Saturday, December 18, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවේදී හමුවෙමු....


ගියපාර හමුවටත් යන්න බැරි වුන නිසා ඔන්න හෙටනම් මම අනිවා යනවා. මම දකින්න ආසා බ්ලොග් කාරයෝ කාරියෝ ගොඩාක් ඉන්නවා එයාලා ඔක්කොම එයිද කියන්න දන්නේ නෑ.


විශේෂයෙන් නම් සඳහන් කරනවානම්
මුචලින්ද,කතන්දර අයියා, මාරයා අයියා, වත් අක්කා,දුකා,දුමී,පලාමල්ල ලියන පිස්සා, මරණය, හසියා, හිස් අහස ලියන සඳරු, නිකමට වගේ ලියන සඳුන්, ළමයා,හැක්‍රිෂ්...... හපෝයි තව කොච්චර කට්ටිය ඉන්නවද...........


ඒත් මම නම් ලිව්ව නොලිව්ව ගොඩාක් අයට එන්න වෙන්නේ නෑ මම හිතන්නේ. මම දැක්කා සඳරු කලින්ම කියලා තියනවා එන්න වෙන්නේ නෑ කියලා. ඒ වගේම ගොඩාක් සිංහල බ්ලොග් ලියන අය පිට රටවල් වල ඉන්නේ. (මාරයා අයියත් මේදවස් වල පොඩි මඩ කේස් එකක නිසා එයිද දන්නේ නෑ ;) )


මම සිංහල බ්ලොග් එකක් කියලා මුලින්ම උවමනාවෙන් කියෙව්ව බ්ලොග් එක මුචලින්දගේ ටොපිය. මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනේ ඒක දැක්කාම. මුලින්ම ටොපිය දැක්කේ 2009 දී ඒක දැක්ක ගමන්ම බ්ලොගර් ගිණුමක් හදාගත්තාට මොකද ගේ බ්ලොග් එක පටන් ගත්තේ නම් මේ ළඟදී(ඔය මගේ ප්‍රෝෆයිලේ තියෙන්නේ 2009 ඉඳන් ඉන්නවා කියලා)


මේ හමුවට ඉතින් බ්ලොග් කියවන අයටත් එන්න පුලුවන්නේ. ඒකනම් හොඳ වැඩක්. අපේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයට කොච්චරනම් ප්‍රේක්ෂක  පිරිසක් ඇද්ද. එයාලත් ආසයිනේ තමන් ආසාවෙන් බලන බ්ලොග් එකේ අයිති කාරයාත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. මමත් ආසයි.

එහෙනම් හෙට හම්බවෙමු................

13 comments:

  1. පූසා එනබව දැනගත්තම මීයෝ නම් පැත්ත පලාතෙ එන එකක් නෑ....

    ReplyDelete
  2. හි හී හොඳ වෙලාවට බ්ලොග් ලියන පූසෝ හිටියට (මම හැර තව පූසෝ ඉන්නවා බ්ලොග් ලියන ) මීයෝ නෑ :D (මම දන්න තරමින්) කියවන අයනම් ඉන්නවාද දන්නේ නෑ :-/

    ReplyDelete
  3. මමත් එන්නේ නෑ යාලු.. නුවර ඉදලා එන්න තියෙන එකයි, තව පොඩි පොඩි අවුල් දෙකතුනක්.. :(( :((

    ReplyDelete
  4. අඩේ මම හිතුවා උඹ එයි කියලා :(

    ReplyDelete
  5. අනේ මචං මම එන්නේ නෑ ..කොහොමද මම එන්නේ මම ඉන්නේ හරියටම ලංකාවේ අනික් කෙලවරේ ...ඔයාල යන්ඩ ගිහිං ෆොටෝ ටිකක් ගහගන්න අපිට පස්සේ බලන්ඩ බැරියැ

    මම හැංගිලාම ඉන්න එක හොඳයි

    ජයවේවා !!

    ReplyDelete
  6. @හිස් අහස:මූණ වහලා බ්ලොග් ලියන අපේ අය පොටෝ ගන්න කැමති වෙයිද දන්නේ නෑ :-/ මූණ නොපෙන්නුවාට මම නම් පොටෝ වලට ඉන්න අකමැත්තක් නෑ ;) බලමු උඹ වෙනුවෙන්ම මම පොටෝ අරන් එන්න උපරිම ට්‍රයි කරනවා :)

    ReplyDelete
  7. මමත් තාම හිත හිත ඉන්නෙ යනවද නැද්ද කියල

    ReplyDelete
  8. අඩේ රංග අයියා හිත හිත ඉන්න එපා කොහොමහරි එන්න. ඔයා ළඟදී බ්ලොග් එක පටන් ගත්තට මොකද ඒකේ තියන කතා පට්ට. හෙට කොහොමහරි එන්න :)

    ReplyDelete
  9. අපි එන්නේත් කොමද... ඉන්නේ මහමෙරක් දුර නේ... හිටියා නම් එන්නවත් තිබ්බා.. කවදාහරි එනවා..

    ReplyDelete
  10. ආහ්... මම එනවා කියලා කිව්වට එන්න වෙයිද දන්නේ නැහැ... මම දීපු ගේම් දෙක තුනකට පොලිසිය මේ දවස් වල මාව හොයනවා... ඒක නිසා ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම අඩු කරලයි තියෙන්නේ... හික්zzzzzzzzzz...

    ReplyDelete
  11. අනේ සමා වෙන්න නම වැරැද්දුවාට "හැක් ක්‍රිෂ්". අය්යෝ පොලීසිය අවුලක් නෑ. මෙයා නිකම් අසාන්ජ් වගේනේ.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...