා මෙන්න දවසක් මොනවා වුනත් මම නම් ඔය කියන තරම් පහත්වට ගණිකාව කියන චරිතය දකින්නේ නෑ

    ReplyDelete
  4. @all:ඇත්ත.... මමත් මේ ලිපියෙන් පෙන්නුම් කරන්න උත්සාහ කළේ බොහොමයක් මිනිස්සු ගණිකාව දිහා බලන අමාඅනුෂික විදිහ සහ කිහිප දෙනෙක් දකින මානුෂික පැත්ත ගැන.

    ReplyDelete
  5. ලස්සනට ලියලා තියෙනවා පූසෝ! නියමයි

    ReplyDelete
  6. මමත් මේ ගැන ලිව්වා මචෝ. මේ ඉන්නේ අපේ සමාජයේම කොටසක්.
    https://prasanna86k.wordpress.com/2010/10/14/%e0%b6%85%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad-%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%8f%e0%b7%80/

    ReplyDelete
  7. හොද අදහසක් අයියා... හුගාක් ලංකාවේ නම් ඔය වෘත්තීය නම් කරන්නේ අමාරු කම් වලට කියලා මම අහලා තියෙනවා.. එත් ඉතින් ඔය දේට වඩා හිගා කාලා මැරුනත් සැපැයි...මෙහෙ නම් ඉතින් ඔවාට ලයිසනුත් .. තියෙනවා.. හුගාක් දුරට එ අයව කොන් කිරිමකුත් දකින්නට නැ... අපේ රටේ සංස්කෘතිය අනුවයි මේ හැමදෙම.. අපිට ඒ දේ සාධරනීකරනය කරන්නත් හිත නැමෙන් නැත්තෙත්.. කොහොම උනත් ඔයා සරලව ලියලා ..

    ReplyDelete
  8. සොයුරියන් ඇති අයම නුඹ වන්
    නිසා මහ හග උරුම වූයේ
    නුඹට ගරහන රුදු ලොවක් මිස
    හඳුන ගන්නා හදවතක් වෙද
    කපුගේ එහෙම කිව්වෙ මේ ඉන්නෙත් අපේම සහෝදරියො කොටසක් නිසා. මොනව කරන්නද උන් ඒ කරන දේට මොනව හරි හේතුවක් ඇති. අපිට එහෙම හිතල උන් දිහා බලන්නම වෙනව.

    ReplyDelete
  9. අපි කවුරුත් නොදකින සමාජයේ අඳුරු පැත්ත..අසරනකම නිසා මේ වෘත්තිය කරන අය වගේම ..ආසාවට මේ වෘත්තිය කරන අයත් ඉන්නවා..

    දවසක් මම සහ මගේ මිතුරෙක්ට මහනුවරදී ඔය වගේ කෙනෙකු හමු උනා ! වෙලාව රෑ 12.30 ..අහන්ඩ එපා එච්චර රෑවෙලා මොනවද කරේ කියලා ..

    ඒ අක්ක අපෙන් වැඩේට කැමැත්ත විමසුවා ! ..අපි කෙලින්ම බෑ කිවුවා ..ඒක අහපුගමං ඒ අක්කා ..අනේ තොපිවගේ පො***න හැත්තක් ..කියලා තව ටිකකුත් කියලා ගියේ නැතෑ ...

    ජයවේවා !!

    ReplyDelete
  10. :)) ඉතිං සඳරු ඇත්තනේ බං. ඒ අක්කාට කීයක් හම්බ වෙන වැඩකටද උඹලා බෑ කිව්වේ. ඒ මනුස්සයාට තරහා යන එක සාධාරණයි =))

    ReplyDelete
  11. පුස්
    ඇත්ත උපතින්ම කවුරුත් රස්සාව අතෙ අරන් එන්නෙ නැහැ. මනුස්සයෙකුට කටින් කියන්න ලෙහෙසියි.පැවැත්ම වැදගත්. සිමාවන් වැදගත්. සල්ලි කියන්නෙ එක මිනුම් දණ්ඩක් පමණයි මිනිස්සු සම්මත කරගත්. කිසිම හෙතුවක් නිසා මිනිසෙකුට නිගරු කරන්න එපා. ඔයා එතන ,එ මට්ටමෙ, එ විදියට හිටිය නම්.

    හිස් අහස
    සමහර විටෙක එ ගැනි ඉපදිලා තියන්නෙ මුඩුක්කුවක වෙන්න ඇති. එ වගෙ තැන් වල " මෙ මල් පැණි බොන්න . රස පළතුරු කන්න " වගෙ මිහිරි වදන් නැහැ. මෙ ගැහැනිගෙ තරහයි, කොළබ ලොකු කොම්පැනියක ලොක්කෙක්ගෙ තරහයි දෙකම එක සමානයි . " ටාර්ගට් එකට ගියෙ නැත්තම් මළ පනිනවා ".

    ReplyDelete
  12. කමෙන්ට් කරපු හැමේටම බොහොම ස්තූතියි.....

    ReplyDelete
  13. සුදු රෙදි ඇදගත්ත අය තමයි හොරෙන් හොරෙන් ඔය *** කිය කියා යන්නෙ, ඔය බනින එවුන් ඔය *** අයට කැම වේලක් වත් අරන් දෙනවද? අනික එ ගොල්ලො විකුනන්නෙ එ ගොල්ලන්ගෙ ඇඟ මිසක් ඔය කියන සුදු රෙදි ඇඳ ගත්ත අයගෙ දෙවල් නෙමෙයිනෙ...

    ReplyDelete
  14. අපි ගනිකාවකගෙ ඇහෙන් මේ දෙස බලමු ඒකත් මෙකට එකතු උනානම්

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...