Monday, July 11, 2011

පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ.........


ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?

නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.
මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා.

ඕක තමා හොඳම වැඩේ. ආයේ ලොකු පාටි තියලා බොරු වියදම් කරන්න ඕනෙත් නෑනේ. මුකුත් නොකියා ඉන්න බැටිකමට මමත් කිව්වා.

ඔව් බං....... මමත් උඹලට කියන්නේ කරන දෙයක් පුළුවන් තරම් ඉක්මනට කරගෙනිං, නිකං නාකි වෙනකම් ඉන්න එපා.

කොහෙද අයියේ අපිට ඔහොම තියා කොහොම හරි එක්කං එන්නවත් කවුරුත් නෑනේ.

ඒකනේ බං උඹලත් අනේ මන්දා........ උඹලා ඉතිං කොළඹ උංනේ... උඹලා ඉතිං කොළඹ ලොකු ලොකු සල්ලි කාරයින්ගේ කෙල්ලෝ අල්ලගන්න බලාගෙන ඇති. මම ඉතිං ගොඩේ එකානේ. මට හිතුනා මම එක්කං ආවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.

පිස්සුද බං අයියේ.....උඹ වයස 23න් එක්කං ආවා. සල්ලි කාරයින්ගේ කෙල්ලෝ කොහේ අල්ලන්නද? ඒවා බලං හිටියොත් අපිට 40 පැන්නත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි කියන්න ඕන කමට මමත් කිව්වා.

මල්ලී අපිට පුළුවං කාලෙදී ඒ ඒ දේවල් කරගන්න ඕනේ. මට සල්ලි තියනකොට මම වියදම් කරනවා. අම්මලා අක්කලාට සලකනවා ඈ........ බලපං මම නිතරම කිරි අම්මාව බලන්න යනවා. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකාලේ ඕවා කරනවා මිසක් නැති වුනාම ගිහින් බලලා ඇවිත් වැඩක් තියනවද බං?
මම මචං පන්සලුත් යනවා හවසට පහනත් තියනවා. ඕවා බං වයසට යනකම් ඉඳලා කරන්න ඕන වැඩ නෙමෙයි. පුළුවං කාලේ කරන්න ඕනේ බං.
මට හිතුනා මම එක්කං ආවා. උඹ දන්නවනේ මං ගැන? කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.... දැන් අපි සතුටින් ඉන්නවා.............

පලි: මම කලින් කිව්ව සුන්දර ගම්මානේ ඉන්න අයියා කෙනෙක් තමන්ගේ ආදරවන්තියව බිරිඳ කරන් එක්කං ඇවිත්. හැබැයි අයියගේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි මේක දැනගත්තේ පස්සේ. එහෙම එක්කං ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් ටිකක් අකමැති වුන නිසාම නෙමෙයි. කෙල්ලගේ තාත්තා තව අවුරුදු කීපයක් ඉන්න කිව්ව නිසාලු.
දැන් මාස කීපයකට ඉහතදී මේ අයියට රජයේ රැකියාවක් ලැබුණා ඉන්න තැනකුත් එක්ක. තරමක වැටුපකුත් ලැබනවා. තනියම උයා පිහා ගන්න එකත් අමාරු නිසාලු එක්කං ආවේ. මේ සිද්ධිය තාම නෑදෑ පිරිවර දන්නෙත් නෑ. දැනගත්තාම තමයි මිනිහට ලෝකේ නැති කතා අහන්න වෙන්නේ!


[පින්තූරෙ-http://mariagabrielap.files.wordpress.com/2009/10/boyandgirl2.jpg?w=294&h=284]

35 comments:

  1. උඹ දැනගත්තා කියන් නෑදෑ පරපුරම විතරක් නෙවෙයි මුලු ලොකයම දැනගත්ත කියන එක නේ.... :D

    ReplyDelete
  2. සෝරෝ කිව්ව කතාව සහතික ඇත්ත.. අයිය පුඵවන් කාලෙ මෝඩකමකුත් කරගෙන තියෙන්නෙ :))

    ReplyDelete
  3. Gimhani

    අය්ය කල වැඩේ අනුමත කරන්න බෑ මටනම්. අය්යගේ සතුට වෙනුවෙන් ඒ දෙමාපියන්ට දුකක් දුන්න නිසා., දුවෙක් හදල කොහේවත් යන කොල්ලෙක් උස්සන් යනවට මොන දෙමාපියන්ද කැමති.

    ReplyDelete
  4. සිරා කොල්ලෙක්. දෙන්නට දෙන්න කැමතිනම් ආයේ මොනවද? :))

    ReplyDelete
  5. කපල් එකට සුබ අනාගතයක් :)

    ReplyDelete
  6. //උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා//

    පූස් මල්ලියේ පොඩ්ඩිටත් ඉතින් මෙහෙම කියන්ට කාලයක් එයිද?:)

    ReplyDelete
  7. ආ.. එතකොට මේ ගෙදර වැඩට කෙනෙක් අරන් ඇවිත් නේ...

    ReplyDelete
  8. මගේ තියරි දාන අයියා කෙනෙක් !!! මාත් හදන්නේ එහෙම තියරියක් දාන්න. කෙල්ලෙක් තමයි නැත්තේ. ඇත්තටම මේ ක්‍රමය ලේසියි. වෙඩින් වලට මහ ගානක් කැපෙන්නෙත් නෑ. නිස්කාරනේ සල්ලි නාස්තියකුත් නෑ.

    ReplyDelete
  9. අය්ය ගෙනත් තියෙන්නේ සර්වන්ට් කෙනෙක්. රෙදි හෝදගන්න..උයාගන්න.පව් අර කෙල්ල. හරිම ආත්මාර්තකාමි අය්යා කෙනෙක්.
    ඔය මල්ලි එහෙම ඕවා අදර්ශෙට ගන්නවා එහෙම නෙමේ..

    ReplyDelete
  10. ඒ දෙන්නට හොඳනං අනිත් මිනිස්සුන්ට මොකද?

    ReplyDelete
  11. එක එක්කෙනා හිතන පතන විදිය වෙනස්නේ.ඒ එයාට හොදයි කියලා හිතුන විදිය වෙන්න ඇති.ඒත් ඉතින් මහ ලොකුවට නැතත් ගෙවල් දෙකේ අය එකතු වෙලා හරි කෑම වේලක් කාලා කාරියෙ අරන් ගියානම් නෙව හොද?

    හැබෑට ගෑණු ගේන්නෙ ගෙදර වැඩපොල ටික කරන සර්වන්ට් වැඩේටද? :O

    ReplyDelete
  12. කෙල්ලත් කැමති නම් අපිට මොකෝ . මේ අය්ය සරල මනුස්සයෙක්ද හරිම කට්ටයෙක්ද දන්නේ නැහැ . කෙල්ල එක දන්නවා නම් එච්චරයි . මට ටිකක් ඇල්ලුවේ නැහැ අර උයන් පිහන් ගෙදර වැඩ ටික කෙරෙන කතාව නම් . අවුරුදු දෙක තුනක් ඉවසල අර දෙමාපියන්වත් සතුටු කළා නම් තමයි හොඳ . මල්ලිලා ඕව වැඩියම ආදර්ශෙට ගන්නත් එපා . බැරිම අමාරු අවස්තාවක හැර පන්නන් ඒම හොඳ නැහැ .

    ReplyDelete
  13. ඌව කාලනෙ මේ පෝස්ට් එකෙන් .........
    කොහොම උනත් පොරට හොඳට බොරු කියන්න පුලුවන් බව පේනවා ......

    ReplyDelete
  14. හපොයි මලේ පන්නාගෙන ඒමනම් මා අනුමත නොකරමි.. කෙල්ලගේ අම්මා තාත්තට සිද්ද වුනු අවනම්බුව අයියට කෑම උයා ගන්න එකත් එක්ක බලන්න.. වැරදියිනේ...........

    ReplyDelete
  15. ආදර්ශෙට ගන්න වටින අයිය කෙනෙක් නෙව...:D අන්න අයියලා...දැන් ඉතින් කාන්තා විමුක්තිය ගැනත් මොනවා හරි ලිව්වා නම් තමයි හොද....:D

    ReplyDelete
  16. හැක් හැක් පූසා ලෝකේ ගිනිතියන එකෙක්නේ දැන් උගේ නෑදෑයෙක් මේ බ්ලොගේ කියවනවනං අරූ විනාසයි....

    ReplyDelete
  17. ආදර්සෙට ගන්න අන්න අයියලා..මං ඔය වැඩේ ඉහලින් අගේ කරනව...හම්බකරගත්ත පිච්චියට කෙලවන මගුලට වඩා නියම වැඩේ..හඳපානේ යාම..

    ReplyDelete
  18. ෆට්ට පොරක්නේ බං.. :-bd:-bd

    ReplyDelete
  19. හික් හික් මාරයිනෙ... :))

    ReplyDelete
  20. දැන් ඉතින් මුළු ලෝකෙම දැනගත්තා

    ReplyDelete
  21. අඩේ පැනලා යන එකනම් මාරම ආතල් . මටත් මටම කියලා ගෙයක් තිබුනා නම් මමත් කෙල්ලෙක්ව පන්නගෙන එනවා . කොහෙද මටම කියලා ගෙයක් නෑ නෙව . අනික කන්න දෙන්න වත්කමකුත් නෑ නෙව . උඹලෑ සුන්දර ගම පට්ටයිනේ !!

    ReplyDelete
  22. මට නම් පේන්නෙ වෙන පැත්තක්. පූසා පූසියෙක්ව උස්සං එන්න තමයි ප්ලෑන් කරන්නෙ. අම්ඹානෙකට යාළුවොත් ඉන්න නිසා උන්ට පාටි දෙන්නත් වෙන නිසා නිකන්ම උස්සන් ආවනං මුකුත් ප්‍රශ්නයකුත් නෑනේ.

    ඉස්සර කාලෙ ඉඳන්ම පෙරහැරට කලින් කස කාරයන්ව යවන්නේ පාර හොඳට ක්ලියර් පාරක් දාන්න කියලා අහලා නැද්ද ?

    ReplyDelete
  23. පුසා මලයා යාම කරගන්න අදහසක් නැද්ද ඉතින්.... :D

    ReplyDelete
  24. @දුමී...

    දාහං 5ක්.. මූ අපිට පාටි නොදී කරන්න හදන කෙලියක් මේනං..

    ReplyDelete
  25. අනේ ඉතින් දෙන්නා කැමති නම් වෙන මොනාද...
    අලුත් කපල් එකට සුභ පැතුම් :D :D

    ReplyDelete
  26. සෝරෝ : උඹ ඉතිං අස්පයා පිට නැඟිලා ඕප දූප කිය කියා ගම වටේට ගියාට මම එහෙනම නෑ බං =))

    ----------------------------------------------------------------------------------------------------------

    ``` Outsider``` : හැබෑව මොඩ කමක් නම් තමයි.

    ----------------------------------------------------------------------------------------------------------

    Ano Gimhani : කෙල්ලත් කැමැත්තෙන්ලු ඇවිත් තියෙන්නේ.

    ----------------------------------------------------------------------------------------------------------

    ..ChAnDiKa.. : ඕං උඹ එහෙම අපිට නොකියා පැනලා යනවා නෙමෙයි :D

    ----------------------------------------------------------------------------------------------------------

    රත්ගමයා : කපල් එකට එසේම වේවා!

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : මොනවා පොඩ්ඩි අක්කටත් එහෙම කියන්න කාලයක්? :-O
    අප්පොච්චියේ ඒකියන්නේ පොඩ්ඩි අක්කගේ මහත්තයා අක්කා ගෙදර එනකොට උයලා කරලා තියන කාලයක්ද? :-O

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : කෙල්ල කැමැත්තෙන්ලු ආවේ අක්කේ.

    ----------------------------------------------------------------------------------------------------------

    මධුරංග : සල්ලිනම් ඉතුරුයි තමයි.

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : කෙල්ල කැමැත්තෙන් ආවේ කියනවනේ. ඇරත් ඒ ගම්මානේ බොහොමයක් ගෑණු උදවියට මේ නගරබඳ ඉන්න කෙල්ලන්ට වගේ ජොබ් කිරීමේ මානසිකත්වයක් නෑ මගේ හිතේ. එයාලා කොහොමත් ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා.

    ----------------------------------------------------------------------------------------------------------

    blog gadol : ඒකත් හැබෑව!

    ReplyDelete
  27. ගලායන ජීවිතය : ඔව් පුංචි හරි මඟුලක් ගත්තනම් හොඳයි. Gimhaniට කිව්ව එකත් බලන්නකෝ අක්කේ.

    ----------------------------------------------------------------------------------------------------------

    Bindi : මිනිහා කපටි නෑ කියන එකනම් මට හොඳටම සුවර්! එයා හිත හොඳ මිනිහා. පොඩි අවුලකට තියෙන්නේ පොඩ්ඩට තරහායන එක තමයි.

    ----------------------------------------------------------------------------------------------------------

    පන්සල් හංදිය : මේ පෝස්ට් එකෙන් මිනිහට කිසිම හානියක් වෙන්නේ නෑ. ඒ ගමේ අත්ලොස්සකට විතරයි අන්තර්ජාල පහසුකම් තියෙන්නේ. ඇයි මිනිහට බොරු කියන්න පුළුවන් කියන්නේ?

    ----------------------------------------------------------------------------------------------------------

    සුදු හංසි : වැරදිනම් තමයි. ඒත් ඒ දෙන්නා කැමැත්තෙන්නේ ඇවිත් තියෙන්නේ..

    ----------------------------------------------------------------------------------------------------------

    Soda ගුනේ : කාන්තා විමුක්තිය නඟරේ අයට බං. ඒ ගම්මාන වල ගෑණු උදවිය ඕවා දන්නවද දන්නෙත් නෑ

    ----------------------------------------------------------------------------------------------------------

    කිඩෝ : ඒ ගම්මානේ අන්තර්ජාල පහසුකම් තියෙන්නෙත් අතළොස්සකට බං. එහෙව් එකේ මේ බ්ලොග් එකක් කියවන මිනිහගේ නෑ වෙන කෙනෙක් හොයා ගන්නත් අමාරුයි.

    ----------------------------------------------------------------------------------------------------------

    kaviunda : :)) හැබෑව හැබෑව :))

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : ආයෙත් අහලා :D

    ----------------------------------------------------------------------------------------------------------

    හිම කුමාරි : මාරයි නේන්නම් :D

    ----------------------------------------------------------------------------------------------------------

    deeps : ලෝකෙම දැනගත්තත් ඒ ගමේ නම් කෙනෙක් දැනගන්න තව කාලයක් යයි..

    ReplyDelete
  28. අඩේ.. මොනා උනත් නියම බුලට් එකක්..

    ReplyDelete
  29. හිස් අහස : ආයෙත් අහලා..... උඹලගේ සුන්දර ගම පට්ට්යි නේන්නම්! :D

    ----------------------------------------------------------------------------------------------------------

    දුමී : "පාටි" කියන වචනේ ඇහෙනකොටත් දුමී අයියා දැන් තැති ගන්න ගතියක් තමයි අපිට දිස් වෙන්නේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    හසී : බලමු බලමු හම්බවෙන කෙනා හැටියට තමයි ඒක තීරණය වෙන්නේ :))

    ----------------------------------------------------------------------------------------------------------

    මාරයාගේ හෝරාව : හරි හරි මාරයියා කලබල වෙන්න ඕන නෑ. මම පැනලා ගියත් මාරයියගෙන් වෙලාවක් බලං තමයි යන්නේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    ChammA : ඒකනේ උන් දෙන්නට හොඳනම් අපිට මක්කයි :)

    ----------------------------------------------------------------------------------------------------------

    Phoenix (ගිනි කුරුල්ලා) : ඔව් ඔව්! :))

    ReplyDelete
  30. ma mama joke ekata newai ahanne..badinne ehema nadda hora pusiyekwa....

    ReplyDelete
  31. දිලීප : හොර පූසියෙක්වත් තාම හම්බ වුනේ නෑ බං. ඇරත් බඳින්නේ කොහෙද තාම 22 වුනෙත් නෑ :))

    ReplyDelete
  32. ඒ අයියව ආදර්ෂට ගනිං පූසා.........

    ReplyDelete
  33. එක දෙයක්... ඔය ලක්ශ ගනන් වියදම් කරල මඟුල් අරං ණය ගෙවනවට වඩා ඕක හොඳයි... හැබයි පැනල යාම නෙමෙයි පොඩියට උත්සවයක් ගෙවල් 2 කෙ අය එකතු වෙලා අරන් එහෙම... අනේ මන්ද එක එකා නා නා ප්‍රකාරයි නේ බන්....

    ReplyDelete
  34. සිම්පල් ප්ලෑන් එකක්නේ බං. අපිත් ට්‍රයි කරලා බලන්න ඕනේ

    ReplyDelete
  35. සිරා පොරක්... අර කිවත් වගේ ජය සිරි මංගලම් කිවාලු දෙන්නටම.... මොකා මොනවා කිවත් දැන් වැඩක්යෑ....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...