Wednesday, November 17, 2010

මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් කරමි...


මුහුණ සළුවකින් දවටා නොසිටි              නිසා
සැකයක් තිබුනමුත් සිතුවෙමි සිහල         කියා
විමසුවේ මිතුරියකගෙන් සැක හරිනු        නියා
පැවසුවේ ඇය ඔබ මුස්ලිම්ය                  කියා

හිනැහෙන විට ඔබේ මුහුණ පුන්සඳ       වාගේ
ඇස අහකට ගන්න බෑ මුහුණෙන්        ඔබගේ
සිංහල නවකතා කියවන                    ඔබගේ
අත ගන්නට ඇත්නම් පෙර පිනකි         මාගේ

පවසන්නේ කෙලසද ආදරෙයි             කියාලා
අසාවි ඔබ ඔයාට පිස්සුදැයි                 කියාලා
ආදරේ හදවතේ සිරකොටම                 තබාලා
සඟවා සිටිනු කෙලස ඔබ දිහා              බලාලා

හදවතේ ඇති ආදරේ ඔබට            පැවසුවොත්
නැතිවිය හැක ඔබ මිතුරියක              ලෙසවත්
සිටිමි සඟවාගෙනම ආදරේ                  හටගත්
යාවි දිනෙක ඔබ සැඟවී නොදැන        මෙපවත්

8 comments:

  1. පර්දාවෙන් සඳ වසන්නෙපා
    ස‍ඳේ එලිය වැසෙනවා
    මොට්ටැක්කිලියෙන් වැසුනට
    රුවේ එලිය දිලෙනවා

    මර්තෝන්ඩි රටා නිසා
    දෑතේ හැඩ මැවෙන්වා
    දෑ කුල ගොත් අමතක කර
    ඈ වෙතටම ඇදෙනවා

    ඇගේ හිත ලඟ නතර වෙලා
    ඔබේ සිත දැන් රිදෙනවා
    ඇගේ සිතත් ඔබේ සිතත්
    එක්වෙන්නට පතනවා

    ReplyDelete
  2. @ස්වර්ණ කුමාර: නියමයි ;;)

    ReplyDelete
  3. dude, same here, just nothing to do with the situation for me, but i wish you good luck

    (kraaci)

    ReplyDelete
  4. පරිස්සමෙන් පූසා....

    ReplyDelete
  5. හරි හරී තේරුනා ;)

    ReplyDelete
  6. මුස්ලිම් නම් අණතුරුදායකයි.. පූසගේ කොටස් අඩුවෙන්න ඉඩ තියෙනවා.. ;)

    ReplyDelete
  7. =)) ඒකත් හැබෑව :))

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...