Saturday, November 13, 2010

අද කාලේ නාටක.....( ගොන් දෙපැය )



ඊයෙ මට හොඳටම උණ ගැනිලා හරිම අමාරුවෙන් හිටියේ. බෙහෙත් එහෙම අරන් ඇවිත් ඔහේ වාඩි වෙලා හිටියා. වැඩක් කරන්නත් බෑ ඇඟට අමාරුයි. ඔන්න  වෙලාව 8.00 යි. 

ඉතිං අපේ ගෙදර කට්ටිය ප්‍රවෘත්ති බලන්න ගත්තා. බලන්නේ ශ්‍රිලාංකීය අභිමානය චැනල් එකේ. ඒක නම් මමත් හැමදාම වගේ බලනවා. ඒකෙත් ගියේ පරණ දේවල්මයි. විපක්ෂේ ආණ්ඩුවට මඩ ගහනවා. ආණ්ඩුව විපක්ෂෙට මඩ ගහනවා. සමහර වෙලාවට ඒක බලන එක කොමඩි ෆිල්ම් එකක් බලනවාටත් වඩා හිනා යන දෙයක්.ඔන්න ඒවා ඉවර වෙලා පිටරට වල වෙන දේවල් පෙන්නනවා. යකෝ එහෙ කියලාත් වෙනසක් නෑ මෙහේ වගේ මයි. වලිම තමයි. කීඩෑ පුවත් එහෙමත් ඉවර වෙලා පටන් ගත්තා ගොන් දෙපැය  බලන්න.(මම මෙතන "ගොන් දෙපැය" විදිහට හැදින්නුවේ එක නාලිකාවක් ඉලක්ක කරන් නෙමෙයි ඔන්න. ඉස්සර ඔය සංකල්පේ එක නාලිකාවක විතරක් තිබුණට අද ගොඩක් ඒවායේ තියනවානේ.)

ඔය නාට්ටිවල නම් කියන්නනම් මට මතක නෑ. කොහොම හරි බලන්නේ ස්වාදීනේ.කොහොම හරි කට්ටිය නාට්ටි බලන්න පටන් ගත්තේ 7.30ට. මම ටීවී එක ලඟට ගියේ නම් 8.00ට. ඉතිං 8.30 වුන ගමන්ම පටන්ගත්තා. මමත් ඔහේ බලන් ඉන්නවා. මෙන්න නාට්ටියේ දන්න කියන කෙනෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමෙයි අර රෙදි හොරකම් කරපු කෙනා. ඒ කතාවත් ඉතිං අනිත් ඒවා වගේමයි. කෙල්ලයි කොල්ලයි දුෂ්ඨයයි. බලන් ඉන්න කම්මැලියි වගේ. අමාරුවෙන් නැගිටලා ගියා බ්ලොග් එකක්වත් කියවන්න කියලා.

පැය බාගයක් විතර බ්ලොග් ටිකක් කියව කියවා හිටියා. ඇඟට පට්ට අමාරුයි. එක තැනක ඉන්නත් බෑ වගේ. ආයෙත් ගියා සාලේ පැත්තට. කට්ටිය තාමත් නාට්ටි බලනවා. ඉස්සෙල්ලා එකමද කොහෙද තාමත් යන්නේ. මම ගිහින් වාඩි වුනා. මාර වැඩේ ඉස්සෙල්ලා ආදරවන්තයගේ තාත්තා මේ පොඩ්ඩට දුෂ්ඨයාගේ තාත්තා වෙලා. දුෂ්ඨයාගේ යාලුවෝ සෙට් එකත් වෙනස් වෙලා. මොකක් හරි අවුලක් තියනවා. මම වෙලාව බැලුවා. 9.15 නේ මේ වෙන නාට්ටියක්නේ. ඔල්මාදේ හැදෙනවා මෙවා බලන්න ගියාම.

අද කාලේ රූපවාහිනි නාලිකා වලට ආවේනික නළු නිළියො ඇති වෙලා. ඉතින් එක නාලිකාවක යන ඔක්කොම නාට්ටිවල ඉන්නෙ එකම නළු නිළි සෙට් එක. ඉතිං කවුරු හරි එකම නාලිකාවක නාට්ටි විතරනම් බලන්නේ නාට්ටි ඔක්කොම පැටවෙලනවා ෂුවර්. ඒක නිසා නාට්ටි බලන උදවියට මම අනුමත කරන්නේ එකම චැනල් එකේ නාට්ටි බලන්නේ නතුව එක එක චැනල් වල නාට්ටි බලන්න. නැත්තම් කාලයක් යනකොට එකම කට්ටිය දැකල දැකලා එපා වෙන්න බැරි නෑ. 

ප.ලි : කාලයක් අපේ ගෙදර උදවිය බැලුවේ අර මළගෙදර(මහ ගෙදර ) කියන එක. ඒක බලන එක නැවතුනේ කට්ටියට එපා වුන නිසානේ. ඒ කතාවනම් තාමත් යනවද මන්දා. ඒකනම් බලන්න ගියාම එපා වෙනවා එකේ කොල්ලො කෙල්ලො අඩනවට වඩා දෙයක් නෑ.

5 comments:

  1. ඒකනම් සහතික ඇත්තතමා. දැන් යන නාට්ටිය බලන්නත් කම්මැලියි.මොන මළ විකාරද දන්නෑ

    ReplyDelete
  2. ඔව් වැඩක් නැ තමයි

    ReplyDelete
  3. ඒකනේ. ඒකට බලන්නකෝ ඉස්සරගිය නාට්ටි කියලා වැඩක් නෑ. අන්න නාට්ටි. දඩුබස්නාමාණය වගේ ඒවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.

    ReplyDelete
  4. දඬුබස්නාමානය වගේ ඒවා නෙවේ මුල්ම කාලෙ ගිය ලා හිරු දහසක් වගේ සරල කතාවක් ගත්තත් මාර රහක් තියෙනවා. මට ගිරය, 666 එහෙම හරියටම මතක නෑ ඒවා නැවත විකාශය වුනේ නැති නිසා. ඒත් මම තාම
    අර සිහිනෙන් ගෑ සුවඳක් වගේ හිතේ තියෙන මතකයන් ටික තියාගෙන ඒවා නව තාක්ෂණයෙන් හරි දොරට වඩී කියලා බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  5. ගිරය නම් මටත් හරියටම මතක නෑ. ඒත් අපේ අම්මලා තාමත් කියනවා මම පොඩි කාලේ ඒක බලපු හැටි ;))

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...