Sunday, November 14, 2010

අපේ රටේ දේශපාලනය...(මට හිතෙන හැටියට)


ඔන්න මුලින්ම කියන්නම් මට මේක ලියන්න හිතුනේ ටැබූ අය්යාගේ පොඩි එකාගෙ ලියුම -  අඩම්බොරුකාර තාත්තා ලිපියයි ඒකේ තියන අදහස් දැක්වීම් ටිකයි කියෙව්වට පස්සේ. ඔන්න මුලින්ම කියන්නම් මම දේශපාලනේට වැඩි කැමැත්තකුත් නෑ වැඩි අකමැත්තකුත් නෑ. ඒවගේම එක පක්ෂයකට කියලා එල්ලිලත් නෑ. මම රටට වැඩක් කරන ඕනෙම පක්ෂයකට සපෝට්. ඔන්න දැන් මේක කියවලා කට්ටිය මාත් එක්ක වලියට නම් එන්න එපා. මම බයයි. ඒ වගේම මේක මගෙ නිකන් අදහසක් විතරයි කවුත් රණ්ඩුවෙන්නත් එන්න එපා. හරි කොහොමහරි ඔන්න මම කතාව පටන් ගන්නවා.

දැන් ඇස් වහගන්න.......... දැන් මේ විදිහට හිතන්න. "ඔයා තමයි මේ රටේ ජනාධිපතිතුමා. ඒ වගේම ඔයාලා පැවත එන්නේ මතක ඇති කාලේ ඉදන් දේශපාලනේ කරන පවුලකින්. ඔයාට සහොදරයෝ සෙට් එකකුත් ඉන්නවා එයාලත් දේශපාලනේමයි කරන්නේ" හරි මට කියන්න බලන්න එයාලට ඔයා සලකන්නේ නැද්ද? එක කුස උපන් සහොදරයන්ට සලකන්නේ නැතුව වෙන කාට සලකන්නද? හරි බලන්නකෝ ඉස්සෙල්ලා හිටිය මැඩම් එයත් මල්ලි එයා ළඟට ආව වෙලේ සැලකුවේ නැද්ද? කවුරු ජනාධිපති උනත් අපි ඔක්කොම ලංකාවේ මනුස්සයෝනේ සහෝදර කැක්කුම උපරිමෙන්ම තියනවා. මම කියන්නේ මේකයි මොන කෙනා බලයට ආවත් අපේකම් වෙනස් වෙන්නේ නෑ. එහෙමනම් අපේකම ගෑවෙලාවත් නැති කෙනෙක් පත් කරගන්න වෙනවා.

හිතන්න බලන්න අද ජනාධිපති මේ ඉන්න කෙනා නෙමෙයි ඔයා සපෝට් කරන කෙනා කියලා. එහෙනම්?? අද ඔය රස්සා නෑ කියලා කෑ ගහන කට්ටිය නැති වෙයි කියලා කියන්න පුලුවන්ද? එහෙනම් රස්සා නැති කට්ටියව තවත් දේශපාලන පක්ෂයක් අල්ලගෙන එකතු වෙලා කෑ ගහන්න පටන් ගනීවි. ඇත්ත ඒක නෙවෙයිද? මම දැක්කා ටැබූගේ කතාවට wath අක්කා හොඳ උත්තරයක් දීලා තියනවා. තව සෝමවංස කියල හාදයෙකුත් ටිකක් තරහෙන් වගේ ලියලා තිබ්බා. හැබැයි මම හිතන්නේ නෑ ටැබූ අයියා ඒක ලිව්වේ ඉරිසියාවට කියලා. ඒ එයා හිතන හැටි. අපි ඔක්කොම එක එක විදිහට හිතන නිසා තමයි අපේ රටේ එක එක පක්ෂ ගොඩක් තියෙන්නේ. ඒ හැටි. 

ඊටපස්සේ හොරාගන්න ඒවා. ඒක ගැන ඉතිං කතා කරලා වැඩක් නෑ. අපේ රටේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම හැම රටකම වගේ තියන ප්‍රශ්නයක්. ඉතින් ඒක මොන පක්ෂයක් බලයට ආවත් වෙනස් වෙයි කියලනම් මම හිතන්නේ නෑ. කොහොම හරි කීයක් හොරකම් කළා වුනත් අද අපේ රටේ ඇහැට පේන්න ගුවන් පාලම් ටිකක් හරි තියනවා නේද? කඩන් වැටි වැටී හරි මොන පාලමක් හරි හදනවනේ ;) මොන මොනවා හරි සංවර්ධන කටයුතු ඇහැට පේන්න වෙනවා නේද? මටනම් ප්‍රශනයක් නෑ මොන පක්ෂේ හරි මීට වඩා වැඩක් කරයි කියලා හිතුනොත් මම ඒ පක්ෂයට ඡන්දේ දෙනවා.


දැන් මම කියන්න යන්නේ අපේ රජයේ විශ්වවිද්‍යාල වලට යන අයියලාව දේශපාලන පක්ෂ වලින් උසි ගන්නලා එයාලා කෑ ගහනවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න එපාලු. ඒකටනම් මම තදින්ම විරුද්දයි. මේකයි හේතුව. උසස් පෙළ ලියන්න  ආසන්නව 350,000ක් වාඩි වෙනවා, ඒකන් පාස් වෙන්නේ 180,000ක් විතර ඒකෙනුත් රජයේ විශ්වවිද්‍යාල වලට ගන්නේ 20,000ක් විතර. එතකොට ඉතිරි 160,000ට මොකද වෙන්නේ. එතන ඉන්න සමහර අය Z ලකුණ දශම ගානක් මදි වුන අය. ඉතිං හිතලා බලන්න එයාලට යන්න පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බාම මොකද වෙන්නේ. ඒ කෑ ගහන්නේ ඉරිසියාව හින්දද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් අද ලෝකේ ඉල්ලුම තියෙන්නේ දක්ෂයන්ට ඉතින් කවුරුත් මොකටද බය වෙන්නේ. තමන්ගේ උපරිමෙන් වැඩ කරනවා මිසක්.

මේ ලිපිය ලිව්වේ ටැබූ අයියා ලිව්ව එකින් එක අරන් විවේචනය කරන්නනම් නෙමේ. කියෙව්වම ඕන කෙනෙක්ට තේරෙනවනේ එයා කිව්ව හැමදේම මෙතන නෑ. මේ මගේ අදහස් ටිකක් විතරයි.  හැබැයි මේක ලියන්න හිතුනෙනම් ටැබූ අයියගේ ලිපිය කියෙව්වම. කොහොම උනත් දැන් මේ බලයේ ඉන්න අය කරන සාධාරණීකරනය  කරන්න බැරි වැරදි ඕන තරම් තියනවා. මොන පක්ෂේ ආවත් එච්චරයි. ලෝකේ කොහේ හරි වැරදි මුකුත්ම නැති පක්ෂයක් බලයේ තියනවද?

කවදා හරි දවසක ඇත්තටම අපේ රට ගැන හිතන, ආණ්ඩු පක්ෂයේ වුනත් විපක්ෂයේ වුනත් හොඳ දෙයක් කරන පක්ෂයක් ඇතිවුනොත් ආයේ කතා දෙකක් නෑ මම ඒ පක්ෂයේ.

අනේ ඉතිං මේක කියවලා ඔන්න මාත් එක්ක තරහා වෙන්නවත් රණ්ඩු වෙන්නවත් එපා. කඩේ ගියා වුනාට කඩේ ගියා කියන්නත් එපා ;)

නොදන්න දේශපාලනයක් ගැන කතා කරන්න ගිහින් මට කෙළවෙයිද මන්දා.... බයත් හිතෙනවා

14 comments:

  1. මන්දා මමනං අර කිව්වා වගේ ඇස් දෙක පියාගත්තා ඊට පස්සේ කරන්න ඔන දේවල් කියවන්න උනේ නැහැ.
    ඇයි ඇස් වැහිලානේ...

    හිහ් හිහ්..
    කස්ටිය බණී කියලා බයයිද..?
    අනිවාර්යයෙන් තව ටිකකින් බණීවී..ඇනෝලා එහෙමත් ඒවී..ගණන් ගන්ට එපා.

    අනේ පින් සිද්ධ වෙයි ඔය
    "Word verification"අයින් කරන්න...

    ReplyDelete
  2. අයියෝ මේ එහෙනම් ආයේ කියවන කට්ට්ය මේක කියවලා ඉවර වෙලා ඇස් වහගෙන අර විදිහට හිතන්න හොඳේ.........

    පිස්සුද අනේ මම බය ;) නෑ ඒ වුනාට ටිකක් විතර බයයි :-/

    ඔන්න ඔයා කිව්ව නිසා Word verification අයින් කලා.

    ReplyDelete
  3. ඕක තමා යථාර්තය..පොලවේ පයගහල ඉන්න අයගේ අදහසත් ඕකම තමා...
    දේශපාලනය කියන්නෙ විවේචනය තමයි...දැන් පවතින ආන්ඩුව විවේචන කරන කට්ටිය මේ ආන්ඩුව වෙනස් වුනා කියල විවේචනය කරන එක නවතියිද?ඒ වගේම මේ ආන්ඩුව වෙනස් වුනා කියල අපේ රට දිව්‍ය ලෝකයක් වේවිද?
    හැබැයි විවේචනය අත්‍යාවාශ්‍යයි.නැත්තන් රටේ ආන්ඩු තමන්ට ඕන හැටියට වැඩ කරන්න ගනීවී.

    ReplyDelete
  4. ඔව් මද්දු ඔයා හරියටම හරි විවේචන කියන දේ නැත්තම් වැඩක් නෑ. රටක් සංවර්ධනය වෙන්නේ ඔය යෝජනා, විවේචන, අදහස් හැම දෙයක්ම නිසා තමයි :)

    ReplyDelete
  5. අහිංසක මිනිස්සු දේශපාලනය කරනව ද පූසෝ ...

    අනේ මම අහිංසකයි ....

    ReplyDelete
  6. ඒකත් ඇත්ත අහිංසක මිනිස්සු කොහෙද දේශපාලනේ කරන්නේ :-/

    ReplyDelete
  7. මල්ලියො පෞද්ගලික විශ්වවිද්‍යාල කතාවට උත්තරයක් තමයි මේ දෙන්නේ...

    කැම්පස් කට්ටිය කොහෙවත් කියන්නෙ නෑනෙ විශ්වවිද්‍යාල වලට ගන්න කට්ටිය අඩු කරන්න කියලා....

    විශ්වවිද්‍යාල ගණන හෝ තියෙන ඒවයේ ප්‍රතිපාදන වැඩිකරලා තව කට්ටිය ගත්තා නම් ඔය දශම ගානක් මදි වෙලා එලියෙ ඉන්න අයත් ඇතුලෙ නේද?

    මල්ලි කියනෙ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩි ගානක් ඉගෙන ගන්නව කියලනෙ.ඒත් මල්ලි ඔවට ගමේ ගොඩේ ඉන්න කට්ටියට එන්න බෑ කොච්චර ඉගෙන ගෙන තිබුනත්...ඕවට ගන්න බලපාන්නෙ සල්ලි බලේ තමයි.

    ඕකෙන් වෙන්නෙ AL කාලේ පිස්සු නට නට දෙමව්පියන්ගෙ සල්ලි කකා හිටපු නාගරික වුන් ටිකක් තමන්ගෙ අම්මලා තාත්තලගෙ සල්ලි පාවිච්චි කරලා අධ්‍යාපන සුදුසුකමක් සල්ලි වලට ගන්න එකයි.
    ගමේ ඉන්න ඉගෙන ගත්තු අහිංසක කොල්ලන්ට වෙන සෙතක් නෑ.

    ඊට පස්සෙ සල්ලි දීල ගත්තු සුදුසුකමත් එක්ක සල්ලි බලෙයි දේශපාලන බලෙයි පාවිච්චි කරල ලොකු පුටු වලට යයි.

    විශ්වවිද්‍යාල වලට ගන්න ගාන වැඩි කරනවනම් සාදාරනව වැඩි පිරිසක් එයි.

    ReplyDelete
  8. ඉතිං ඔය අයියා/ අක්කා කියන කතාව පෞද්ගලික විශ්වවිද්‍යාල නෑ කියලා අද දවසේ වෙනසක් තියනවාද? =)) ලොකු සල්ලි කාරයෝ කොහොමත් තමන්ගේ ළමයි රට යවලා හරි උගන්නනවා ;) මම හිතන්නේ අයියා/ අක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ :D බැරි වෙලාවත් ඔයාත් Z ලකුණේ දශම ගානක අඩුවක් නිසා විශ්වවිද්‍යාලේ යන්න බැරි වුන මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් කියලා එහෙනම්??? ලංකාව ඇතුලේ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බානම් මොන තරාතිරමක කෙනෙක් වුනත් අමාරුවෙන් හරි උපාධියක් කරන්න තිබ්බා නේද? :-/ මම කිව්වේ part time ජොබ් එකක් වගේ කරන ගමන්.

    අනික අද වුනත් පිටරට විශ්වවිද්‍යාල වලට ගන්නකොට හොඳ උසස්පෙළ ප්‍රතිඵල තියන අයට scholarships දෙනවා :) ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බනම් ඒවායෙත් වෙනසක් නෑ :) ඉතින් සල්ලි බලේට ගන්නවා කියලා කියන්න බෑ. ඔය ලොකු පුටු ගැන බය වෙන්න එපා ඔයා හොඳට වැඩ කළොත් ඔයාගේ පුටුව රැකෙනවා ;)

    ReplyDelete
  9. මල්ලියෝ මේ link එකට පොඩ්ඩක් ගිහින් බලන්නකො....

    http://jayegenawathena.blogspot.com/2010/11/blog-post.html

    මල්ලී ඔයා කියන්නේ part time කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල ක ඉගෙන ගත්තැකි කියලනෙ....

    ඔවට ගෙවන්න ඇති තරම් පඩියක් ලබෙන්නෙ මොන part time වලින්ද කියල මට පොඩ්ඩක් කියනවද? මොකද මමත් බොහොම දුප්පත් මමත් හොයනව එකක්

    ඔයා ඔය කතා කියන්නෙ S.B.ගේ පිඟන් හෝදන කතාව හින්දද...?

    ReplyDelete
  10. එස්. බී ග්වි පිඟන් හෝදන කතාවනම් මම දන්නේ නෑ ඇත්තටම. ඔයා දීපු බ්ලොග් එකේ රැකියා විරහිත උපාධිධාරීන් ගැන ගොඩාක් කියලා තියනවා. කාට හරි කියන්න පුළුවන්ද රැකියා විරහිත උපාධිධාරීන් ගොඩේ ඉන්න ඉංජිනේරු, වෛද්‍ය උපාධිධාරීන්ගේ ගණන කීයද කියලා. ඔය රැකියා විරහිත උපාධිධාරීන් ගොඩේ ඉන්න ඔක්කෝමලා වගේ කලා උපාධිධාරීන්. ඒ ක්ෂේත්‍රයට ඉල්ලුම අඩුයි සැපයුම වැඩියි. අක්කා/ අයියා දන්නවාද ලෝකේ වැඩියෙන්ම ආදායම් ලබන ව්‍යාපාර දෙක. 1. අවි ආයුධ 2 අධ්‍යාපනය ඉතිං අපේ රටයන ලමයින්ගේ සල්ලි ටික අපේ රටේම තියාගන්න පුළුවන් නේද පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බානම්.
    ඒ වගේම ඔය කලා උපාධි කරන අයට කීයක් හරි වියදම් කරලා අද ලෝකේ හොඳ ඉල්ලුමක් තියන ක්ෂේත්‍රයකට අදාල උපාධියක් කරන්නත් තිබ්බා

    ReplyDelete
  11. ඔයා කැමතිනෙ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවනම්. IT's ok. ඔය කැමතිනම් අපේ forum එකක් තියෙනවා ඔය ගැන ඒකට join වෙන්න පුලුවන්. uomunity@gmail.com එකට mail එකක් දාන්න.

    ReplyDelete
  12. පෞද්ගලික විශ්වවිද්‍යාල කතාව මගේ ලිපියේ එක පොඩි පරිච්ඡේදයක් නේ. එ මගේ අදහස. ඉතිං මම ඒ කාරණේ ගැන දීර්ඝ වශයෙන් කතාකරන්න එතරම් කැමැත්තක් නෑ. කොහොම උනත් ඔයා දීපු E-mail ලිපිනය කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේ ඉගන ගන්න මගේ යාලුවෙක්ට දුන්නා. එයා සමහර විට ඒවි forum එකට. :)

    ReplyDelete
  13. meke lepeya ha ohu dun pelithuru hari keyala math keyanawa. oya weshwaweddayle yana aye karanne jvp yata kade yana eka wetharai. egena ganne na. balanne jaffna, bati, trenco wala me prashna na.senahalaya hadanne ba. unge pandethakama wetharai. lepeyata thanks

    ReplyDelete
  14. petaratesetaleyame mage rata gana : මේ ලිපිය අවුරුද්දකටත් වඩා පරණයි කියලා දැක්කද? වර්ථමාන දේශපාලනය ගැන මගේ අදහස දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා! හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මගේ මතය තාමත් ඒකමයි. හැම සිංහලයම නෙමෙයි මෝඩ සිංහලයෝ කීප දෙනෙක් තමයි ඉන්නේ. වෙලා තියෙන්නේ ඒ කට්ටිය සේරටම හරියන්න මෝඩකම් ප්‍රදර්ශනය කරනවා.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...