Tuesday, December 21, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට පැමිණි චාටර් බුවාලා


Taboo subjects හි "කාලිංග අයියා බ්ලොග්කරුවන්ට දුන් සාඩම්බර එළවළු බත් දන්සැල" නමින් ලිපියකි. ඒ ලිපියට සබඳියක් ලබා දුන්නේ නැත්තම් මේ ලිපිය කියවන ඒත් ඒ ලිපිය නොකියවූ අයට කරන අසාධාණයක් නේ. ඔන්න ඒ නිසා සබඳියක් දැම්මා. කොහොමින් කොහොම හරි ටැබූ ලියලා තියෙන්නේ එයා දාපු ලිපිය එයාට කව්දෝ පාඨකයෙක් එව්වා කියලා. මම නම් ඉතිං කියන්න දන්නේ නෑ ඒ ඇත්තද බොරුද කියලා. ටැබූ කියන නිසා ඔන්න මම ඒක පිළිගන්නවා. ඉතිං මට පුදුම ඒක ලියපු කෙනා ඒක එයාගේ බ්ලොග් එකේ දාන්නේ නැතුව ටැබූට දුන්නේ ඇයි කියලා. සමහර විට ඒක ලියපු කෙනා කෙලින් කතා කරන්න බය කෙනෙක් වෙන්න ඇති. මටත් මොකක් හරි අසාධාරණයක් දැක්කාම කට පියාගෙන ඉන්න බැරි නිසා වගේම හැංගි හැංගි ලිපි ලියලා අනිත් උන්ට බාර දෙන්න අකමැති නිසා ඔන්න ඕන දෙයක් වෙච්චදෙන් කියලා මේක මගේ බ්ලොග් එකේම ලියනවා.

ඒ ලිපියට අදහස් තොගයක්ම වැටිලා. වැඩේ කියන්නේ එකම නමින් එක එක අය අදහස් දක්වලා. එක්කෙනෙක් එකක් කිව්වමා ඒ නමින්ම තව කෙනෙක් ඇවිත් කියනවා ඒ මම නෙමෙයි කියලා. මට පිස්සු වගේ ඇත්ත එකා හොයන්නත් බෑ බොරු එකා හොයන්නත් බෑ. කවුරු හරි අනුන්ගේ නමකින් අදහස් දක්වන්නේ. වෙන මොකක්ද ඉතින් බියගුලු ගතියනේ. ඒ ලිපිය ලියපු කෙනාගේ බ්ලොග් එක කාලිංග අයියලාගේ සින්ඩියේ නෑ මම හිතන්නේ. ඒ තරහටත් එක්ක තමයි ලියලා ඇත්තේ. මොනවා කරන්නද ඒ එයාගේ අදහස්නේ මේ මගේ ඒවා ඕං.

ඒ ලිපිය ලියූ  අහිංසකයා මුලින්ම සිංහල යුනිකේත විවේචනය කරලා. ඒත් වැඩේ කියන්නේ ඒ ලිපිය ලියලා පල කරලා තියෙන්නෙත් සිංහල යුනිකේත භාවිතා කරලමයි. ඊළඟ ඡේදෙන් කියලා තියෙන්නේ එතන හිටපු සමහර අයගේ බ්ලොග් අඩවි එයා කලින් අහලා නැතිලු. එයා ඒක කියන්නේ හරියට සින්ඩි ඔක්කෝගෙම තියන බ්ලොග් අඩවිටික එයාට කට පාඩමෙන් කියන්න පුළුවන් වගේ. බොරු බයිලා ඕනේ නෑ මම දන්නේ නැති බ්ලොග් අඩවිත් එතන ඕන තරම් තිබ්බා. ඇරත් මගේ බ්ලොග් අඩවිය උනත් වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒවා දැන ගන්න එක්ක තමයි සුහද හමුවක් තිබ්බේ. කමෙන්ට් මොඩරේට් කරන්නේ ඔය අනුන්ගේ නම් වලින් ඇවිත් කුණුහරුප දාන අයගෙන් වගේම නමක් ගමක් නැති කමෙන්ට් දාන අයගෙන් තමන්ගේ අඩවිය ආරක්සා කරගන්නනේ. නැත්තම් ඔල්මොරොන්දං උන් ඇවිත් ගොං කමෙන්ට්ස් දානවනේ. ලිපි ලිය ලියා අනුන්ට දීලා පලකරගන්න අයට ඔය ප්‍රශ්න තේරෙන්නේ නෑ.

කාලිංග අයියලා සුහද හමුවක් සංවිධානය නොකරන්න අපිට බ්ලොග් ලියන කියවන අයව හමු වෙන්නේ නෑනේ. මොකද ඔය පොර ටෝක්ස් දෙන කට්ටියට පුළුවන්ද ඒ වගේ දෙයක්වත් කරන්න. ඒක ලියපු කෙනා කියන විදිහට ඕං මාලිංග ගේ නම හැදිලා තියෙන්නේ මේ විදිහට වෙන්න ඇති. මහා+ලිංග= මාලිංග (සමාවෙන්න මේ තියරිය මගේ නෙමෙයි ඒ ලිපිය ලියපු කෙනාගෙමයි.)
ඒ ලිපිය ලියලා තිබ්බ ඔක්කොම ඒවා අරන් පහදන්න මට උවමනාවක් නෑ. ඒත් මම මෙහෙම කියන්නම් ඒ ලිපියේ තියන කිසිම දේකට මම එකඟ නෑ.

ඒ ලිපියේ තියන කමෙන්ට් ගොඩේ මාරයා කියලා දාපු කමෙන්ට් එකක් තිබ්බා. ඇත්තටම මාරයා අයියා දැම්මද නැද්ද කියලනම් දන්නේ නෑ. ඒකේ ඇත්තක් තියනවා "කාලිංග කරන දේ කාලිංග ගෙනියයි.
ඔබලා කරන දේ ඔබලා ගෙනියයි. කාලිංග අඩුම ගානේ එහෙමවත් කරනවා
" ඉතිං ඔය මඩ ගහන එක පැත්තකින් තියලා වැඩකට ඇති වැඩක් කළානම් කොච්චර හොඳද. 
මට ගොඩාක් දුක හිතුනා ඒ ලිපිය ලියපු කෙනා කාලිංග අයියලා සල්ලි වියදම් කරලා හදලා අපිට නිකං දීපු බත් එක කාලා ගිහිල්ලා ලියලා තියන ලිපිය ගැන. මට ඉතිං ලියනවනම් ලියන්න තිබ්බා මීට වඩා දරුණු වචන වලින්. එහෙම ලියවෙයි කියලා තමයි ටැබූගේ ලිපිය දැකලත් පැය කීපයකට පස්සේ මේක ලියන්න ගත්තේ.

මගේ අදහස මේකයි ඒ ලිපිය කවුරු ලිව්වා උනත් ඒ කරලා තියෙන්නේ බොහෝම පහත් වැඩක්. මොකද එදා දවස පුරාම තිබ්බ දේවල් එකින් එකට අරන් ඒවා විවේචනය කරලා. ඒ කියන්නේ සුහද හමුව පිළිබඳ ඒ ලිපිය ලියපු පුද්ගලයට ලොකු ඊරිසියාවක් තිබිලා නැත්තම් මොකක් හරි වෛරයක් තිබිලා. නැත්තම් වෙච්ච හැමදේම වැරදියට දකින්නේ කොහොමද? කොහොමත් හොඳ වැඩක් කරන මිනිස්සුන්ට මඩ ගහන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. ඒ හැටි.

මට ඒ ලිපිය දැකලත් ඕනෙනම් කටපියන් ඉන්න තිබ්බා දැක්කේ නෑ වගේ. ඒත් කරුමේ කියන්නේ මට අසාධාරණේකදී එහෙම ඉන්න බෑ. 

කාට හරි මට බැනලා කමෙට් කරන්න ඕනෙනම් බයනැතුව ඒ අයගේ ඇත්ත ගිණුම් වලින් ලොග් වෙලා මට බැනලා යන්න. කලින්ම කියන්නම් මම කමෙට් මොඩරේෂන් දාලා තියෙන්නේ. හොඳක් කිව්වත් නරකක් කිව්වත්
Anonymous කමෙට්ස් පබ්ලිෂ් කරන්නේ නෑ.
හැමදේම විවේචනය කරන්න නෙමයි හොඳ දේ හොඳ විදිහටත් නරක දේ නරක විදිහට දකින්නත් පුරුදු වෙයල්ලා.

29 comments:

  1. එල මමත් ඔය කියන පොස්ට් එක කියේවුවා
    එක බලන ඔන කෙනෙකුට තේරෙනව එක තරහෙන් ලියපු එකක් කියල
    මම බ්ලොග් ලියන කෙනෙක් නෙවි කියවන කෙනෙක්
    මම දන්නෙ නැ ඒදා මොනව් උනද කියල මොකද මම එකට ආවෙ නැ නේ.
    කොහොම උනත් එක කියෙවුවම ලියන කෙනා ගැන අප්පිරියවක් තමයි ඇතිවෙන්නෙ.

    ReplyDelete
  2. @mahimaඅනිවා මචං සාමාන්‍ය දැනිම තියන ඕන කෙනෙක්ට තේරෙනවා ඒක :))

    ReplyDelete
  3. මම නම් සාමාන්‍යයෙන් කියවන්නේ නැති බ්ලොග් එකක් ටැබූගේ බ්ලොග. මොකද මම එයාගේ අදහස් ගොඩකට විරුද්ධයි. මොනා වුනත් දුන්නු කෑම එක කාලා ගිහිල්ලාම කොරලා තියෙන වැඩේනම් හරිම පහත්..

    ReplyDelete
  4. ඕව ඔහොම තමයි මචං ඔය වගේ ළූනුයි පානුයි විතරක් ගිලලා පුරුදු චාටර් බුවාල ගොඩක් තැන්වල ඉන්නවා ..

    ඊලඟ වතාවේ තිබුනොත් මේ හමුව මම අනිවා එනවා ...


    ජයවේවා !!

    ReplyDelete
  5. ආ පූස් මල්ලී..අර කමෙන්ට්ස් එක දැම්මෙ ඔයාලත් එක්ක එදා කතා කොරපු මාරයා අයියම තමයි.
    කොහොමටත් මම කවදාවත් ඇනෝ කමෙන්ට්ස් දාන්න කැමති නැහැ.
    මෙ වෙනකල්ම මම එහෙම දාලා තියෙන්නේ එකම එකයි..ඒකත් බ්ලොග් එකේ අයිති එක්කෙනාට ඉගියක් දීලා..මෙ මම තමයි කියලා..එයත් මාව ඒ ඉගියෙන් අදුර ගත්තා..ඒ දැම්මෙත් නරක දෙයක් එහෙම නෙවී..අපි කතා කරන දේ අනිත් අයට නොතේරෙන්න ඔන දෙයක් වෙච්ච හින්දයි.

    උඹ ලියලා තියෙන ලිපියට මම සීයයට සීයක්ම එකග වෙනවා..ඒත් බං මල්ලියේ ඔවාට උත්තර දීලා ඉවරයක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි...
    දැක්කානේ එතන තියෙන කමෙන්ට්ස් දාපු එකා හොයා ගන්නත් බැහැ..නොදාපු එකා හොයා ගන්නත් බැහැ..අන්තිමට මෙලෝ රහක් නැහැ...

    ReplyDelete
  6. ඕවා ඔහොම තමයි ..

    දෙයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැති වුනාට කළාට පස්සේ විවේචනය කරන්න නම් ගොඩ දෙනෙක් ලෑස්තියි.

    ඒ විවේචනය කරන අය කවදාවක්වත් වැඩක් පටන් ගන්න යද්දී වචනයකින්වත් සහයෝගයක් දක්වන්න හිතන්නේවත් නැහැ..

    බල්ලන් බිරුවාට කඳු පාත් නොවේලු නේ....

    ReplyDelete
  7. ඈත්ත තමයි, වෑරෑද්දක් දෑක දෑකම කාට වුනත් ඈස් කන් පියන් ඉන්න බෑනේ. කවුරු හරි ඒක වෑරෑද්දක් කියලා කියලා දෙන්න ඕනි. ඔයා කරපු දේ හරි. ඒක ලියපු එකා වෑරදිලා වෑස්සකට ගොඩ වෙච්ච නෑට්ටක් නෑති බල්ලෙක් වෙන්න ඈති. හරියට මෑක්කෙක්වත් එලවගන්න බෑරි. කවුරු මොනවා කිව්වත් එදා වෑඩසටහන හොදට තිබ්බා. ඔහොම කතා කියන එකෙට්ටවත් කාලිංග අයියත් එක්ක හෑරෙන්නවත් බෑ.

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි හැමෝගෙම කමෙන්ට්ස් වලට. සුහද හමුවට ආවත් නැතත් ඒ ලිපිය ලියපු කෙනාගේ තත්වේ හැමෝටම තේරෙන බව දැණුනා.
    මාරයා අයියා කියන එක ඇත්ත මේවාට උත්තර දීලා ඉවර කරන්න බැහැ. ඒ වගේම ඒවා දැකලා නොදැක්කාවගේ මට කට පියාගෙන ඉන්නත් බැහැ නොවැ x(

    ReplyDelete
  9. ඒ බ්ලොග් එකට පුසිද්ධියක් අප විසින් ලබා දීමද එක අතකට වැරදිය කියල මට නම් හිතෙනව.
    ඒකෙ ලියපු අය හුගක් තම තමන්ගෙ පෂ්චාත්බාගය ගැන නම් හොදට ලියල තිබුන. මොනව නැතත් ඒ ගැන වත් ඔවුන් බුද්ධිමත්.
    සමහර විට ඒක ලියපු පුද්ගලයත් එතැනදි දීපු විජේසේකර keyboard එක බලාගෙන වෙන්න ඇති post එක ලිව්වෙ, නේද.......?
    නැත්නම් තරහට ඒක විසික් කරාද දන්නෙත් නැහැ. අපරාදෙ කාලිංග අයියගෙ දානෙට ගිහිපු සල්ලි. ඒ ගැන කියලත් නැහැ. (අනිත් අය කරපු දේවල් ඔක්කොම කියල තියෙනව ඒ උනාට මිනිහ කියපු කරපු දේවල් කියල නැහැනේ....) ඕකට තමා කියන්නේ තමංගෙ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනුංගෙ ඇහැක තියෙන පොල් කෙන්ද ලොකුයි කියල. ඒක ලියපු කෙනාට ඒ ටික නොතේරුනාට අපි වගේ මොලේ නැති මී මැස්සොන්ට නම් ඒ ටික තේරෙනව.
    සමහර විට ඔක්කොම විවේචනය කරපු එකේ ඒ දීපු ස්ටිකර් එක විවේචනය නොවෙන්න හේතුව කියල මටනම් හිතෙන්නෙ එකෙන් වත් ලියපු කෙනාට ප්‍රයෝජනයක් ඇති කියල.
    අඩුම තරමෙ ඒ ටික හරි ජයග්‍රහණයක්නෙ? නැත්නම් ඒකත් කඩයක් වෙනවනේ.http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/5.gif

    ReplyDelete
  10. සුහද හමුවේ තිබුන හීතල ටිකක් වැඩිනිසා ඔය බුවාගේ ඔයකියන අදහස් ටික මිදිලා තියෙන්න ඇත්තේ එකයි ඒවෙලාවෙ කිව්වේ නැත්තේ. එලියට ආවට පස්සේ ඕකගේ ගොන් මොළ කෑල්ල දියවෙලා. කාපු බත් පතටත් පහරන ජාතියේ එකෙක්. කියන දෙයක් කියන්න ඒ වෙලාවේ අවස්ථාවක් දුන්නනේ.

    ReplyDelete
  11. පූසා : ඒ ලිපිය ලියපු කෙනා හොයාගෙන මම බ්ලොග් පෝස්ට් එකක් දැම්මා. කොහොම උනත් මඩ ගහන එක වැරදි උනත් සමහර ලියල තිබුන දේවල් එක්ක නම් මම එකඟයි

    මම ඔතෙන්ට ගියෙ පැය 3ක් 4ක් රට බයිල අහන්න නම් නෙමේ. අනික කාගෙවත් ගොං පාර්ට් බලන්නත් නෙමේ. අනිත් බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියො අඳුර ගන්න.

    හැබැයි කෙනෙක්ගෙ පෙනුමට දෙමවුපියො දුන්න නමට මඩ ගහන එක නම් මම කොහෙත්ම අනුමත කරන්නෙ නෑ.

    ReplyDelete
  12. ඔය ලිපිය ලියපු එකා ලග පාතක හිටියනම් හැක් කොරලා දානවා...:ඩී

    ReplyDelete
  13. ඒ ලිපිය ලියල තියෙන්නේ ඇත්තටම එදා ආපු එක්කෙනෙක්. මොකද එදා උන සියල්ලම වාගේ දන්න කෙනෙක්. මොකද හැමදේම වගේ ලියල තිබුනනේ. එයා දැන් මේ විවේචනය කරන දේවල් එදා එතෙන්දි කියන්න තිබ්බනෙ. නමුත් එදා එයා අපිත් එකක් සුහදව ඉදල නිර්ණාමිකව ඇයි මෙමෙහම කෑ ගහන්නෙ.

    ReplyDelete
  14. මම මේ ලඟදි blog ලියන්න ගත්තෙ ඉතින් සිංහල blog ඉතිහාසය ගැන නම් මම දන්නේ නෑ…

    ඒත් මම කැමතියි මගේ අදහසත් කියන්න…

    මම හිතන්නෙ සංසදයට කැමති දෙයක් කරන්න ඒ ගොල්ලන්ට අයිතිය තියෙනව.

    ඉතින් සංසදය එක්ක වැඩ කරන්න කැමති කට්ටිය ඒගොල්ලො එක්ක වැඩ කරපුවාවෙ…

    කවුරුත් අනිත් පැත්ත විවේචනය කරන එක හරි නෑනෙ..

    සංසදේට හරි කියල හිතෙන දේ කරයි.. අපිට හිතෙනවනම් ඒක හරි කියල අපි සහයෝගය දෙමු නැත්නම් පාඩුවෙ නිකන් ඉමු….

    ReplyDelete
  15. රංග අයියා පෝස්ට් එකක් දාලා තිබිලා ඒත් අර ලිපිය ලියලා තියෙන්නේ එයාගේ යාලුවෙක්ය කියලා ඒ පෝස්ට් එක අයින් කරලා. මට සිරිත් මල්දමේ කවියක් මතක් උනා

    දෙගුරුන් කීවත් පව් නොකරන්නේ
    සතුරන් කීවත් පින් කරපන්නේ
    කවරුන් කීවත් විමසා ගන්නේ
    එබැවින් යහපත් වැඩ කරපන්නේ

    ඉතිං මම කියන්නේ යාලුවා කළත් වැරැද්ද වැරැද්දමයි.

    මගේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ ඒක ලියපු කෙනා හැමදේම විවේචනය කරලා කියලා. සිදුවීම් කිහිපයක් සාධාරණ හේතුත් එක්ක විවේචනය කළානම් ඔන්න කාලිංග අයියලාට ඒක ලබන සැරේ හදාගන්න තිබ්බා. හැබැයි ඒකත් ඔය වගේ පල් කතා කියල ලියන්න දෙයක් නෙමෙයිනේ මේ වගේ උනාම් හොඳයි කියලා කිව්වනම් එච්චරයි. මට තේරුනේ මේකයි. ඒ ලිපිය ලියපු කෙනා සුහද හමුවට ඇවිත් තියෙන්නේ ඒ මඩ පාර ගහන්න බලාගෙනමයි. x(

    ReplyDelete
  16. නිකන් දෙන එක කාල ඉන්න බැරි වුන් ඉන්නවනේ අම්මප ඇත්තටම.. වැඩේ කියන්නේ කාල තමයි මුන් බනින්නේ... එහෙමනම් නොකා ඉන්න ඕනේ...

    ReplyDelete
  17. ඔය කියපු ලිපිය මමත් කියෙව්වා.ඇත්ත තමයි.මොනා වුනත් මට හරි සතුටුයි ඒ ලිපියට කමෙන්ටු ගොඩාක් ඇවිල්ල ඒක අච්චාරු වෙලා තිබුන එකට.කියවන කෙනාට එපාවෙන විදියටම කමෙන්ට් ඇවිල්ල.ඒක නිකං වැසිකිළියක් වෙලා.හැමෝම ඇවිත් කමෙන්ට් දාල පෝස්ට් එක ගූ තැම්බක් වගේ.මොනා වුනත් සිංහල බ්ලොග් සංසදය එක්ක වැඩ කරන අය ඒක සතුටු සිතින් සුහදව කරනවනම් අනිත් අයට මොකක්ද තියන ඇගේ අමාරුව.මොකක්හරි වැරද්දක් දැක්කනම් ඒක එතනදිම හරි එහෙම නැත්නම් පෞද්ගලිකව දැන්නුවනම් ඉවරයිනේ.

    ReplyDelete
  18. අනේ බං උඹල අහලා නැද්ද... ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා...
    ලංකාවේ උන්ට වැඩක් කලත් බනිනවා.නොකලත් බනිනවා.කලොත් වැඩියෙන් බනිනවා.‍ඉතිං ලංකාවේ උන්ට වැඩක් කරනවනම් බැනුම් අහන්න බලාගෙන වැඩකරන්න ඕනි....

    ඕක ඇත්ත නෙමේද...ඕවා කතාකරලා වැඩක් නෑ බං.නපුංසක කම කොහේ ගියත් එකයි.වෙනසක් නෑ...දුන්නු බත් පත කාලා ගෙදර ගිහින් කාපුව දිරවන්නත් ඉස්සෙල්ලා බනිනවා බත් පත දුන්න එකාටයි
    ළග ඉදන් කාපු එකාටයි....ඕවා කතා කරලා වැඩක් නෑ බං....

    උන්ට කවදා හරි ඕවා විදවන්න වෙනවා...එදාට වෙනකන් ඉතිං අර කකුළුවා දිය බදුනේ දාලා රත්කරනවා වගේ...

    බලන්ඉමු මොකද වෙන්නේ කියලා....

    අඩු පාඩු තිබුණා...ඒත් ඒවා හදාගෙන ඉදිරියට යන එකයි නිවැරදි...ඒකනේ අපේ රට හැමදාම පස්සට යන්නේ....

    වෙච්ච වැරැදදක් තියෙනම් ඒක නිවැරදි කරලා ආ‍යේ ඒ වැරැද්ද නොවෙන්න

    ReplyDelete
  19. පළමු ඇනෝ කොමෙන්ටුව ලැබුණි. ඒ ටැබූට ලිපිය බාරදුන් තැනැත්තා විය යුතුය. ඔහු පවසන පරිදි ඔහුට හරියට සතුරන් ඇත. ඒ නිසා ඇත්ත නමින් පෙනී සිටීමට නොහැකි බවක් පවසයි. තවද ඔහු අහිංසකයෙක් බව පවසා ඇත. (අපිත් එහෙම තමයි ඉතිං) මාත් එක්කත් කතා කළ බව පවසයි. මගේ ලිපියේ තියන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය වචන වලට ඔහු අකමැති හැඩයි. ඒ වගේම එදා බත් එක ඔහු නොකෑ බව පවසයි. තව නොකෑ පිරිස් සිටි බවද පවසයි.
    එයාගේ කොමෙන්ටුව පබ්ලිස් කොරනවාට එයා කැමතිලු. සමාවෙන්න ඇනෝ. මම කලින් කියලා තියනවානේ ඇනෝ ඒවා පබ්ලිස් කරන්නේ නෑ කියලා. ඒ උනාට ඔන්න අන්තර්ගතය සැකෙවින් දැක්වුවා.

    හරි කොහොමින් කොහොම හරි ඔයා ඊළඟ සැරේ එන එකක් නෑ කියලා මට හිතෙනවා.

    ReplyDelete
  20. සිංහල බ්ලොග් යුනියන් එකේ --කිරි.කොම් එකට _ක දෙන එවුන් සෙට් එකක් ඉන්නවා.. මේව දකින කොට උන්ට ඌරු ජුවල්.. උන් වෙන්න ඹ්න ඔය වල්පල් ලියන්නේ..

    ReplyDelete
  21. ගනන් ගන්න එපා මල්ලිලා.මේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න බැරි බව හැමෝම දන්නවා. විවේචනය කරන්න නම් පුලුවන්. ඒක ගනන් ගන්න එපා. ඔය කියන බේලොග් කරුවා මේ රටේ ඉන්න හොදම දක්ෂම බොලොක් කරුවා යැයි තමන්ම සිතා සිටින බව හැමෝම දන්නවා. ඒක එයාගේ සතුටනේ. මටත් මේ හමුවට එන්න බැරි උනා. ඒත් මොන අඩුපාඩු තිබුනත් මෙහෙම දෙයක් හරි සංවිධානය කිරීම ගැන සියලු දෙනාම සතුටු විය යුතුය.

    ReplyDelete
  22. සමාවෙන්න ඇනෝ ඔබ පැවසූ දෑ සැකෙවින් දක්වා මා කළේ වරදකි. නැවත් එය එසේ සිදු නොවේ ~x(

    ReplyDelete
  23. අඩුපාඩු කියන දේ හැමෝගෙම අතින් වෙන්න පුලුවනි.. ඒවට මඩ නොගහ උත්සාහය අගය කිරීමයි වැදගත් වෙන්නෙ. එතකොට මේ පාර අඩුපාඩු තිබුනනම් එයාල ඒව ඊලග වතාවෙදි නිවැරදි කරගනීවිනෙ..

    ReplyDelete
  24. දැනුයි දැක්කේ! මෙහෙමයි, මුන්ට තියෙන්නේ සින්ඩියත් එක්ක වලියක්.ඒකට කරුණු මදි නිසා වෙන්නැති අනිත් උනුත් ගාවගෙන තියෙන්නේ. දැන් උන් කියන විදියට ඕක ලියන්නේ එක්කෝ චමිල, නැත්නම් මම, එහෙමත් නැත්නම් ෆිට් එකේ එකෙක්. ඕවා ලියපු එකා එදා ඇවිල්ල නෑ. මොකද ඌ කියලා තියෙනවා මම ලොකු කැමරාවක් අරන් ආවා කියලා. මම මේ කියන්නේ දැනට ලියවිලා තියෙන්නේ මේ මාතෘකාවට අදාල ඔක්කොම බ්ලොග් ගැන. ඇන්නෝනිමස් ඒවත් එක්ක. තීම් එක වගේ උනාට ඒකෙන් කියවෙන්නේ නෑ ලියන්නේ එකෙක් කියලා. අනික මමත් ඇනෝ ලිව්වනම් මුලින්ම ෆලෝ කරන්නේ මගෙත් එක්ක එච්චර නැති උන්ව. එතකොට සැක හිතෙන්නේ නෑ. මොනා උනත් මේ ටිකට මගේ බ්ලොගට හිට්ස් වැඩියි! ස්තූතියි මිත්‍රයා මේ ගැන ලිව්වට. හැඹැයි මම නම් මේවට ප්‍රමෝෂන් දෙන්නේ නෑ මගේ බ්ලොගේ!

    ReplyDelete
  25. @මුචලින්ද:මොනවා කරන්නද බං ඒවා දැක්කාම මට කට පියන් ඉන්න බෑ වගේනේ :-L

    ReplyDelete
  26. පූස් සහෝ අදයි මම මුලින්ම කියෙව්වේ. ඔයාගේ බ්ලොග් එක හොඳයි. ලස්සනයි.ආයිම වතාවක එන්නම්.
    හැබැයි මේ වගේ ලිපි අරවගේ මානසික අසහන කාරයන්ට දෙන ප්‍රචාරයක් නේද? උදාහරණයක් විදිහට මම මුලින්ම ටැබූව දැක්කෙත් මේ වගේම විවේචනයක් හරහා. මම හිතන්නේ මෙයාට ඕනේ අර සිගරට් සමාගම් වල වගේ ප්‍රචාරණයක් ලබාගන්න.

    ReplyDelete
  27. ඇත්ත කතාව...ඒත්...... අනේ මන්දා... කට පියන් ඉන්නත් බැ.. මොනවා හරි කියලත් බෑ.. පිස්සු හැදෙනවා 8-}

    ReplyDelete
  28. ඕක අපේ එව්වොන්ගෙ හැටියක් නොවැ බන්... හොඳ දෙයක උනත් නැති නරකක් හරි හොයා ගෙන ඒක උලුප්පන එක... කාලිංග එක්ක තරහකට ලියපු ලියවිල්ලක් කියල පැහදිලිවම තේරෙනවා.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...