Friday, November 19, 2010

ඔබව අතැර ගිය මා ලඟම ඇයි කඳුලු තවම?


සිහිල් පවන් රොදක් යැයි සිතා ආදරේ කළ නමුත්
චණ්ඩ මාරුතයක් යැයි දැනී අතැර ගියමුත්
සිහිල් පවනට ආදරේ කළ කාලය සිහිවෙයි තවත්
ඔබව අතැර ගියේ මා වුවද
ඇයි කඳුලැල් ඉතිරි වී මගේ දෑසේ තවත්

පරිගණකය දකිද්දී මැවෙන්නේ ඔබේ රුවයි
දුරකතනය වදිද්දී ඇසෙන්නේ ඔබේ හඩයි
ඔබව අතැර ගිය මා ලඟම ඇයි කඳුලු තවම
එදවස සොඳුරු මතකයන් නිසාද ඒ
චණ්ඩ මාරුත්යක් වී ඔබ
මගේ විශ්වාසයට කරපු විනාශය
අනේ ඔබ සැමදා සිහිල් පවන් රොදක් වී උන්නානම්........

2 comments:

  1. “පරිගණකය දකිද්දී මැවෙන්නේ ඔබේ රුවයි“
    කාලයක් මට නොතිබුණත්
    “දුරකතනය වදිද්දී ඇසෙන්නේ ඔබේ හඩයි“
    කාලයකි මේ මට.
    (මොකද මගේ එක්කෙනට මම කථා කරන්නෙ දුරකතනය හරහ විතරයි)
    “අනේ ඔබ සැමදා සිහිල් පවන් රොදක් වී“ ඉන්න........
    කියල මම පැතුවත් සැමදා....
    “චණ්ඩ මාරුත්යක් වී“
    යන්න නම් එපා කවදාවත්...

    Internet එක තමයි මම හිතන විදියට නම් කෙල්ලන්ගෙ ඔළු අවුල් කරන්නෙ....

    ReplyDelete
  2. @nextstepcherub: ඉන්ටර්නෙට් කෙසේ වෙනත් මූණුපොත නම් කෙල්ලන්ව නරක් කරනවා. කෙල්ලො දන්නේ නෑ ඒක හරියට පාවිච්චි කරන්න.:D

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...