Sunday, November 7, 2010

ආදරේ සුපෝඛබෝගී සතුන්ට විතරද?



ඇගේ ලඟ ඇත 
නෙක නෙක විසිතුරු බලු රැලක්
ලොම් දිග පූසන් දුසිමක්
ඇයි මෙච්චර සත්තු
විමසුවොත් කිසිවෙක්
මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි
පවසයි ඇය ආඩම්බරෙන්
ලක්ෂපති තරුණිය දිනක්
බසින විට කාරයෙන්
ලොම් හැලුනු නකුටු බැල්ලක
ආවේ වලිගය වනමින්
සිතමින් කුස පුරාවාගන්නට
ලැබේ යැයි බත් ඇටයක්
"චීයා" මරහඩ නගමින් ඇය
"මේ ජරා සතාව එළවපන්"
ඩ්‍රයිවර තැනට කෑ ගැසුවේ
ඇගේ ආදරේ ලැබෙන්නේ
ලස්සන සුපෝඛබෝගී සතුන්ට
පමණක් නිසාද?
ලොම් හැලුනු අසරණ බැල්ල
සතෙක් නොවේද?

4 comments:

  1. හම්.. සහතික ඇත්ත.

    ReplyDelete
  2. ඔවු සහතික ඇත්ත කවුද ආදරේ ලොම් හැලිච්ච ලේ පෙරිච්ච බල්ලොන්ට ඒ ත් උන් සත්තු නේමේද සුපෝගබෝගී විදිහට හදන එවුනුත් සත්තු මුනුත් සත්තු
    ඔය පාරේ ඉන්න එවුන්ව පොඩි කාලෙ ඉදන්ම හදාගත්ත්නම් අද වුන්ට එහෙම වෙන්නේ නෑ නේඒකට කොහේදෝ කඩවල ඉන්න බල්ලො සල්ලි වලට අරන් හදනවා උන්ව නඩත්තු කරන්න සල්ලි යන්වා

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...